අපේ රටේ ක්‍රමවත් දේශපාලනයක් නැහැ
"පාරා", "සුදු අඟරු" හා "පිනි" ටෙලි නාට්‍යය හරහා කතාබහට ලක්වූ යොවුන් රංගන ශිල්පිනි අයේෂා මධුෂානි මෑත කාලයේ කවුරුත් කතා කරන රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව අපි විමසා සිටියා. මේ ඇය අපිට ඊට ලබාදුන් ප්‍රතිචාර.
වර්තමානයේ ලංකාවේ පවතින දේශපාලනික තත්ත්වය ගැන ඔබ දරණ අදහස?
ලංකාවේ දේශපාලන ත්ත්තවය ඇත්තටම ශෝචනියයි කියන්න. ශ්‍රී ලංකීය ජනතාවගේ විශ්වාසය බිඳුණ වකවානුවක් මේක දේශපාලනය සම්බන්ධයෙන්. මම හිතන විදිහට මේ කාලවකවානුව තුළ අසාර්ථකම දේශපාලන පසුබිම තියෙන්නේ මේ කාලවකවානුවේ කිව්වොත් හරි.
දේශපාලනයට සුදුසු පුද්ගලයේ වර්තමානයේ සිටිනවාද?
ඇත්තටම මම ඒ ප්‍රශ්නයට මෙහෙම උත්තරයක් දෙන්නම්. අද දේශපාලනය කරන්නේ සුදුසු පුද්ගලයෝ නෙමෙයි. නුසුදුසු පුද්ගලයෝ. හැබැයි සුදුසු පුද්ගලයෝ සුළුතරයකුත් ඉන්නවා දකිනවා. හැබැයි ඒ සුදුසු සුළුතර පිරිස පාගගෙන ඉන්නේ නුසුදුසු පුද්ගලයෝ ටික. ඒ නිසා අපිට නිගමනයකට එන්න පුළුවන් වර්තමානයේ දේශපාලනය කරන්නේ නුසුදුසු පුද්ගලයෝ කියලා.
ඔබ දකින නිහතමානි, අවංක දේශපාලඥයා කවුද?
වර්තමාන පාර්ලිමේන්තුව තුළ ඇති අවංක නිහතමානි දේශපාලඥයෝ ඇති. නමුත්, හැබැයි අපිට මේ වෙලාවේ අවංකද, නිහතමානිකමද කියන එක නෙවෙයි වැදගත්, මේ රටට වැඩක් කරන්නේ කවුද, මේ රටට වෙලා තියෙන ව්‍යසනය ගැන කතා කරන්නේ කියන එකයි වැදගත්. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරු, මන්ත්‍රින් 225 අතරෙින් මම වර්තමානයේ දකින්නේ නැහැ එහෙම නිහතමානි දේශපාලඥයෙක්ව.
ලංකාවේ දේශපාලනය බොහෝ විට දෝලනය වෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් අතරේ. ඉරියේදී මෙහි වෙනසක් වෙයිද?
දශක කිහිපයක ඉඳලාම අපේ දේශපාලිනක තත්ත්වය වෙනස් විගෙන ආවා. නමුත්, බොහෝ වෙලාවට එය සිදුවුණේ ප්‍රධාන පක්ෂ දෙක අතර පමණයි. පක්ෂ කිහිපයක් තිබුණත් ප්‍රධාන පක්ෂ දෙක තමයි විටෙන් විට විටෙන් විට මේ රට පාලනය කළේ.
මේ ගෙවියන 2019 වසර වෙන කොට මේ ලංකාවේ දේශපාලනය ලොකු වෙනසක් වෙලා තියෙනවා. දුෂිත දේශපාලඥයින් නිසා සුළු පක්ෂවලට වැඩි දේශපාලන වාසියක් ඇති වෙලා තියෙනවා. හැබැයි අද තියෙන දේශපාලන පරිසරයත් එක්ක අපිට අවසානය වන තෙක් කියන්න බැහැ මොනවා වෙයිද කියන එක. මොකද, මහජනයාගේ මතය හා ඡන්දය තමයි මේ හැම දෙයක්ම වෙනස් වෙන්න හේතුව. ජනතාවගේ මතය කොයි මොහොතේ කොයි ආකාරයෙන් පෙරළෙයිද කියන්න බැහැ. වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය සැළකිල්ලට ගත්තොත් මගේ මතයක් තියෙනවා තුන් වෙනි බලවෙගයකට එන්න ලොකු ඉඩක් තියෙනවා කියලා.
ඉදිරි මැතිවරණවලින් වැඩි වාසියක් තියෙන්නේ කාටද?
ඒක දැන්ම අපිට නිගමනයකට එන්න බැහැ. ජනතාවගේ මතය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්.
අද රටේ ක්‍රමවත් දේශපාලන වතාවරණයක් තියෙනවාද?
ක්‍රමවත් දේශපාලනයක් වතාවරණයක් තියෙනවාද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ගමින් ගට ඇවිද්දා නම්. ක්‍රමවත් දේශපාලනයක් තිබුණා නම් අද අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නිකරුණේ විනාශ වෙන්නේ නැනේ. මගේ මතය නම් අද රටේ ක්‍රමවත් දේශපාලනයක් නැහැ. තිබ්බා නම් මෙහෙම අපිට වෙන්නෙත් නැනේ.