අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ ෆේස්බුක් ඔස්සේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-17-ent-96

වෙළෙඳ දැන්වීම ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි මේවනවිට රංගන ශිල්පිනියක් ලෙස ඇය ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබයි. නමින් ඇය හර්ෂි පත්මරත්න වන අතර, නිවේදිකාවක් වශයෙන් කටයුතු කරනු ලැබූහ. ක්ෂේත්‍ර කිහිපයකම දස්කම්පාන ඇය කලාව තුළින් ඉදිරිගමනක් යෑමයි ඇයගේ බලාපොරොත්තුව වන්නේ. ඒ පිළිබඳව කතාබහ කිරීමට ඇය අපත් සමග මෙලෙස එක්විය.

 

මේ දවස්වල වැඩ කටයුතු ගැන කිව්වොත්?2018-04-17-ent-98

මේ දවස්වල නම් මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම කිහිපයක වැඩකටයුතු කරා. ඊට අමතරව නිල්වලා ආයතනයෙන් ටෙලි නාට්‍යයකට ආරාධනා කරලා තියෙනවා.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට සහ රංගනයට පැමිණෙන්නේ කොයි කාලේද?

දැනට අවුරුදු 04ක් 05ක් විතර වෙනවා. වෙළෙඳ දැන්වීම හරහා තමයි ක්ෂේත්‍රය ආවේ. ඊටපස්සේ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. ඊට අමතරව ටෙලි නාට්‍යවලට සම්බන්ධ වු‍ණේ. මම වැඩ ගොඩක් එකදිගට බාර ගන්නේ නැහැ. මට හිතෙන ඒවා මම තෝරාගෙන කරනවා.

 

දායක වෙලා තියෙන නිර්මාණ ගැන මතක් කරොත්?

මම මුලින්ම දායක වුණේ මොබිටෙල් කෑෂ් බොනැන්සා වෙළෙඳ දැන්වීමට. එතනින් තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ. ඊට පස්සේ රොෂාන් ප්‍රනාන්දුගේ, වේරලියද්ද මහත්මාගේ සහ කිහිප දෙනෙකුගේ මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. මම සුජාතා ටෙලි නාට්‍යයට ඊට පස්සේ අවස්ථාව ලැබුණා. නමුත් මම වැඩිය ටෙලි නාට්‍ය කරේ නැහැ. නිල්වලා එකෙන් කතා කරපු ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. සිනමාව පැත්තෙන් මම %හැටහතර මායම්^ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.

 

"හැටහතර මායම්" චිත්‍රපටය ගැන ටිකක් කතා කරමු?

සුදේශ් වසන්ත මහත්මා මගේ ෆොටෝ එකක් එෆ් බී එකෙන් දැකලා මට කතා කරලා ඇහුවා එයාගේ අළුත් චිත්‍රපටයේ චරිතයක් රඟපාන්න කැමතිද කියලා. මම ඒ වෙනකොට එහෙම ලොකුවට නිර්මාණයකට දායක වෙලා තිබුණේ නැහැ. මමත් කැමතියි කිව්වා. ඊටපස්සේ සුනිල් ටී. මහත්මයත් හමුවෙලා ඒ දෙන්නගේම කැමැත්තෙන් මට චිත්‍රපටයට දායක වෙන්න අවස්ථාව ලැබුණා. මාව ගොඩක් අය අඳුනා ගත්තා ඒ චිත්‍රපටයෙන්.

 

සිනමාව සහ ටෙලි නාට්‍ය කියන දේ ඇයි තෝරාගෙන කරන්නේ?එකදිගට වැඩ කරාම ජනප්‍රියත්වය ලැබෙනවානේ?

එහෙම නෙවෙයි. ලැබෙන හැම වැඩේම කරන්න බැහැනේ. මගේ පෞද්ගලික වැඩත් කරන ගමන්, මගේ අධ්‍යාපන වැඩත් එක්ක තමයි මේ හැමදේම කරන්නේ. අනිත් එක තමයි එක දිගට වැඩ කරලා හැමතිස්සේම පේන්න මට උවමනා නැහැ. හොඳ වැඩකට සමබන්ධ වෙලා දිගටම ෆීල්ඩ් එකේ ඉන්න තමයි මට ඕනේ.

 

එතකොට මේ දේවල් කරන්නේ වෘත්තීමය වශයෙන් නෙවෙයිද?

දැනට මගේ වෘත්තීය රංගනය. ඉදිරියට සමහරවිට ඒක වෙනස් වෙයි. මගේම කියලා දෙයක් මම කරයි.

 

මේ ක්ෂේත්‍රයට ඇතුල් වෙලා දැන් යම් කාලයක් වෙනවා. මේ ක්ෂේත්‍රය ගැන තියෙන්නේ මොන වගේ මතයක්ද?

ඔව්. මට නවකයෙක් විදිහට ඉදිරියට යන්න යම් යම් අවස්ථා ලැබිලා තියෙනවා. ප්‍රවීණයන්ගෙන් ගොඩක් උදව් තියෙනවා. සුදේශ් මහත්මයාත් මට මෙතනට එන්න ගොඩක් උදව් කරා. ඒ වගේ අත දෙන්න ගොඩක් අය ඉන්නවා. ලැබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා.

 

ඕනෙම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න හැදෑරීම කියන දේ අත්‍යවශ්‍යයි. ඔබ රංගනය පිළිබඳ හදාරලා තියෙනවාද?

ඔව් මම මහේන්ද්‍ර සර් යටතේ රංගනය පිළිබඳව හදාරලා තියෙනවා. ඇත්තටම දෙයක් හදාරලා තියෙනවා නම් ඕනෑම ක්ෂේත්‍රයක වැඩ කරන්න පහසුයි. ඒක ලෙහෙසියි ඉදිරියට යන කෙනෙක්ගේ ගමනට.

 

නිවේදිකාවක් විදිහටත් වැඩ කරා නේද?

ඔව්, මම සිරස ටී. වී. එකේ උදෑසන වැඩසටහන් කිහිපයක් කරා. රාත්‍රී වැඩසටහනකුත් කරා. දැන් නම් මම සිරස ආයතනයේ නැහැ. නමුත් මට හොඳ අත්දැකීමක් වුණා ඒක.

 

දැන් එතකොට නිවේදනයට සමුදීලා ද තියෙන්නේ, නැත්නම් නිවේදනයට අකමැතීද?

අකමැතියි නෙවෙයි. මට ඒ කාලේදි කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසයි මම ඉවත් වුණේ. මොකද එතකොට වෙළෙඳ දැන්වීම් වැඩයි, අනිත් වැඩයි ගොඩ ගැහිලා තිබුණු නිසා ඒ දේවල් එක්ක මට වැඩ කරන්න අමාරු නිසයි මම අයින් වුණේ. හැබැයි මම නිවේදනය කියන දේට ගොඩක් ආස දෙයක් සහ ඒකට මම ගොඩක් කැමතියි.

 

නිරූපිකාවකට හෝ රංගන ශිල්පියෙකුට වෙළෙඳ දැන්වීම කියන කාරණාව ගොඩක් වටිනවා. මූළ්‍යමය වටිනාකමක් තියෙන්නේ ඒ දේවල් වල පමණද?

මෙහෙමයි, හැමදේටම වටිනාකමක් තමන් විසින්ම හදා ගන්න ඕනා. මම වැඩක් කරද්දි මගේ යම්කිසි ගාණක් තියෙනවා. ඒ ගාණට කැමති වුනොත් විතරයි මම ඒ වැඩේ කරන්නේ. අද වෙනකන් මගේ ගාණ මට හරියාකාරව ලැබුණා. එහෙම ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් මට තවම සිදුවුණේ නැහැ.

 

අද වෙද්දි එතකොට කලාව තුළදී ඒ පුද්ගලයාට හරි වටිනාකමක් තියෙනවාද?

ඇත්තටම අද රංගනයෙන් ජීවත් වෙන්න හරි අමාරුයි. තමන්ට දෙයක් කරගන්න අමාරුයි. හැබැයි මට තවම මුදල් තත්වයෙන් හිඟයක් ඇති වෙලා නැහැ. සමහර අය නම් කියනවා රඟපාලා ජීවත් වෙන්න බැහැ කියලා. ඒත් මට නම් මේ ලැබෙන ගාණ ඇති.

 

අද වෙද්දි සමාජ මාධ්‍ය කියන දේ හොඳට සහ නරකට යොමු කරනවා. මේ සමාජ මාධ්‍ය කියන දේ ගැන ඔබේ මතය මොකද්ද?

ෆේස්බුක් කියන දේ අපිට ඕනේ. අපිව ජනප්‍රිය වෙලා තියෙන්නේ ෆේස්බුක් ඔස්සේ. සමහර අය ඉන්නවා එයාලා මොඩ්ලස්ලා නෙවෙයි. ඒත් එයාලත් ජනප්‍රියයි ෆේස්බුක් එකේ. ඒකේ හොඳ පැත්තක් තියෙනවා. කට්ටිය අඳුන ගන්න ලැබෙනවා. අපිට චාන්ස් ලැබෙනවා. හොඳ දේවල්වලටම පාවිච්චි කරොත් සමාජ මාධ්‍ය අපිට වටිනවා.

 

ඉදිරි කටයුතු ගැන කතා කරමු?

මියුසික් වීඩියෝ සහ කමර්ෂල්වලට කතා කරලා තියෙනවා. ඒවා දිනපතාම වගේ කරනවා. ඊට අමතරව නිල්වලා එකෙන් කරන ටෙලි නාට්‍යට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ජීවිතේ ලොකුම බලාපොරොත්තුවක් තියෙනවාද?

තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න එක තමයි.

 

අවසාන වශයෙන් උදව් කරපු අය ගැන මතක් කරමු?

සුදේශ් වසන්ත පීරිස් මහත්මා, සුනිල් ටී. මහත්මා. ඒ වගේම ලලිත් වසන්ත මහත්මා, එතකොට නිල්වලා අධිපති උපුල් ජයසිංහ මහත්මා. ඒ වගේම අනිල් මල්ලවආරච්චි. මේ හැමෝටම මම ස්තූතියි කරනවා.

 

Hair & Makeup - Chenaka Weerasekara (Salon @)

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2018-04-17-ent-93 2018-04-17-ent-94 2018-04-17-ent-95  2018-04-17-ent-97  2018-04-17-ent-99