අපිට සෝෂල් මීඩියාවල කට්ටියගේ මතය නවත්වන්න බැහැ
නවක නිරූපණ ශිල්පිනියක් වන සචිනි නිමේෂිකා අප මෙවර සාරවිට කතාබහෙන් ඉඩක් වෙන් කිරීමට සිතුවා. ඇය තවමත් අධ්‍යාපනය හදාරමින් සිටිනවා. ඒ වගේම ඇය අනාගතයේදී නීති ක්ෂේත්රයට සමබන්ධ වීමට සූදානමකින් සිටිනවා. ඉතින් සචිනි අපට කතා කළේ මේ විදිහටයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ සචිනි නිමේෂිකා. දැනට උසස් පෙළ ලියලා නීති ප්‍රවේශය සඳහා ඩිප්ලෝමාවක් හදාරමින් ඉන්නවා. ඊට අමතරව නිරූපණයටත් සම්බන්ධ වෙලා ඉන්නවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මගේ යාළුවෙක් හරහා තමයි නිරූපණයට සම්බන්ධ වෙන්නේ. මම වැඩියෙන්ම කරන්නේ බ්‍රයිඩ්ල් ෂූට් තමයි. කැෂුවල් ෂූට්වලටත් දායක වෙනවා. මියුසික් වීඩියෝ කිහිපයකටත් සම්බන්ධ වෙලා තිබෙනවා.
නීති ක්ෂේත්රය පැත්තෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?
ඔව්. මම ආසයි ඒ පැත්තට සම්බන්ධ වෙන්න.
නිරූපණයට ගෙදිරින් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා හැමදේකටම පස්සෙන් ඉන්නවා. වැඩවලට සම්බන්ධ වෙන්න කලින් එයාලත් හොයලා බලනවා ඒ ගැන. ඉතින් ගැටළුවක් නැතුව මට වැඩ කරගෙන යන්න පුළුවන්.
නිරූපණය නිසා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නැද්ද?
නැහැ. මම ඒ හැමදේම සමබරව කරගෙන යනවා. මගේ යාළුවෝ මට ගොඩක් උදව් කළා.
නිරූපණයත් සමග සමාජ මාධ්‍යයත් සම්බන්ධ වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ගැන මොකද්ද ඔයා දරන මතය?
මෙහෙමයි. අපිට සෝෂල් මීඩියාවල කට්ටියගේ මතය නවත්වන්න බැහැ. තමන් හරියට ඉන්නවා නම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හරියට ඕනෑම තැනක හිටියොත් කටකතා හදන්න බැහැ කාටවත්.
නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ ගැන හදාරන එක වැදගත් නේද?
ඇත්තටම ඔව්. මම පියවරෙන් පියවර ඉස්සරහට යනවා. ගොඩක් දේවල් තියෙනවා මට නිරූපණය ගැන ඉගෙනගන්න. ඒවා එකින් එක හෙමීට ඉගෙනගන්නවා.
පැජන්ට්වලට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා හොඳ පැජන්ට් එකකට සම්බන්ධ වෙන්න.
සචිනි ෆැෂන් කරන්න කැමැතිද?
ඔව්. මම ෆැෂන් කරනවා.
ඔබේ ෆැෂන් ගැන කිව්වොත්?
එන එන හැම ෆැෂන් එකක්ම කරන්නේ නැහැ. මට ගැලපෙන, ලස්සන ෆැෂන් මම තෝරාගන්නවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
නිරූපණ ක්ෂේත්රයෙන් හොඳ විදිහට ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මගේ අධ්‍යාපන කටයුතුවලිනුත් ඉස්සරහටම යනවා.
නිරූපණයේදී උදව් කරපු අය ගැන කිව්වොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ මාව නිරූපණයට සම්බන්ධ කරපු මගේ යාළුවාව. ඊටපස්සේ මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ හැම දෙනාවම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද