අපි හොඳනම් කොතනත් අපට තියෙන පිළිගැනීම හොඳයි
මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘අග්නි පියාපත්’ ටෙලි නාට්‍යය තුළ දකින නිලූ විතානගේ කලා ක්ෂේත්රයට නවකයෙකි. එහෙත්, මේ වනවිට වේදිකවටද සම්බන්ධ වී සිටින ඇය රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ දරමින් සිටින රංගන ශිල්පිනියකි. අද ‘සාරවිට’ තරු කතාබහ දිගහැරෙන්නේ නිලූ සමගය.
නිලූ කලා ක්ෂේත්රයට පිවිසුණේ කොහොමද?
කලාවට සම්බන්ධ වෙලා නම් මම ලොකු කාලයක් නැහැ. කොටින්ම කිව්වොත් මම මේ ක්ෂේත්රයට තවමත් ආධුනිකයෙක්.
කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණාද?
ඔව්, මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් නෙවෙයි. මම පොඩි කාලෙ ඉඳලම කලාවට ගොඩක් ආස කෙනෙක්. මම පාසල් යන කාළේ වේදිකා නාට්‍යයවලට එහෙම සම්බන්ධ වුණා. ඒ වගේම නර්තනය විෂයක් විදිහටත් හැදෑරුවා. පාසල් යන කාලේ නර්තනය පැත්තෙන් සමස්ත ලංකා තරග වලට පවා ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා.
නවකයෙක් විදිහට කලා ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
එහෙම කලා ක්ෂේත්රය ගැන මට ලොකු අත්දැකීමක් නම් තවම නෑ. මම හිතන්නෙ කලාව කියන්නෙ දෙවියන්ගෙන් අපට ලැබෙන ආශිර්වාදයක් කියලයි. අපට සුදුසු දේ කුමක්ද කියල තෝරා බේරාගෙන දක්ෂකමින් සහභාගි වුණොත් මෙහි සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
දැනට නිලු දායක වුණ නිර්මාණ මොනවද?
මම මුලින්ම රංගනයෙන් දායක වුණේ දෙරණ නාලිකාවේ විකාශය වුණ පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයේ. පසුව අහස්මාලිගා වගේම මේ දිනවල රූගත කිරීම් කරන අග්නි පියාපත් නාට්‍යය තුළත් මා පෙනී ඉන්නවා. සැන්ඩො හැරිස් මහත්මයාගේ සාර්ජන්ට්ගේ නැන්දම්මා, ට්‍රැෆික් සාජන්ට් වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය දායක වුණේ මම. ගීත රූප රචනා වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් දැනට රංගනයෙන් මම දායක වෙලා තියෙනවා. ඉදිරියෙදි රූගත කිරීමට නියමිත ටෙලි නාට්‍යය හා කෙටි චිත්‍රපට කිහිපයකටත් සම්බන්ධ වෙන්න මට දැනට ආරාධනා ලැබිලා තියෙනවා. මට ගැළපෙන සුදුසු නිර්මාණ තෝරගෙන රඟපාන්නයි මට අවශ්‍යය.
කලාකාරිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?
මම මුලින්ම කිව්වා වගේ කලාව කියන්නෙ දෙවියන්ගෙ ආශිර්වාදයක්. හොඳ කෙනාට මම හිතන්නෙ ඇත්තටම හොඳ තැනක් තියෙනවා. අපි හොඳනම් කොතනත් අපට තියෙන පිළිගැනීම හොඳයි.
මේක වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තිය වැඩ කරනවාද?
මම දැනට රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටද කටයුතු කරනවා. ඒ වගේම පාසල් දරුවන්ට නර්තනය පිළිබඳව උගන්වනවා.
දිගටම කලාවේ රැඳෙන්නද අදහස?
යහපත් හොඳ චරිතයක් තියාගෙන මගේ දක්ෂකමත් සමග මට පුළුවන් කාලයක් මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා.
උදව් කරපු අය?
මුලින්ම මම ස්තූති වන්ත වෙන්න ඕන මගේ අම්මිටයි තාත්තිටයි. පොඩි කාලෙ ඉදන්ම මගෙ දක්ෂතා තේරුම් ගෙන මට මේ ගමන යන්න මාර්ගය සකසලා දුන්නට. මගේ දක්ෂතා තවදුරටත් ඔප්නංවා ගන්න මට උදව් වුණා සද්ධාමංගල සූරියබන්ඩාර සර්, චේතනී විජේතුංග මිස්, මංජුල කෝනාර, ප්‍රසන්න මහගමගේ සර් වගේම දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක් වගේම සටන් අධ්‍යක්ෂකවරයෙක් වන සැන්ඩො හැරිස්, සුමේධ ආලෝක, කැමරාශිල්පී සුරන්ජිත් ජානක මගේ මුල්ම නාට්‍යයේ අධ්‍යක්ෂනය කළ දිලුක ගුණතිලක මහතා සහ මේ දිනවල විකාශය වන අග්නි පියාපත් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සිවගුරුනාදන් මහතා සහය අධ්‍යක්ෂක අමිල ප්‍රේමරත්න ඇතුළු කාර්ය මණ්ඩලය වගේම මාත් සමග රංගනයෙන් දායක වන ප්‍රවීණ සහ නවක රංගන ශිල්ප ශිල්පීන් ආදරයෙන් මතක් කල යුතුයි. ඒ වගේම මට මේ ගමන යන්න ලොකූ සහයෝගයක් දෙන මගේ සැමිය ආදරයෙන් මතක් කල යුතුයි ඔහුගෙන් මට ලැබෙන අවසරය සහ ආශිර්වාදය මට ලොකූ අත්වැලක් වුණා මගේ මේ රංගන ජීවිතයට.
බුද්ධික සේනාධීර