අපි දෙන්නා පොඩිකාලෙ ඉඳලම යාලූවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-14-ent-77

විදුෂි උත්තරා ලියනගේ සහ මාධව විජේසිංහ පෙම්වතුන් වී සිටින මොහොතකි මේ. ඔවුන් සඳැල්ල කතා බහකට එක්වූයේ මෙලෙසිනි.

 

මාධව විජේසිංහ

දැන් මේ දිනවල මාධව ගැන කතා වෙන්නේ?2019-01-14-ent-78

නිරාශා ටෙලි මාලාවේ අංජන නිසයි. ඊට අමතරව දෙරණ නිවේදකයකු ලෙස චැම්පියන් ස්ටාර්ස්, ලිට්ල් ස්ටාර්ස් වැඩ සටහන් නිවේදනයට එක්වෙනවා. මම උසස් පෙළට හැදෑරුවේ රූපවාහිනී හා සිනමා වැඩසටහන් පිළිබඳව පාඨමාලාවයි. එයින් ලද දැනුම සහ ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් මත දැන් මම මගේම ආයතනයක් පවත්වාගෙන යනවා. ‘‘Innov - 8’’ නමැති ඒ ආයතනයෙන් රූපවාහිනී නිර්මාණ වැඩසටහන්, වෙළඳ දැන්වීම් නිර්මාණය ඇතුළු එම ක්‍ෂේත‍්‍රයේ නිෂ්පාදන හා නිර්මාණ කටයුතු සිදු කෙරෙනවා. අද දවසේ වැඩිපුර කාලය ගතවෙන්නෙ මගේ ආයතනයේ වැඩ කටයුතු වෙනුවෙන් ‘‘Innov - 8’’ නිසා බිසි කිව්වොත් හරි.

 

නිරාශා නාට්‍යයේ පෙම්වතා ගැන හිතන්නේ කොහොමද?

යෞවනයේ පේ‍්‍රමවන්තයකුගේ භූමිකාව තමයි රඟපාන්නෙ. ඒ කතාව හරිම ලස්සනයි. ආත්ම කීපයක බැඳීමක් සහිත කතාවක ගලා යාමක්. විදුෂි උත්තරා එහි මගේ පෙම්වතිය ලෙස රඟපානවා.

 

‘විදුෂි’ මේ නාට්‍යයේ පෙම්වතිය වීම එක්ක ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?

අපි දෙන්නා දැන හඳුනන්නේ කුඩා කාලයේ සිටමයි. ළමා කාලයේදී අපි රූපවාහිනී වැඩ සටහන්වලට එක්වුණා. එයා එක්ක වැඩ කරන්න හරි පහසුයි. බොහෝ දක්‍ෂ වූ තරුණ රංගන ශිල්පිනියක්.

 

විදුෂි සහ ඔබ අතර පුංචි තිරයේ ඒ පෑහීම ගැන හිතන්නෙ කොහොමද?

මේ දිනවල නම් ඒ කතාවේ හැටියට සුන්දර ගලායාමක් තියෙන්නෙ. ඉදිරියට මොන වගේ පෙරළියක් වේවිද දන්නෙ නැහැ. යසාරාගෙ සහ අංජනගේ පැහීම ඇත්තටම හොඳයි.

 

දැන් මාධවගෙ ඇත්ත පේ‍්‍රමය ගෙවී යන්නෙ කොහොමද?

ගෙවා දමන්න තරම් ඇත්ත පේ‍්‍රමයක් තවම නැහැ.

 

මේ වයසට පේ‍්‍රමයක් නැහැ කීම විශ්වාස කරන්න බැහැ නේද?

මේ වයසට පේ‍්‍රමයක් තිබිය යුතුමද? එහෙම නියමයක් නැහැ. පේ‍්‍රමය ඇතිවන වෙලාවට ඇතිවේවි.

 

විදුෂි ගැන කොහොමද හිතන්නෙ.

එයා හොඳ කලා පවුලකින් පැවත එන කලාව කියන දේ ගැන හොඳ අවබෝධයක් ඇති කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන හොඳින් අවබෝධ කරගෙන සිටින චරිතයක් බව පෙනෙනවා.

 

මාධවට ජීවිතය දැනෙන්න කොහොමද?

එක එක කාලවලදී අපි ජීවිතය ගැන හිතන විදිය වෙනස්. එක කාලයකදි අපි තමයි ඔක්කොම දන්නෙ කියලා හිතනවා. අත්දැකීම් ලබන විට අපට අප ගැන වැටහෙනවා. ජීවිතය සුන්දර වනවාද. කටුක වනවාද කියන දේ ඇතිවන්නෙ අපේ කි‍්‍රයාකාරකම් මතයි. අපි අදහන ආගම ඇතුලේ ජීවත් වනවා නම් ප‍්‍රශ්න අවම කරගන්න පුළුවන්.

 

විදුෂි උත්තරා

විදුෂි මේ දිනවල සෑම නාලිකාවකම ඔබ දැක ගන්න පුළුවනි. ඒ ගැන මුලින්ම කිව්වොත්?

රාජයෝගය, දෙයියන්ගෙ රටේ, සිල්ලර සමනල්ලූ සහ කුසුමාසන දේවි, නිරාශා යන නාට්‍ය පහේම රඟපානවා. රාජයෝගයේ පවුලේ දෙවැනි දියණිය ලෙසත් රඟපානවා. එයා පවුලට හොඳ දුවක්. අක්කට හොඳ සහෝදරියක්. ජීවිතය ජයගන්න හදන ආදරණීය චරිතයක්. කුසුමාසන දේවි නාට්‍යයේ කුසුමාසන දේවි ලෙස ප‍්‍රධාන චරිතය රඟපානවා. එයා හරිම එඩිතර ගැහැනියක්. ඇය අසාධාරණයට ලක්වූ එමෙන්ම ආදරයක් නොලැබූ කාන්තාවක්.

 

විදුෂිට සැබෑ ජීවිතයේ ආදරය ලැබී තිබෙන්නෙ මොන විදියටද?

සැබෑ ජීවිතයේදී ආදරය කියන දේ මට වැඩිපුරම ලැබුණු චරිතයක්. අපේ පවුලේ හැමෝගෙන්ම වගේ මට ආදරය ලැබුණු කෙනෙක්. ඒත් කුසුමාසන දේවිය ඊට හාත්පසින් වෙනස්.

 

සිල්ලර සමනල්ලූ චරිතය ගැනත් කියමු.?

එයා ව්‍යාපාරික කාන්තාවක්. තරමක් දැඩි චරිතයක්. කාටවත් බය නැති චරිතයක්.

 

නිරාශා නාට්‍යයේ මාධව පෙම්වතා වීම ගැන දැනෙන්නෙ කොහොමද?

මාධව පොඩි කාලයේ ඉඳලා මගේ යාළුවෙක්. හරිම හුරු පුරුදු චරිතයක්. ඒ නිසා හරි ආසාවෙන්, ආදරයෙන් සහයෝගයෙන් පේ‍්‍රම කරනවා. මේ නාට්‍යයේ මේ විදියට පේ‍්‍රම කරන්න පටන් ගත්තාම මට අපේ කුඩා කාලය මතක් වුණා. එදා අපි අත් අල්ලන් ගිය හැටි මතක් වුණා. එදා අපි එකට සිංදු කිව්වා. නැටුවා. ළමා කතා කළා. නිවේදනය කළා. රූපවාහිනී ළමා වැඩසටහන් සමග එදා හමුවූ අපි නැවතත් මේ විදියට හමුවුණේ වසර 14කට විතර පසුවයි.

 

විදුෂිට ආදරය දැනෙන්නෙ, හැෙඟන්නෙ කොහොමද?

ආදරය කියන්නෙ හරිම සුන්දර දෙයක්. ජීවත්වීමට ආදරය ඕනෑමයි. ජීවිතය කියන්නෙ ඇත්තටම ලොකු වගකීමක්. ඒ නිසා සමාජයට ආදර්ශවත්ව ජීවත්වීම වැදගත්. ජීවිතයේදී මව්පියන්ට අවනත විය යුතුමයි. ආදරණීය ජීවිතයේදී ජීවිතය කියන්නෙ ඇත්තටම අභියෝගයක්.

 

විදුෂි කියන්නෙ?

බොහෝ දුර දකින්නී

 

විදුෂි කොහොම චරිතයක්ද?

හරිම ආදරණීය චරිතයක්. අපේ තාත්තාගෙ පණ මම.

 

විදුෂි කියන නම ඔබට දැම්මෙ කවුද?

ලොකු මාමා.

ශි‍්‍රයන්ත මෙන්ඩිස්

 

විදුෂි කුසුම් රේණුගෙ කවුද කියලා වත්මන් පාඨකයින්ට කිව්වොත්?

කුසුම් රේණුගෙ මල්ලිගෙ දුව.

 

2019-01-14-ent-76