අපේ රටට අභිමානයක් ලබාදීමට හැකිවීම ගැන මට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-31-ent-03

2016 විවාහක රූ රැජින ලෙස කිරුළපලන් ශ්‍රී ලංකාව මේ රුවැත්තිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පසුගියදා MISS and MRS Vietnam Europe 2017 තරගයේ විනිශ්චයකාරිණියක් වශයෙන් ඉදිරිපත් වූ ඇගේ නිරූපණ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට "සාරවිට" සමග ඇය පුංචි කතාබහක නිරතවූවා.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න.

2017-05-31-ent-06මම රුක්ෂිකා ගමගේ. 2016 විවාහක රූ රැජින (Mrs Sri Lanka For Mrs World 2016) ලෙස තේරී පත්වුණා.

 

ඔබගේ පවුලේ විස්තර ගැනත් කියමු නේද?

මගේ Husband ගයාන් හෙට්ටිආරච්චි. මව, පියා ඇතුළුව සහෝදරියන් දෙදෙනෙක් මට ඉන්නවා.

 

රූ රැජිනක් වෙන්න පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණාද?

ඇත්තටම මේක මගේ මවගේ සිහිනයක්. මගේ අක්කා තරගයකින් ජයග්‍රහණය කිරීමත් සමග මගෙත් පුංචි හීනයක් තිබුණා රූ රැජිනක් වෙන්න තිබුණනම් කියලා.

 

Mrs Sri Lanka For Mrs World 2016 ලෙස ඔබ කිරුළු පැලැන්දුවා ඒගැනත් කියමු නේද?

R and V ආයතනයේ වාසනා දත්නනායාරයන මහත්මිය විසින් පැවැත්වූ විවාහක රූ රැජින තරගාවලියට මම සහභාගීවුණා. එම තරගාවලියේදී හොඳම 08 දෙනා අතරට එන්න අවස්ථාවක් ලැබුණා. ඉන් පසු කොරියාවේදී පැවැත්වුණු Mrs Sri Lanka For Mrs World 2016 තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීමට මට අවස්ථාව උදාවුණා.

 

එයට සහභාගීවීමට පිළිබඳව ඔබට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද?

ඒ සඳහා රටවල් 36ක තරගකාරිනියන් පිරිසක් සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වීමට ලැබීම ඇත්තෙන්ම ලොකු අත්දැකීමක් වුණා.

 

ඔබ රංගනයටත් දස්කම් දක්වනවා නේද?

මම මුලින්ම දායක වුණේ වේදිකා නාට්‍යවලට. ඒ ජයසේකර අපොන්සු මහතාගේ %පාතාලේ සොල්දාදුවෝ, තටු, කිරා^ යන වේදිකානාට්‍ය සඳහායි. ඉන්පසුව පත්මසිරි කොඩිකාරගේ %සොරි මැඩම්^ ටෙලි නාට්‍යටත් රංගනයෙන් දායක වුණා.

 

දැන් රංගන කටයුතුවලින් ඈත් වෙලාද?

මම වසර 4කට අධික කාලයක් ලංකාවෙ හිටියේ නැහැ. ලංකාවට ආවට පස්සේ තමයි රූ රැජින තරගයට සහභාගී වුණේ.

 

දායක වූ තරගය ගැන කතාකලොත්?

බර්මින්හැම්වල පැවැත්වූ MISS and MRS Vietnam Europe තරගයට සහභාගී වුණා. එහිදී Miss World තරගාවලියට සහභාගී වූ රටවල් 36න්, 06 ක් තෝරාගෙන විශේෂිත වූ කුසලතා සම්මාන පිරිනැමීමක් මෙහිදී සිදු කලා. ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස මටද එහිදී සම්මානයක් හිමිකර ගැනීමට  අවස්ථාව උදාවුණා. අප රටට අභිමානයක් ලබාදීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වෙනවා. මීට අමතරව මම එම තරගාවලියේ විනිශ්චයකාරිනියක් ලෙසත් කටයුතු කරනු ලැබුවා. එහිදී MRS Vietnam Europe 2017 ලෙස තේරූ පත්වූ තරඟකාරිණියට කිරුළ පැලැන්දූවේ මමයි.

 

මේ ආ ගමනේ ඔබට උදවු කළ පිරිස ගැනත් කියමු නේද?

මගේ Husband ඇතුළු පවුලේ හැම දෙනාම, මගේ පිටුපසින් හිඳ මට ලොකු සහයෝගයක් දුන්නා. විශේෂයෙන් අද මම රූ රැජිනක් ලෙස මේ තැන ඉන්නේ වාසනා දන්තනාරායන, රසික මිල්රෝයි සහ රොසෑන් ඩයස් යන මහත්ම මහත්මීන් නිසා.

ඒ වගේම විශේෂයෙන් මයිකල් විජේසූරිය මහත්මයා මට මුල සිටම ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඔහු වැනි ප්‍රවීණ කෙනෙක්ගෙන් ලැබුණු අවවාද සහ උපදෙස් මට ලොකු ශක්තියක් වුණා.

විශාරද මනෝජ් පීරිස් මහතා, හරීන්ද ලියනගේ, ඡායාරූප ශිල්පී ප්‍රිශාන් පණ්ඩිතගේ, දීපාල් ගෝමස්, ජනක කඳනාරච්චි, සුනෙත් නිදුරංගල, පරාක්‍රම දිමිත්‍රි, චාමි හේවාපතිරණ ඇතුළු මට උදව් උපකාර කළ සියලුම දෙනාවම මතක් කළ යුතුයි සහ ස්තූතිවන්ත විය යුතුයි.

 

සටහන - දිනිත් කණිෂ්ක / ඡායාරූප - කවිත් මිලින්ද

 

2017-05-31-ent-01 2017-05-31-ent-02  2017-05-31-ent-04 2017-05-31-ent-05