අපි වැඩක් කරද්දි අපි අඳින්න ඕනේ අපිට කියන ඇඳුමනේ
නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරි ගමනක් යෑමට බලාපොරොත්තු වන නවක නිරූපණ ශිල්පිනියක් තමයි නිකී කියන්නේ. නිකී මේ වනවිට ටී. වී. කමර්ෂල් කිහිපයක් සඳහා දායක වී තිබෙනවා. නවක නිරූපණ ශිල්පිනියක ලෙස මේ වන විට නිකී ක්ෂේත්රය තුළ ද නමක් දිනාගෙන තිබෙනවා. නිකී සාරවිට කතාබහට එකතු කරගත්තේ මේ විදිහට.
මගේ නම නිකී. මම නිරූපණ ශිල්පිනියක් විදිහට දැනට වැඩ කරනවා. ඒත් ෆුල් ටයිම් කරන්නේ නැහැ. ගොඩක්ම වැඩ කරන්නේ දන්න හඳුනන අයගේ වැඩ තමයි. ඊට අමතරව මම ඩිසයිනින් වැඩ කරනවා. සාරි වර්ක් කරනවා. ෆීල්ඩ් එක හා සම්බන්ධ හැමදේම වගේ කරනවා.
එතකොට ඔබ නිරූපණ ක්ෂේත්රයට පැමිණෙන්නේ කොයි කාලෙද?
මම නිරූපණයට එන්නේ 2014දි. ඒ රොසෑන් ඩයස් මහත්මියගේ පාඨමාලාව හරහා. එයා හඳුනන අයගේ වැඩ හරහා තමයි මම ක්ෂේත්රයට එන්නේ.
නිකී මේ වෙද්දි දායක වෙලා තියෙන වැඩ ගැන කිව්වොත්?
මම පැෂන් ෂෝ එකකට පැජන්ට් එකක් කරා. එතකොට පැෂන් ෂෝ, ෆොටෝ ෂූට්, මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ටී. වී.කමර්ෂල් කිහිපයකුත් කළා.
නිකී දායක වුණු මියුසික් වීඩියෝ ගැන ටිකක් කියමු?
මෙහෙමයි. ප්‍රධාන චරිත කරපු මියුසික් වීඩියෝ දෙකක් වගේ තමයි කරලා තියෙන්නේ. අනිත් ඒවා නම් සුළු චරිත.
අපි කියමු දායක වුණු ටී. වී. කමර්ෂල් ගැන?
AAT කමර්ෂල් එකක් කරා. ලයිෆ්බෝයි ආරක්ෂාචාරය කරා. වැඩිපුරම කළේ ලයිෆ්බෝයි.
නිකී වෘත්තීමය නිරූපණ ශිල්පිනියක විදිහට වැඩ කරන්නද කැමති?
ඔව්. ඒත් හැමදේම කරන්නේ නැහැ. බලමු ඉදිරියට කොහොමද කියලා. මේ ක්ෂේත්රය ටිකක් අමාරුයිනේ.
ඇයි ක්ෂේත්රය අමාරුයි කියන්නේ?
මෙහෙමයි. දැන් කොළඹ ක්‍රවුඩ් එකට මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් තිබුණට සමහර අයට මේ ක්ෂේත්රය ගැන ලොකු අවබෝධයක් නැහැනේ. එහෙම වුණාම හිත රිදෙන වෙලාවල් තියෙනවා.
නිකී නිර්මාණයකට දායක වෙද්දී නිර්මාණ තෝරා ගැනීමක් කරනවාද?
ඔව්. ගොඩක්ම කරන්නේ මම අඳුනන අයගේ වැඩ විතරයි.
නිරූපණ ක්ෂේත්රය ගැන සමහර අය බලන්නේ වැරදි විදිහටයි. එතකොට මේ ක්ෂේත්රය ගැන කලකිරීමක් ඇතිවෙන්නෙ නැද්ද?
ඔව්. සමහර අයගේ දැනුම අඩුයිනේ. ගොඩක් අය බලන විදිහ වැරදියි. අපි වැඩක් කරද්දි අපි අඳින්න ඕනේ ඒ ඩිසයිනර් අපිට කියන ඇඳුමනේ. ඒකේ කන්සෙප්ට් එකක් තියෙන නිසානේ අපිට කියන්නේ. අපි එයාට සාධාරණයක් කරන්න ඕනේ. එයා යන කන්සෙප්ට් එකෙන් පිට අපිට යන්න බැහැ. අපි දැන් වැඩකට කොට ඇඳුමක් ඇන්දා කියමුකෝ. අපි ඒ අඳින්නේ ඒ වැඩේට විතරයිනේ. අපි දෛනික ජීවිතයේදී සාමාන්‍ය චරිතයක්. ඒත් සමහර මිනිස්සු හිතන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේදීත් අපි ඉන්නේ ඒ විදිහටයි කියලා. ඒ අයගේ අදහස් අපිට වෙනස් කරන්න බැහැ. ඒක නිසා යම්කිසි දුකක් ඇති වෙනවා.
නවකයෙකු විදිහට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද?
ඇත්තටම ප්‍රවීණය අය හරිම නිහතමානීයි. මම එයාලාගේ ඒ නිහතමානීකමට කැමතියි. හැමදේම කියලා දෙනවා. මට ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබී තියෙනවා. මම ගොඩක් වැඩ කරෙත් ප්‍රවීණයෝ සමගයි. ඒ ගැන මට ගොඩක් සතුටුයි. සාමාන්‍ය කෙනෙක්ට එයාලාව ආශ්‍රය කරන්න ලැබෙන්නේ කලාතුරකින්. නමුත් මට ඒ වාසනාව ලැබුණා.
නිකීගේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ලොකු සහායක් ලැබෙනවා. මම වැඩවලට යද්දි මගේ තනියට එනවා. උපදෙස් දෙනවා. ඇත්තටම ගෙදරින් ලොකු සහායක් මට ලැබෙනවා.
අපි කියමු නිකීගේ ඉදිරි බලාපොරොත්තු මොනවද කියලා?
නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මගේ පෞද්ගලික වැඩත් කරගෙන දෙපැත්තම සමබර කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අවසාන වශයෙන් නිකීට උදව් වුණු අය ගැන කියමු?
මුලින්ම මගේ පවුලේ අය, එයාලාගෙන් ලොකු සහායක් ලැබෙනවා. ඊට පස්සේ මගේ ගුරුවරු, යාළුවෝ, නිමේෂ් අයියා, ෆොටෝග්‍රැෆස්ලා, ෆොටෝග්‍රැෆස්ලා නිසා මාව ගොඩක් අය අඳුන ගත්තා. ඒ අයට ස්තුති කරනවා. එතකොට කවීත් මල්ලිට ස්තුතියි කරන්න ඕනේ. එයා නිසයි මට මේ අවස්ථාව ලැබුණේ.
කැලුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද