අපි හොඳ දේවල් කළොත් අපිට බැණුම් අහන්න වෙන්නේ නැහැ
නිරූපණ ක්ෂේත්රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේ වනවිට ඇයට මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයකට දායක වෙන්න හැකියාව ලැබී තිබෙනවා. දැනට රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් නිසංසලා වැඩ කටයුතු කරගෙන යනවා. නිසංසලා සාරවිට කතාබහට එකතු වුණේ මේ විදිහටයි.
මගේ නම නිසංසලා මධුෂානි. මගේ පවුලේ මමයි අම්මයි තාත්තයි මල්ලි ඉන්නේ. නිරූපණයට ඇවිත් දැන් අවුරුදු හතරක් විතර වෙනවා. නිරූපණයට ඇවිත් තමයි මම රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ. 2016 ස්වර්ණ කුමරිය තරගය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. මුලින්ම බ්‍රයිඩ්ල් ෂෝස්වලට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ පේපර් කවර් කිහිපයකට හා මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න ලැබුණා. මේ වෙද්දි මියුසික් වීඩියෝ 40කට විතර දායක වෙන්න ලැබී තියෙනවා. මියුසික් වීඩියෝස් කරද්දි හැමදේම බාරගන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි කරන්නේ. එතකොට මම දැනට සැලෝන් එකක් කරගෙන යනවා.
නිසංසලා නිර්මාණ තෝරා බේරාගෙන කරනවා කිව්වා. ඒකට හේතුව මොකද්ද?
මම දැනට මියුසික් වීඩියෝස් 40ක් විතර කරලා තියෙනවා. මම වැඩකට කතා කරද්දි ඕඩියෝ එක මොකද්ද කියලා බලනවා. අඳින්න තියෙන කස්ටියුම් මොනවද කියලා බලනවා. ගොඩක් කොටට අඳින්නේ නැහැ. වීඩියෝ එකේ ස්ටෝරි එක බලලා තමයි බාර ගන්නෙත්. මොකද තේරුමක් නැති දෙයකට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. හොඳ රූප රචනාවක් ආවොත් විතරයි කරන්නේ. අනිත් එක තමයි අපි හැමදාම වගේ නිර්මාණවලට පෙනී හිටියොත් මිනිස්සුන්ට අපිව දැකලා දැකලාම එපා වෙනවානේ. ඊට වඩා කාලෙකට එක නිර්මාණයක් වගේ කළොත් අපිට හැමදාම මිනිස්සු අතරේ ඉන්න පුළුවන්.
රංගනයෙන් දායක වෙලා තියෙන්නේ මියුසික් වීඩියෝවලට විතරද?
මියුසික් වීඩියෝ තමයි ගොඩක්ම කරලා තියෙන්නේ. ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඒත් මම වැඩිය ටෙලි නාට්‍ය පැත්තට කැමැත්තක් නැහැ. ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි මම ටී.වී. කමර්ෂල් කරනවා. ටී. වී. කමර්ෂල් විශාල ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.
දායක වුණු නිර්මාණ ගැන ටිකක් කිව්වොත්?
ටී. වී. කමර්ෂල්වලින් නම් මුතුකරුප්පන් චෙට්ටියාර්, මංචි, කමර්ෂල් බෑන්ක්. සිංගර් ටීවී, එතකොට මියුසික් වීඩියෝ වලින් නම් ශෂිකා නිසංසලාගේ ‘වින්දේ නුඹයි’, ‘හැම හුස්ම ගානේ’. ‘ආයේ වතාවක්’, ‘මං තාම හොයනවා’, ‘නුඹද මා ගැන දන්නේ’, ‘රිදවන්නේ ඇයි මෙහෙම’, ‘ඔබ දුන්නු වේදනා’ වැනි ගීත වලට මම දායක වුණා. මට ගොඩක් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණේ චන්දන වල්පොල මියුසික් ඩිරෙක්ටර්ගෙන්. එයා මට ෆීල්ඩ් එකට එන්න ගොඩක් උදව් කරා. මාව ජනතාව අතරට ගියේ එයාගේ නිර්මාණ හරහායි. විශේෂයෙන්ම ස්ටූඩියෝ ශ්‍රී ප්‍රඩක්ෂන් ආයතනය මට ගොඩක් හොඳ නිර්මාණවලට කතා කළා. මම දැන් එයාලා සමග වැඩ කරන්නේ ඇග්රිමන්ට් හරහායි.
මේ ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු හතරක් වෙනවා කිව්වා. මේ කාලය තුළ දායක වූ නිර්මාණ ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්, ගොඩක් තෘප්තිමත්. මම පොඩි කාලයක් ඇතුළත ලොකු ගමනක් ආවා.
නිසංසලාගේ වෘත්තීය නිරූපණයද?
වෘත්තීය නිරූපණ ක්ෂේත්රය තමයි. ඊට අමතරව මගේ සැලෝන් එකත් කරගෙන යනවා. මම මේ දෙකම බැලන්ස් එකේ කරගෙන යනවා.
ගොඩක් නිරූපණ ශිල්පිනියන් පසුකාලීනව රූපලාවණ්‍ය ක්ෂේත්රයට පැමිණෙනවා. ඒ ඇයි?
ඔව්. මෙහෙමයි. අපිට මේ ක්ෂේත්රයේ රැඳිලා ඉන්න පුළුවන් කාලයක් තියෙනවානේ. ඒ නිසා අපිටම කියලා දෙයක් තියෙන එක හොඳයි. ඒ නිසා මගේම කියලා සැලෝන් එකක් පටන් ගත්තේ.
මේ ක්ෂේත්රයේදී ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ලැබෙන දායකත්වය කොහොමද?
ප්‍රවීණයෝ ගොඩක් උදව් කරනවා. මට එක ටෙලි නාට්‍යයක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලය තුළදී ප්‍රවීණයෝ මට ගොඩක් උදව් කළා. එයාලා ගොඩක් හොඳයි. හොඳට කතාබහ කරනවා. දන්නේ නැති දේවල් කියලා දෙනවා.
නවක නිරූපණ ශිල්පිනියෝ මේ නිරූපණ ක්ෂේත්රය විනාශ කරනවා කියලා සමහරු චෝදනා කරනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවාද?
මෙහෙමයි. ලංකාවේ සම්ප්රදායක් තියෙනවානේ. ඒ සම්ප්රදාය ඇතුළෙ හිරවෙලා තමයි අපිට වැඩ කරන්න ලැබෙන්නේ. අපි දෙයක් කළොත් අපේ දෙම්ව්පියෝ ඉස්සරහ ඒක බලන්න පුළුවන් වෙන්න ඕනෙනේ. ඒ කියන්නේ නිරූපණය කියන්නේ කොට ඇඳුම් ඇඳලා දඟලන එක නෙවෙයිනේ. මේකත් කලාවක්. අපි හොඳට හිතලා හොඳ දේවල් කළොත් අපිට මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න වෙන්නේ නැහැ.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
මට අලුත් වැඩ කිහිපයකට කතා කළා. නාමල් උඩුගම හා ජූඩ්ගේ ගීත ඉන් ප්‍රධානයි. ඒවා ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව කොමර්ෂල් කිහිපයකටත් දායක වෙන්න තියෙනවා. ඒ දේවල් එක්ක මගේ සැලෝන් එකේ වැඩත් කරගෙන යනවා.
අපි අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට උදව් කරපු අය ගැන?
මගේ අම්මායි තාත්තයි මතක් කරන්න ඕනේ. මම වැඩකට යද්දි අම්මා මාත් එක්ක එනවා. එතකොට කුසුම්සිරි ජයවීර සර්, එතකොට මොහොමඩ් ෂෙෆාන්, එතකොට මට මියුසික් වීඩියෝවලදි ගොඩක් උදව් කරා ළහිරු අයියා, එතකොට චමු ශ්‍රී, ඊටපස්සේ චන්දන වල්පොල අයියා, ස්ටූඩියෝ ශ්‍රී ආයතනය ඒ හැමදෙනාම මම මේ අවස්ථාවේදි මතක් කරනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද