අපි හරියට ඉන්නවා නම් කලා ක්ෂේත්‍රය හොඳයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි නෙත්මිණි මැණික්යාරත්න වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එයි. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන නෙත්මිණි ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට දැක ගත හැකි වේ. මේ ඇය සමග 'සාරවිට' අපි කළ කතා බහයි.

20200408Hot-1ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට?

ඔව්, මුලින්ම මම ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට. ගොඩක්ම කළේ මනාලියන් දැක්මවල්වලට සහභාගි වුණ එක තමයි. 2018 වසරේදී රංගන ශිල්පිනියක් ලෙස ටෙලි නාට්‍යයට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ මගේ පියාගේ මිතුරෙක් නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා.

කලාවට සම්බන්ධ වෙන හීනයක් තිබුණද ඔබට?

කැමැත්තක් ආසාවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. නමුත්, නිළියක් වෙනවා කියලා හීනයක් තිබුණේ නැහැ. රංගනය සම්බන්ධ වුණේ හිතපු නැති අවස්ථාවක බලාපොරොත්තු නොවුණ ආරාධනාවක් මත.

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

අපි හරියට ඉන්නවා නම් කලා ක්ෂේත්‍රය හොඳයි.

මේ දිනවල අපි ඔබව දකින්නේ?

ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන 'සුද්දේ' කියන ටෙලි නාට්‍යයෙන්. එහි ප්‍රධාන චරිතයක් මම නිරූපණය කරනවා. %සුද්දේ^ ටෙලි නාට්‍යයට අමතරව තවත් මා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යයක් ඉදිරියේදි විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

රංගන ශිල්පිනියකට අද තියෙන පිළිගැනීම කොහොමද?

ගොඩක් ඉහළ පිළිගැනීමක් තියෙනවා. මෑතකදී මම 'මොබිටෙල් කෑස් බොනැන්සා' වැඩසටහනකට සහභාගි වුණා. එහිදි මට දැනුණ දෙයක් තමයි අපිට මිනිස්සු කොපමණ ආදරය කරනවාද කියලා. ඒ වගේම ඔවුන්ගේ ලැබුණ පිළිගැනිම ඉතාමත් ඉහළයි.

20200408Hot-4

මේක ඔබගේ වෘත්තියද?

නැහැ. මම රැකියාවක නිතර වෙන අතරේ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. දැනට මම 'ආර්පිකෝ' ඉන්ෂුරන්ස් ආයතනයේ  ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරමින් සිටිනවා. කලාවට මම කැමතියි. හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒවා මගේ රැකියාවට බාධාවක් නොවන විදිහට භාරගෙන වැඩ කරනවා.

උදව් කළ පිරිසකුත් ඉන්නවාද?

මගේ පියාගේ මඟ පෙන්වීම යටතේ තමයි මම කලාවට සම්බන්ධ වුණේ. මගේ පියාටත් මවටත් මේ අවස්ථාවේදී මගේ පළමු කෘතවේදිත්වය පිරිනමන්න කැමතියි. ඔවුන්ට අමතරව මාව කලා ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්න  නිව්ටන් විදානපතිරණ මහත්මයාටත්, තිසුල දීප දඹවිට මහත්මයාටත් මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි.

බුද්ධික සේනාධීර

20200408Hot-2 20200408Hot-3