අපිත් ආසයි අලුත් අය ඇවිත් මේ ක්ෂේත්රයේ හොඳ වැඩ කරනවාට
කලක් නිරූපණ ක්ෂ්ත්‍රයෙන් ඈත් වෙලා හිටිය ජයනි නැවතත් එම ක්ෂේත්රයට පිවසීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. ඒ පිළිබඳව ඇය සාරවිට සමග කතාබහට එකතු වුණේ මේ විදියට.
ජයනි අපිට ඔයා ගැන ටිකක් කියන්නකෝ?
මම ජයනි අලහප්පෙරුම. මට වයස අවුරුදු 23යි. මම ඉගෙන ගත්තේ මියුසියස් විද්‍යාලයේ. දැනට මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මම නිරූපණය ගැන හදාරලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය 03කට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ෆොටෝ ෂූට් කරනවා. නමුත් පසුගිව කාලෙ නම් ටිකක් ඒ ක්ෂේත්රවලින් ඈත් වෙලා හිටියේය. මොකද මම කරන රැකියාව එක්ක එය බැලන්ස් කර ගන්න අමාරු නිසා. නමුත් ආයෙත් ඒ පැත්තට යොමු වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔයා නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලේදිද?
2013දී, එතකොට මම පාසලෙන් ඉවත් වුණා පමණයි.
නිරූපණයෙන් ඉවත් වුණේ කාර්යබහුලත්වය නිසාද?
ඔව්.මම කලින් ටීචින් කළේ. මට ටීචින් ඩිග්රියක් තියෙනවා. ඒ කාලේ මේ දේවල් කර ගන්න නිදහස තිබුණා. එතකොට පුහුණු කාලය නිසා. දැන් ෆුල් ටයිම් වැඩ කරන නිසා අමාරුයි. නමුත් දැන් ටිකක් බැලන්ස් කර ගන්න පුළුවන්.
දැනට නිරූපණය පැත්තෙන් දායක වුණු නිර්මාණ ගැන කතා කළොත්?
මම දැනට ටෙලි නට්‍ය 03කට දායක වෙලා තියෙනවා. ෆොටෝ ෂූට් කළා, බ්‍රයිඩල්, කැෂුවල් ෂූට් කරා.එතකොට ජෙසා වගේ ෆැෂන් ගාමන්ට් වල ඉවෙන්ට් කරා. පේපර් ෂීට් කියලා ඔන්ලයින් ෂොපින් මාර්කට් එකක මේන් මොඩ්ල් විදියට වැඩ කළා. ඒ වගේම මම මියුසික් වීඩියෝ කිහිපයක හිටියා.
රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?
මම "ෆේස්බුක්" නාට්‍යයේ හිටියා. ඒකේ එපිසෝඩ් ගොඩක හිටියා. තව "තාත්තේ අපි ආවා" එකේ අන්තිම එපිසෝඩ් වල හිටියා. මම ටෙලි නාට්‍යවලට වැඩිය කමැති නෑ.මොකද එතකොට ෆුල් ටයිම් ඒකට කැප වෙන්න වෙනවා. එතකොට මම ඉසුරු වීරසිංහ මුදලි ළඟ වැඩ කරා. ප්‍රසන්ටින් කරා.
එතකොට නිවේදනය ගැන කතා කළොත්?
මම සියතේ ප්‍රෝග්‍රෑම් කරා. ඉසුරු වීරසිංහ මුදලි ළඟ තමයි ප්‍රසන්ටින් කළේ. 2014 වගේ ඒ කරේ.
හරි, මේ දේවල් වලින් කැමතිම මොනවටද?
නිරූපණයට තමයි කැමති.
නිරූපණ ක්ෂේත්රයේ තරගයක් නැද්ද?
තරගකාරීත්වයක් තියෙනවා. හරි විදියට ඉගෙන ගෙන හොඳ ගමනක් යන්න පුළුවන් මේකෙන්. අලුත් අය ඉන්නවා. අපිත් ආසයි අලුත් අය ඇවිත් මේ ක්ෂේත්රයේ හොඳ වැඩ කරනවාට.
ජයනි නිරූපණය හදාරලද තියෙන්නේ?
ඔව්, මම හදාරලා තියෙන්නේ.ඉසුරු වීරසිංහ මහත්මා ගොඩක් උදවු කළා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඇදුම් ඩිසයිනින් එකක්. ඒවත් එක්ක නිරූපණ වැඩත් කරන්න බලාපොරොත්තු වෙනවා.
අවසාන වශයෙන් උදව් කරපු අය ගැන මතක් කළොත්?
මගේ පවුලේ අයයි, එතකොට ඉසුරු වීරසිංහ මුදලි, මගේ හොඳම යාළුවා,එයාලව මේ මොහොතේ මතක් කරනවා.