අපි හැමකෙනාටම යම් කිසි මිලක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-15-ent-01

මේ දිනවල බොහෝ සිනමා ශාලාවල සාර්ථකව ප්‍රදර්ශනය වන හර්ෂ උඩකන්දගේ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ඔස්සේ මේනකා මධුවන්තිව දැක බලා ගැනීමේ හැකියාව තිබේ. පසුගිය කාලයේ නිර්මාණ ඔස්සේ දැක බලා ගැනීමට නොහැකි වූ ඇය මේවනවිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘රාජයෝගය’ ටෙලි නාට්‍යයේද රංගනයේ යෙදෙයි. ඉදිරියේදී සිනමා නිර්මාණ බොහෝමයකින් කල එළි බැසීමට සූදානම් වන ඇය තරු කතාබහට මෙලෙස එක්කර ගනු ලැබීය.

 

කාලෙකට පස්සේ චිත්‍රපටයකින් දකිනවා?2018-11-15-ent-08

ඔව්, මේ දවස් වල අතිසාර්ථකව හර්ෂ උඩකන්දගේ "කොළඹ සන්නිය" රීටන්ස් චිත්‍රපටය තිරගත වෙනවා. ඉතිං ඉස්සෙල්ලාම ස්තූති වන්ත වෙනවා හර්ෂ උඩකන්දට සහ එහි නිෂ්පාදක මණ්ඩලයට මාව මේ චිත්‍රපටය සඳහා තෝරගත්තාට. මොකද චිත්‍රපටයක් ප්‍රතිනිර්මාණයකදී එහි නිෂ්පාදකවරයාට සහ අධ්‍යක්ෂකවරයාට මෙන්ම එහි රඟපාන අයට ප්‍රශ්න ගොඩාක් එන්න පුළුවන්. නමුත් මම කියන්න කැමති මෙම චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් වුණාට මෙහි කතාව වෙනස්. අපි බයෙන් හිටියේ මේ නිර්මාණය රසිකයන් කොහොම බාර ගනීද කියන දෙයත් එක්ක බලද්දී. බොලිවුඩ් වල ඕන තමයි සිංදු සහ චිත්‍රපට ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් අද කාලේ අපේ ලංකාවේ අය ඒ දේ හොඳ දෙයක් වුණත් හෙළා දකින්න තමයි කැමති. කියන්න සතුටුයි චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

 

නිර්මාණ වලින් ඈත් වෙලා හිටියද?

ඇත්තම කියනවා නම් ටෙලි නිර්මාණ වලටයි සම්බන්ධ වුණේ නැත්තේ. හැබැයි මම පේන්න හිටපු නැති කාලේ චිත්‍රපට 05ක් රූගත කිරීම් කරලා තියෙනවා. හැමෝටම සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. හෙට්ට කුමාරසිරි මහත්මයාගේ "අනෝරා" කියන චිත්‍රපටය, උදේශ වසන්ත පීරිස් මහත්මයාගේ "නැති බැරි ටාසන්", අර්ජුන් කමලනාත්ගේ %කුනාටුවේ මාරයා^ චිත්‍රපටය එන්න තියෙනවා. ටෙලි නිර්මාණ තියෙනවා සම්බන්ධ වුණ ඒවා. ඒවා තාම විකාශය වුණේ නැහැ. හැබැයි මේ දවස් වල ITN එකේ ශිව ගරුනාදන් මහත්මයාගේ "රාජ යෝග්‍ය" කියන ටෙලි නාට්‍යයයේ රංගනයෙන් දායක වෙනවා.

 

වැඩිපුරම කැමති සිනමාවට වගේ?

පෞද්ගලිකව මම කැමති සිනමාවට. සමහර වෙලාවට ගොඩක් අය කියනවා ජනප්‍රිය වෙන්න පුළුවන් පුංචි තිරයේ හිටියොත් කියලා. හැමදාම ටෙලි විකාශනය වන දෙයක් නිසා රසිකයන්ගේ හදවත් වලට යන්න පුළුවන් කියලා. ඒ වුණත් මාව සිනමා නිළියක් ලෙස හඳුන්වනවාට තමයි මම වැඩිපුරම කැමති.

 

අද සිනමාවට තැනක් තියෙනවාද?

මෙහෙමයි. මේ කාරණාව සම්බන්ධයෙන් එක්කෙන්ට විතරක් දොස් කියන්න බැහැ. සමහර වෙලාවට මිනිස්සු අහනවා &මේ වගේ චිත්‍රපට වලටද සම්බන්ධ වෙන්නේ* කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ පුංචි තිරයේදී මම ඒකාකාරි චරිතයකට කොටු වුණා. හැමෝම මාව දකින්න ගත්තේ බටහිර පන්නයේ චරිත වලින්. මේ අවස්ථාවේ ස්තූති වන්ත වෙනවා චාමර සමරවික්‍රමට. මොකද ඔහු %රාජයෝග්‍ය^ කියන ටෙලි නාට්‍යයේ වෙනම චරිතයක් මට දුන්නා. අද සිනමාව ගැන කතාකලොත්, හොඳ නිර්මාණ වලට තැනක් නැහැ. සමහර වෙලාවට මිනිස්සු හොඳ නිර්මාණයක් වුණත් බාර ගන්න කැමැත්තක් නැහැ. එහෙම තත්ත්වයක් තමයි අද සිනමාවට උදා වෙලා තියෙන්නේ.

 

අද ප්‍රේක්ෂකයන් ටිකට් එකක් මිලදී ගෙන චිත්‍රපටයක් බලන්න කැමති නැහැ කියන මතේද ඔබ ඉන්නේ?

ඔව්, අද ප්‍රේක්ෂකයන් චිත්‍රපට බලන්න ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි, අද එන මොනම හෝ චිත්‍රපටයක් හොඳ හෝ වේවා නරක හෝ වේවා විවේචනය කරන්න කට්ටිය ඉන්නවා. ගමක ඉන්න මනුස්සයෙක් චිත්‍රපටයක් බැලුවත් කොළඹ 07 ඉන්න මනුස්සයෙක් ගිහින් චිත්‍රපටයක් බලයිද? එහෙම කිසිම කෙනෙක් නැහැ. අද මිනිස්සුන්ට ඕනේ හිත නිදහස් කරගන්න පුළුවන් චිත්‍රපට. ඒ කියන්නේ විකට චිත්‍රපට වගේ දේවල්. මොකද අද ගොඩක් අයට ආර්ථික, පවුල් පසුබිම් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා චිත්‍රපටයක් බලලා තවත් ඔළුවට ප්‍රශ්න දාගන්න කැමති නැහැ.

 

ඒ කියන්නේ වාණිජ චිත්‍රපට වලට මිනිස්සු කැමතියි කියන එකද?

මං කියන්නේ ඔව්, මම පෞද්ගලිකව ඒ දේ දන්නවා.

 

එවැනි චිත්‍රපට නිර්මාණය කලත් තිරගත කිරීමේ ගැටලු තියෙනවා නේද?

අනිවාර්යෙන් ඔව්. තිරගත කිරීමේ ගැටලු ගොඩක් තියෙනවා. අපිට උවමනා කරන චිත්‍රපට ශාලා තිබුණේ නැහැ. දැන් නම් මම ගොඩක් සතුටුයි. මොකද ස්කෝප් සිනමා ශාලා ඇවිත් තියෙනවා. ඒ දේවල් එක්ක ඉදිරියේදී සිනමාවට හොඳ තැනක් ලැබෙයි කියලා මම හිතනවා. අපෙන් ආර්ටිකල් එකක් ගද්දී හරි ඒ කෙනා අහන්නේ &කාලයක් පේන්න හිටියේ නැහැනේද?* කියලා. නැහැ අපි නිර්මාණ වලට දායක වෙලා තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ ඒක එළියට එන්න විදිහක් නැහැ. පුංචි තිරය ගත්තත් ප්‍රශ්න තියෙනවා. හැම ටයිම් බෙල්ට් එකකම හින්දි නාට්‍ය දාලා. ඒකෙන් සිංහල නාට්‍ය වලට හම්බවෙන්නේ බෙල්ට් 10යි 15යි නම්, ඒ ඇතුලත ලංකාවේ නළු නිළියෝ හැමෝම පෙන්වන්න පුළුවන්ද, ඒ අය බෙදිලා යනවා. මට පෞද්ගලිකව වැඩ තියෙනවා. නමුත් සමහර නාලිකා වලින් කිසිම හේතුවක් %බෑන්^ කරලා. මම දන්නේ නැහැ මොනාද හේතු කියලා. ඒවගේ ප්‍රශ්න තියෙනවා. ඒදේවල් එක්ක කලාව තුළ ඉස්සරහට යනවා කියන්නේ ලොකු දෙයක්.

 

රූපවාහිනි නාලිකා වලට සම්බන්ධ කරගන්නේ නළු නිළියන්ව තෝරා බේරාගෙනද?

ඔව් අනිවාර්යෙන්ම. සමහර නාලිකා වල ඉන්න අයගේ පෞද්ගලිකව දුක සැප විමසුවොත් විතරයි එයාට ඒ නාලිකාවේ අවස්ථාව ලැබෙන්නේ. මට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර වෙලාවට මගේ චිත්‍රපට ආවට පස්සේ එහි ප්‍රමෝෂන් වලට යන්න විදිහක් නැහැ. මම දන්නේ නැහැ ඒකට මොකක්ද හේතුව කියන දේ. මොකද මම කාටවත් වැරැද්දක් කරලා නැහැ. මට ඇඟිල්ලක් දික්කරන්න කාට හරි පුළුවන්නම් මම ඒදේයට උත්තර දෙනවා. සමහර නාලිකාවලට සමහර නළු නිළියන් ගොඩාක් හිතවත්. ඒ නළුවා හෝ නිළිය පෞද්ගලිකව වෙනත් කෙනෙක්ට කැමති නැත්නම් කියනවා, &මේ අරයව, මෙයාව නාලිකාවට ගන්න එපා, එයා මෙහෙමයි, අරයා මෙහෙමයි* කියලා. සමහර විට ඒ නාලිකාවේ පුද්ගලයා ඒ කෙනාව දන්නේවත් නැතුව ඇති. කුලියට තරහ වීමක් තමයි ඒ තියෙන්නේ.

 

පසුගිය දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයක් වුණා නේද?

ඔව්, ඒ මගේ ඩාන්සින් වීඩියෝ වගයක් නිසා. යූටියුබ් ජාලයේ ට්‍රෙන්ඩින් වලට එහෙම ආවා. මම වීඩියෝස් කරලා දැම්මා. මම ඒ දේවල් කරද්දී ලංකාවේ ලොකුවට ඒ දේවල් වලට තැනක් තිබුණේ නැහැ. හැබැයි විදෙස් රටවල ඒ දේවල් තිබ්බා. හැබැයි ඉතිං හැමදෙනාම ඒ දේ කරන්න ගත්තා. ඒ දවස්වල ටිකක් නිදහසේ හිටපු හින්දා ඩාන්සින් පැත්ත ගැන බලන්න පුළුවන් වුණා. නමුත් දැන් කාර්යය බහුලත්වය එක්ක ඒදේ මග හැරුණා.

 

අලුත් ව්‍යාපාරය ගැනත් කිව්වොත්?

කඩවත මගේම කියලා රූපලාවන්‍යගාරයක් පටන් ගත්තා. ඉතිං මං දැන් නිදහස ලැබෙන හැම වෙලාවේම මම කරන්නේ, මගේ අතින් කෙනෙක්ව ලස්සන කරන්න, හැඩ ගන්වන්න එකයි. දැන් නිදහස් වෙලාව ව්‍යාපාරයට යොදවනවා.

 

වෘත්තීමය නිළියක් වෙන්න බැරි නිසාද ව්‍යාපාරික පැත්තට යොමුවුණේ?

ඇත්තටම බැහැ. අපි හැමකෙනාටම යම් කිසි මිලක් තියෙනවා. අද ඒ ගානට, ඒ අගය කිරීමට ලක්වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් කාලයක් හිටියා මගේ ගාණ මේකයි කියලා. වෘත්තීමය නිළියක් වෙන්න බැහැ. කවුරුහරි කියනවා නම් මම ‘වෘත්තීමය නිළියක්’ කියලා මම දන්නේ නැහැ එහෙම කොහොම කියනවාද කියලා. මම පෞද්ගලිකව කැමතියි නිළියක් විදිහට වඩා මාව ව්‍යාපාරික කාන්තාවක් විදිහට හඳුන්වනවාට. ඉතිං ඒකයි මේ වගේ ව්‍යාපාරයකට යොමු වුණේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

ගොඩක් හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ගොඩක් ආසාවෙන් ඒ දේවල් වලට. ඒවා විකාශය වෙනකොට ඒ ගැන කියන්නම්. ඒවගේම මගේ දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව කඩවත තියෙන සැලොන් එක වැඩිදියුණු කරගෙන තවත් ශාඛා ව්‍යාප්ත කරන්නයි.

 

රසිකයන් වෙනුවෙන්?

අපි හැමෝටම පෞද්ගලික ජීවිත තියෙනවා. අපි කරන සමහර චරිතත් එක්ක මිනිස්සු ඒ විදිහට සන්සන්දනය කරන්න හදනවා. එහෙම හිතන්න එපා. නළුවෙක් හෝ නිළියක් විදිහට කරන්නේ අපි චරිතයක් විතරයි. අපි යම්කිසි චරිතයකට සාධාරණයක් ඉෂ්ඨ කරනවා මිසක් ඒ අපේ චරිත නෙමෙයි. අපිව දැන නොදැන විනිශ්චය කරන්න එපා. අපි සාමාන්‍ය මිනිස්සු කොට්ඨාශයක්. අපේ අතිනුත් වැරදි වෙනවා ඇති. ඒ නිසා දැන නොදැන කිසිම කෙනෙක්ව විනිශ්චය කරන්න එපා. මට මෙච්චර ආදරය කලාට ගොඩක් ස්තූති වෙනවා වගේම මගේ ඉදිරි නිර්මාණ වලටත් ආදරය කරන්න කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලනවා.

 

Dilan Chryshantha

ASHAN GAMAGE PHOTOGRAPHY

 

 2018-11-15-ent-02 2018-11-15-ent-03 2018-11-15-ent-04 2018-11-15-ent-05 2018-11-15-ent-06 2018-11-15-ent-07