අපේ රූපයත් හැමදාම මේ වගේ තියෙන්නෙ නැහැනේ
නිවේදිකාවක සහ නිරූපණ ශිල්පිනියක ලෙස කාලයක සිට ක්‍ෂේත්‍රය තුළ සිටින ඇය නිලක්ෂි තිලකරත්නය. බොහෝ වෙළෙඳ දැන්වීම ඔස්සේ ක්‍ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති ඇය මෙවර ‘සාරවිට’ කතාබහට මෙලෙස එක්වූවාය.
ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?
මගේ නම නිලක්ෂි තිලකරත්න. මගේ ගම නුවර නමුත් දැනට ඉන්නේ මහරගම.
ඔබ වෘත්තීය වශයෙන් මොනවාද කරන්නෙ?
නිරූපණ කටයුතු කරනවා. ඒ වගේම නිවේදන කටයුතු කරනවා.
ඒ සඳහා එකතු වෙන්නෙ කොච්චර කල් ඉඳලද?
නිරූපණ කටයුතුවලට එකතු වෙලා දැනට අවුරුදු 08ක් විතර වෙනවා. නිවේදන කටයුතු නම් මේ අවුරුද්දේ තමයි පටන් ගත්තෙ.
නිරූපණ කටයුතුවලින් ඔබ දායක වෙලා තියෙන වැඩකටයුතු මොනවාද?
මම ගොඩක් කරල තියෙන්නෙ ‘Bridal Modeling’. ඒ වගේම වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා.
ඒ මොනවද කියලා නම් වශයෙන් කියන්න පුළුවන්ද?
සමහන්, සමපෝෂ, ප්‍රීමා, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්, ඇන්කර්, එන්.ඩී.බී. බැංකුව, සී.ඩී.බී. බැංකුව, අඹේවෙල කිරි, ටියාරා කේක් වැනි තවත් ආයතන බොහොමයක වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා.
වෘත්තීය වශයෙන් තෝරගන්න කැමැති නිරූපණයද? නිවේදනයද?
ගොඩක්ම කැමැති නිරූපණයට තමයි. එයිනුත් Bridal Modelingවලට තමයි ගොඩක්ම කැමැති.
නිවේදන කටයුතුවල ආරම්භය සිදුවෙන්නේ කොහොමද?
පළමුවෙන්ම මම රූපවාහිනියේ ‘ෆැෂන් ඔෆ් ශ්‍රී ලංකා’ නමින් ෆැෂන් ෂෝ එකක් කළා. දැන් සිරිස රූපවාහිනියේ ‘කෝටියක් වටින් අදහසක්’ වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. පටිගත කිරීමේ කටයුතු පටන්ගෙන දැනට සතියක් පමණ වෙනවා. ලබන මාසයේ මුල සිට විකාශන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
නිවේදනයට ඔබේ තිබෙන කැමැත්ත මොන වගේද?
මුලදී නම් ටිකක් බයෙන් හිටියේ. නමුත් පළමුවැනි වැඩසටහන කළාට පස්සේ මගේ බය ඇරුණා. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. කතා කරන එක වගේම ඒ හැමදේම බැලන්ස් කරගෙන යනවා.
නිරූපණය හා නිවේදනය කියන්නේ වෘත්තීන් දෙකක්. කොහොමද මෙහි සමබරතාව රැකගන්නෙ?
නිවේදන කටයුතු පටන්ගත්ත නිසා මගේ නිරූපණ කටයුතු චුට්ටක් විතර මගහැරෙනවා. දැන් නිවේදන කටයුතුවලට මුල්තැන දෙන්න සිදුවෙලා තියෙනවා, තියෙන වැඩකටයුතු එක්ක. නමුත් කොහොමහරි බැලන්ස් කරගෙන යනවා.
නිරූපිකාවක ලෙස කටයුතු කරන්න පවුලේ අයගෙන් කැමැත්තක් ලැබුණද?
එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.
කාලයක් ක්‍ෂේත්‍ර‘යේ සිටි කෙනෙක් නිසා ක්‍ෂේත්‍රය ගැන දැනෙන්නේ මොන වගේ දෙයක්ද?
කලින් තිබුණට වැඩිය ඇත්තටම දැන් දියුණුවක් තියෙනවා. ඒක ඉදිරියටත් හොඳ විදියටම පැවතුනොත් හොඳයි කියලා හිතෙනවා.
අද ගොඩක් අය නිරූපණය කියන දේ විවේචනය කරනවා. ඒකටද ඔබ දියුණුව කියන්නෙ?
මම කරන්නේ ‘Styling Modeling’ කියන පැත්ත. මම හිතන්නේ නැහැ ඒ පැත්තට ගොඩක්ම ගැටලු තියෙනවා කියලා. මම හිතන්නේ ‘Fashion Modeling’ පැත්තට තියෙන ‘Costume’ සම්බන්ධ ගැටලු වෙන්න ඇති. නමුත් මම ඒ දේවල් ගැන ලොකු දෙයක් කියන්න කැමැති නැහැ. මොකද මම ඒ පැත්තට ගොඩක් සම්බන්ධ නැති නිසා. ඒවත් රටේ සංස්කෘතියට ගැළපෙන විදියට කරනවා නම්, හොඳයි කියලා මම හිතනවා.
රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?
ලැබිලා තියෙනවා. ලැබුණු ආරාධනාවල රූගත කිරීම් සිදුවෙන්නෙ කොළඹින් පිට. දුර ගැටලුව නිසාත් මගේ අනෙකුත් වැඩකටයුතු නිසාත් මම ඒ වැඩකටයුතු බාරගත්තෙ නැහැ.
ඔබ විවාහකයි. මේ වගේ ක්‍ෂේත්‍රයක වැඩ කිරීමේදී ඔබ දෙදෙනාගේ තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි නේද?
මගේ සැමියාත් මේ ක්‍ෂේත්‍ර‘යේ කෙනෙක් නිසා ලොකුවට බලපෑම් කරන්න දෙයක් නැහැ. එයා දන්නවා මේ ක්‍ෂේත්‍ර‘යේ වැඩකටයුතු පිළිබඳ. ඉතිං එයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා හැම වැඩකටම. මාව වැඩකටයුතුවලට උනන්දු කරවන්නේ එයා.
ඔබේ ඉදිරි ජීවිතයේ තිබෙන බලාපොරොත්තු මොනවාද?
නිවේදන කටයුතු සහ නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ කටයුතු සමග මම කැමැතියි රූපලාවණ්‍ය කටයුතුත් හදාරන්න. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ.
නිරූපණය හා නිවේදනයෙන් ඈත්වෙලාද ඒ දේ කරන්නේ?
හැමදාම අපට නිරූපණ කටයුතු කරන්න අමාරුයි. අලුත් අය ක්‍ෂේත්‍රයට එනවා. නිවේදන කටයුතු ඒ වගේමයි. අපේ රූපයත් හැමදාම මේ වගේ තියෙන්නෙ නැහැනේ. ඒ හේතුව නිසා ඇති කියලා හිතුණු දවසට මේ දේවල්වලින් ඉවත් වෙනවා. වෘත්තියක් විදියට ඉදිරියට ඒ ක්‍ෂේත්‍රය තෝරගන්න කැමැතියි.
ඔබ මේ ක්‍ෂේත්‍රය පිළිබඳ හැදෑරීම් කරලා තියෙනවාද?
රූපලාවණ්‍ය පිළිබඳව නම්, දැනටමත් හැදෑරීමක් කරනවා. නිවේදන කටයුතු සඳහා ‘සිරස ටීවී’ ආයතනයෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ලොකු මගපෙන්වීමක් ලැබෙනවා.
අතහිත දුන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ අයටත්, මට හැමදේකින්ම සහාය වුණු හැමදෙනාටමත් ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නෙ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද