අපේ සංස්කෘතිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
ගීත රූප රචනා හරහා නිතර දකින නිසඳ කාරියවසම් අද ‘සාරවිට’ තරු කතා බහා සමගින් අපි හා සම්බන්ධ වුණේමු. වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරන ඇය කාලයකට සිට නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධව සිටින්නීයකි. මේ නිසඳිගේ අලුත්ම තොරතුරය.
නිසඳි කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිණියක්ද?
නිරූපිකාවක්. ඉඩ ලැබෙන විදිහඑට රංගන කටයුතුවලත් නිතර වෙනවා. ගොඩක්ම කරන්නේ ගීත රූප රචනාවලට පෙනි ඉන්න තමා.
ගීත රූප රචනාවල නම් නිතරම ඔබව දකිනවා?
ඔව්. පසුගිය දිනවලත් ගීත රූප රචනා කිහිපයකටම දායක වුණා. ‘හාදුවට මාලිගය’ කියලා. අලුත් ගායකයෙක් ඒක ගායනා කරන්නේ. තව ගීත රූප රචනාවක් නිකුත් වෙන්න තියෙනවා ‘ගිනියම් රෑට’ කියලා.
නිරූපණ වැඩ කරන්න වෙලාව තියෙනවාද ඉතින්?
ඔව්, ඒවාටත් වෙලාව තියෙනවා. ගොඩඩකම් බ්‍රයිඩ්ල් ෂුට් තමයි කරන්නේ. පසුගිය දිනවලත් එවැනි වැඩ කිහිපයකටම මම දායක වුණා.
නිරූපිකාවක් විදිහට යම් යම් සීමාවන් තියෙනවාද ඔබට?
බ්‍රයිඩ්ල් ෂූට් කරනවා කියලා මම සීමා වෙලා නැහැ. ලැබෙන දේවල් මට ගැළපෙනවා කියලා හිතෙනවා නම් මම ඒ වැඩේ භාරගන්නවා. නිරූපිකාවක් විදිහට සීමාවන් පණවගෙන නැහැ මම. ඒක තිරණය වෙන්නේ අපි ජීවත් වෙන විදිහ අනුව තමා.
ලංකාවේ අද තියෙන නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
අද තියෙන නිරූපණ ක්ෂේත්රය ගැන කිව්වොත් හැම තැනම හතු පිපෙනවා වගේ නිරූපිකාවෝ ඉන්නවා. නිරූපණය ගැන දන්න නොදන්න හැමෝම පොටෝ ෂූට් කරනවා. ඒවා ‘ෆේස්බුක්’ දානවා. මම නම් දන්න විදිහට ඔය කියන තරම් ඉක්මණට නිරූපිකාවෝ වෙන්නෙ බැහැ. ඒකට යම් යම් හැදෑරීම් තියෙනවා කරන්න. ගොඩක් මහන්සි වෙන්නේ ඕනා. හැම දෙයක්ම දැනගෙන මේ ක්ෂේත්රයට එනවා නම් පැවැත්මක් තියෙනවා.
නිසඳි දායක වුණ ගී. රූප රචනාවක් ගැන පසුගිය කාලයේ ගොඩ දෙනෙක් කතා කළා?
උදේෂ් ආර්යයන්ගේ ‘සුරඟන රූ’ ගීතය.
ආයෙත් ඒ වගේ ගීත රූප රචනාවකට ඔබ දායක වෙනවාද?
නැහැ. ආයේ කවදාකවත් ඒ වගේ රූප රචනාවකට ආයෙත් මම දායක වෙන්නේ නැහැ. ඒ වගේ රූප රචනා ලංකාවට ගැළපෙන්නේ නැහැ. මිනිස්සු වෙනස් කරන්න හදන සංස්කෘතිය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.අපි කරන්නේ රංගනයක් විතරක් වුණාට මිනිස්සු එක දිහා බලන්නේ වෙනස් කෝණයකින්.
කලා ශිල්පිණීයක් වුණ ඒක ගැන?
ගොඩක් සතුටුයි. හැමෝටම ඒ වගේ කෙනෙක් වෙන්න බැහැ. දක්ෂතාවය වගේම වාසනාවත් තියෙන්න ඕනා.