අප්සෙට් වෙන පිරිමියෙක් එක්ක මට ජීවත් වෙන්න බැහැ
The guy I choose…
මම මගේ ජීවිතයට සහකාරයා විදියට තෝරාගන්න පිරිමියෙක්ගෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ තමයි හොඳ අවබෝධයකින් කටයුතු කිරීම කියන එක. මම මොඩ්ල් කෙනෙක්නේ. එතකොට මගේ ෆොටෝස් සෝෂල් මීඩියා වල ෂෙයාර් වෙනවා. මට සෑහෙන දෙනෙක් එක්ක වැඩ කරන්න වෙනවා. එතකොට ඒ වගේ දේවලට ජෙලස් වෙන, අප්සෙට් වෙන පිරිමියෙක් එක්ක මට ජීවත් වෙන්න බැහැනේ. මොකද ඒ අවබෝධය නැතිවුනහම, ඊර්ෂියාව වගේ දේවලින් ඊලඟට ඇතිවෙන්නේ සැකය. ඊට පස්සේ රණ්ඩු. ඉතින් ඒ අවබෝධය, ඒ තේරුම් ගැනීම තියෙනවා නම් එතන හොඳ ආදරයක් ඇතිවෙනවා කියලා මම හිතනවා.
මට තේරෙනවා ඔය අවබෝධය සහ ඊර්ෂියාව කියන එක දෙපැත්තටම වැඩ කරනවා කියන එක. හැබැයි මගේ පැත්තෙන් මෙච්චර කාලෙකට එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. ඒ කියන්නේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෑණු ළමයෙක් එක්ක කතා කර කර හිටියා කියලා මාව අප්සට් වෙන්නෙ නෑ. මම හිතනවා ඉදිරියටත් එහෙම ප්‍රශ්න ඇතිවෙන එකක් නෑ කියලා.
Looks might wither…
සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ හිතේ අදහසක් තියෙනවා මොඩ්ල් කෙනෙක් වුණහම යාලු වෙන්න ඕන ලස්සන කොල්ලෙක් එක්ක කියලා. හැබැයි මම හිතන්නේ මොඩ්ල් කෙනෙක් වුනත් නැතත් ගෑණු ළමයෙක් විදියට මට ආදරයක් ඇතිවෙන්න රූපය කියන එක බලපාන්නේ නැහැ. ඒකට ප්‍රධානතම හේතුව තමයි රූපය කියන එක තාවකාලිකයි කියන හැඟීම. අද ලස්සනට ඉන්න මිනිස්සු හෙට කැත වෙන්න පුලුවන්. ඊට වඩා හදවත ලස්සන වෙන එක අනිවාර්යයෙන්ම වෙන්න ඕන දෙයක්. රූපයක් මහලොකුවට නැතත් මගේ හිතේ කෙනෙක් ගැන ෆීලින්ග් එකක් ඇතිවෙනවා නම්, එයා අර මම කලින් කියපු විදියේ මම කැමති ගතිගුණ තියෙන කෙනෙක් නම් ඇත්තටම මම එයාට කැමති වෙනවා.
There is a limit for everything
මේ දවස්වල හැමෝම කතාවෙන සිදුවීමක්නේ පොලිසියෙන් කපල් අල්ලගෙන ගිහින් දැඩි ලෙස අවවාද කරලා මුදාහැරියා කියන එක. ඔයා අහපු නිසා ඒ ගැන මගේ අදහස කියන්නම්. මෙතනදී පොලිසියෙන් අල්ලගෙන ගියේ බාලවයස්කාර කපල් නම් එතනදී පොලිසිය හරි. මොකද එකක්, එතන නීතිය ඉදිරියේ පේන වැරැද්දක් තියෙනවා. යම් කිසි වයස් සීමාවක් පනවලා නීතියක් තියෙන්නේ හේතුවක් ඇතුවනේ. ඒ නිසා ඒ නීතිය කඩන්න කාටවත් බැහැ. අනික මම හිතන්නේ නැහැ අඩු වයසකදී ඇතිවෙන්නේ ආදර හැඟීම් කියලා. ඊට වඩා ඒක නිකම් ට්‍රෙන්ඩ් එකට පටන් ගන්න සම්බන්ධතා එහෙමනේ. ආදරේ කියන්නේ මොකක්ද, මොකක්ද ඒකට කරන්න ඕන, ආදරේ එක්ක මොනවද කරන්න ඕන වගේ දේවල් ඒ වයසේ අයට ඔලුවේ අයිඩියා එකක් නැහැ කියලා මම හිතනවා. ඔතන ලංකාවේ සංස්කෘතියත් ගෑවෙනවනේ. කොහොම වුනත් ඉස්කෝලේ යනව වයසේදී ආදරේ කරන්න පාක් වලට යන්න ඕන නැහැ කියන තැන තමයි මම ඉන්නේ.
I’m a matured person…
අනික් අතට විවාහ වුනා හෝ නොවුනා හෝ වැඩිහිටි යුවළකට තමන්ගේ ආදර ජීවිතේ තමන්ට ඕන විදියට ගෙනියන්න නිදහස තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ඒ දේවල් තීරණය වෙන්නෙය් ඒ දෙන්නගේ මතිමතාන්තර වලට අනුව. හැබැයි මගේ පුද්ගලික අදහස තමයි එහෙම නිදහසක් තියෙන එක කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි එතනදී තමයි අර තේරුම් ගැනීම, විශ්වාසය කියන දේවල් ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ මම හිතනවා දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවයට අනික් කෙනා ගෞරවයෙන් සලකනවා කියන්නේ ඒක කවදා හරි විවාහය වෙනකල් යයි කියන එක මම විශ්වාස කරනවා. එතකොට ඒ තමන් අතර සිදුවෙන දේවල් කොයි විදියද කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ.
This is 2017 but still many people have outdated ideas and views of models. How you feel about it?
Now there are too many models everywhere. Even in social media you can see many photo shoots and stuff. Following a career of modeling is fine but a person should choose whether they are doing something suitable to the name of the career they chose or not. That’s one way to tarnish the name of the whole field.
Do you believe in many friends or very few friends?
I’m a very social person. But I don’t have many friends. I would talk and smile with anybody who wants to talk to me. But to become a close friend of somebody, you have to walk a long way. In fact I do have a very close friend like that; only one. I can say anything with that friend with utter confident.
Vishaka’s good and bad...
Let’s say we are in a model show or some event similar. As you know, you can expect many rivals in every corner. Imagine one of them tells me something confidentially. In fact let’s say that this person is bitching about another person who is sitting far across the same hall. And after a while you might actually have to talk with the person that sitting across the hall. But I would never ever utter a word about that bitching part. I would not agree about saying things behind a person in the first place but that’s none of my business. They both have to sort out their differences. What I can do is not taking part of the bitching and not informing against the first person who started bitching. I think that’s a good quality of mine.
About the bad qualities, I trust people too easily. If somebody talks to me very nicely, I automatically start to trust that person thinking that that person really care about myself. But maybe they were being nice to me because of an ulterior motive. Trust me that happened before. So that trusting part is a very bad quality of mine.
Blurbs:
ෆැෂන් මොඩ්ලින්ග් ගැන තව ඉගෙනගන්න ඕන මම. ඒ නිසා ඒ ගැන දැන්ම හිතුවේ නැහැ. හැබැයි කොමර්ෂල් වලට මොඩ්ල් කෙනෙක් විදියට දැනටමත් පෙනී ඉන්නවා.
I do have a full time job. Modeling is a part time thing. Hence naturally I have to give priority for my job.
මට හොඳ ෆැෂන් සෙන්ස් එකක් තියෙනවා කියලා මම හිතනවා. මම ගොඩක් ෆැෂන් කරන්න ආසයි. හැබැයි මට ගැලපෙන ෆැෂන් විතරයි. ඇත්තටම මම ඇඳුමක් අඳින්න ගත්තොත් මම කණ්ණාඩිය ගාවට ගිහින් එක එක පැත්තට හැරිලා බලනවා මට හැම අතින්ම මේ ඇඳුම ගැලපෙනවද කියලා. Most of the time people call me hot. I think the reason is my figure; I have all the right curves!
I’m a very religious person.
Body Stats: 35”, 30”, 36” Height: 5’ 4’’
Eye color: Dark Brown
Hair complexion: Black
Text: Pathum Punchihewa
Graphics: Anushi Dantanarayane