අපි මොනවා කරත් හොඳ කියන මිනිස්සු අඩුයි
නිරූපණ ශිල්පිනී නිලූෂා රත්නායකට අප මෙවර සාරවිට කතාබහෙන් ඉඩක් වෙන් කළා. ඇය මේ වනවිට මියුසික් වීඩියෝ ඇතුළු නිරූපණ ක්ෂේත්රයේ අංශ රැසකටම දායක වී තිබෙනවා. නිරූපණයෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වෙන නිලූෂා සාරවිටට කතා කළේ මේ විදිහට.
මගේ නම නිලූෂා රත්නායක. මගේ ගම වැල්ලවායේ. මම දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. මම නිරූපණ ක්ෂේත්රයේ ශිල්පිනියක් ලෙස වැඩ කරනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
නිරූපණයට තිබෙන ආශාව නිසා තමයි නිරූපණයට යොමු වෙන්නේ.
නිරූපණයෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
දැනට මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වෙලා තියෙනවා. මෑෂප් දෙකකට දායක වෙලා තියෙනවා. ඩාන්සින් මියුසික් වීඩියෝ එකකට දායක වෙලා තියෙනවා. ගෙම්බා කෲව් එකේ වින්කලේ සයිකලේ ගීතයට රංගනයෙන් දායක වෙලා තියෙනවා. වෙළඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒවාට සහභාගි වුණේ නැහැ. ෆොටෝ ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට් කරලා තියෙනවා.
රංගනයට අවස්ථාව ලැබිලා නැද්ද?
ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් මම ඒ පස්සේ හඹා යන්නේ නැහැ.
නිරූපණ ක්ෂේත්රය අද තියෙන්නේ මොන වගේ තැනකද?
නිරූපණ ක්ෂේත්රය අද හොඳ තැනක තියෙනවා. නමුත් අද නිරූපණය දිහා බලන විදිහ වෙනස්. අපි මොනවා කරත් හොඳ කියන මිනිස්සු අඩුයි. වැරැද්දක්මයි කියන්නේ.
පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?
ඔව්. මම පැජන්ට් එකකට සහභාගී වෙලා තියෙනවා. ඒ පැජන්ට් එක සංවිධානය කළ අය එයාලාට කැමති අයව අරගෙන මාව ප්‍රතික්ෂේප කරලා තිබුණා. මට පස්සේ දැනගන්න ලැබුණා තෝරන දවසේ හිටපු නැති අය කිහිප දෙනෙක්වම වෙනම තෝරාගෙන තිබුණා කියලා.
ඒ සිදුවීම නිසා ක්ෂේත්රය ගැන කලකිරීමෙන්ද ඉන්නේ?
ඔව්. සුදුසු කෙනාට සුදුසු තැන දෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඇත්තටම ඒක නිසා ක්ෂේත්රය ගැන කලකිරීමක් තිබෙනවා.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
මම දැනට කරගෙන යන වැඩ කටයුතු ඒ විදිහටම කරනවා. ලැබෙන ආරාධනා බාර ගන්නවා. හොඳ නිර්මාණවලින් හොඳ තැනකට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
මේ ගමනේදි උදව් වුණු පිරිසක් ඇතිනේ. ඒ අය ගැන මතක් කළොත්?
මට මුලින්ම උදව් කළේ රියල් ආර්ට් එකේ කවිඳු පීරිස්. එතකොට චම්පි අක්කා, කවිඳු ලියනගේ ඡායාරූප ශිල්පියා, නිසල් මල්ලි, නිෂාන් බුද්ධික ඇතුළු උදව් කළ හැම දෙනාටම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද