අපි හොඳ විදිහට හිටියොත් ගොඩක් දුර යන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නුවර පැත්තේ නිරූපණ ශිල්පිනියකට අද අපි සාරවිට කතාබහට එකතු කරගන්න හිතුවා. ඇය තවම ක්ෂේත්‍රයට නවක ශිල්පිනියක්. ඇගේ නම රෂ්මි. රෂ්මි නිරූපණයෙන් වගේම ව්‍යාපාරිකාවක් විදිහට ඉස්සරහට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසාම ඇය සමග අපි පිළිසඳරක යෙදුණේ මේ විදිහටයි.

20200523Hot-(2)ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම රෂ්මි භාග්‍යා රන්දුණු. මගේ ගම නුවර. මගේ වයස අවුරුදු 19යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කොච්චර කලයක් වෙනවද?

දැනට අවුරුදු දෙකක් විතර වෙනවා.

ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඉන්දුමාලා රාජපක්ෂ සහ මංජුල හරස්ගම කියන දෙන්නා හරහා තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්නේ.

තවම අධ්‍යාපනය හදාරනවද?

බාහිර උපාධියක් හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

නිරූපණ ක්ෂේත්‍රයේ මොන පැත්තද නියෝජනය කරන්නේ?

බ්‍රයිඩ්ල් පැත්තට තමයි කැමති. ඉඳුනිල් සැලෝන් තමයි මාව මුලින්ම බ්‍රයිඩ්ල් කෙනෙක් විදිහට සරසවන්නේ.

නුවර ගෑණු ළමයෙක් හින්දද වැඩියෙන්ම බ්‍රයිඩ්ල් මොඩලින් කරන්නේ?

මම කැමතී බ්‍රයිඩ්ල් මොඩ්ලින්වලට. නුවර වීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

අපි හොඳ විදිහට හිටියොත් ගොඩක් දුර යන්න පුළුවන්. කටකතා හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒත් ක්ෂේත්‍රය ගොඩක් හොඳ තැනක්.

මුලදී ගෙදරින් බලපෑමක් ආවේ නැද්ද

මුල ඉඳලාම අම්මා ලොකු සහයෝගයක් දුන්නා. අප්පච්චි නම් මුල් කාලේදි ලොකු කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඒත් දැන් නම් දෙන්නම ලොකු සහයෝගයක් දෙනවා.

රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම තවම ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද තවම මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලත් නැති නිසා.

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඇත්තටම ඔවුන් විශාල සහයක් දෙනවා. මම හැමදෙනා සමගම සුහදව වැඩ කරනවනේ.

අනාගත බලාපොරොත්තු මොනවාද?

මම ව්‍යාපාරයක් කරනවා. ඒක දියුණු කරගෙන ඒ පැත්තෙන් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම අධ්‍යාපන කටයුතු කරන්නත් ඕනේ. නිරූපණයත් හැකි කාලයක් කරනවා.

උදව් කරේ කවුද?

මගේ අම්මා, අප්පච්චි, එතකොට මගේ පෙම්වතා දෙව්මිණවත්, එතකොට මගේ යාළුවෝ හැමදෙනාවත් මතක් කරනවා. 


කැළුම් දේවින්ද 
20200523Hot-(1) 20200523Hot-(3) 20200523Hot-(4)