'අප්පච්චී'ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම මේ ක්ෂේත්රයට පැමිණියේ
වේදිකාව, පුංචි තිරය ඔස්සේ රංගනයට පැමිණි තක්ෂිලා දැනට ව්‍යාපාරිකාවක්. අප්පච්චි ටෙලි නාට්‍යයෙන් රංගනයට පා තැබූ ඇය සාරවිට අපිට විස්තර කිව්වේ මේ විදියට.
ඔයා ගැන අපිට විස්තර ටිකක් කිව්වොත්?
මම තක්ෂිලා සෙව්වන්දි. මම දැනට වෘත්තීය වශයෙන් කරන්නේ රංගනය. ඊට අමතරව මම ව්‍යාපාරයකත් නිරත වෙනවා.
රංගන ක්ෂේත්රයට පැමිණියේ කොයි කාලෙදි ද?
2012 වසරෙදී. ආනන්ද අබේනායක මහත්මාගේ "අප්පච්චී"ටෙලි නාට්‍යයෙන් තමයි මම මුලින්ම මේ ක්ෂේත්රයට පැමිණියේ.
රංගන ක්ෂේත්රයට එන්න හිතුණේ ඇයි?
පොඩි කාලේ එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ.මම ක්‍රීඩිකාවක්. සමස්ත ලංකා තරග දිනලා තියෙනවා. මම සාමාන්‍ය පෙළ/ උසස් පෙළ වලට නාට්‍ය හැදෑරුවා. ඊට පස්සේ හිතුණා මේ ක්ෂේත්රයට එන්න ඕනේ කියලා.
දැනට දායක වුණු නිර්මාණ ගැන කතා කළොත්?
අප්පච්චී ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. දැන් සිසිල් ගුණසේකරගේ "වෙස්ගත් බොස් වේදිකා නාට්‍යයට දායක වෙනවා. එතකොට "නාටක මාරයි" එකේ වැඩ කරගෙන යනවා. තව "ආතල් ප්ලස්" කියලා යූ-ටියුබ් ක්ලිප් වගයක් කරනවා.
රංගනය හදාරන්න කැමති මොන පැත්තෙන්ද?
වේදිකාව පැත්තෙන් තමයි හදාරන්න කැමති.
වේදිකා කටයුතු ගැන කතා කළොත් අපි?
මම වේදිකා නාට්‍යයකට දායක වෙන්නෙ 2014දී. ඒ ජනකරළිය හරහා ගිය "සොරු ඇවිල්ලා" වේදිකා නාට්‍යයට. ඒකේ දර්ශන ගණනාවක් කළා. මම වේදිකා නාට්‍ය ගොඩක් බාර ගන්නේ නෑ. එතකොට ඒක අපේ පෞද්ගලික ජීවිතේට හරස් වෙන අවස්ථා වැඩියි. මගේ අධ්‍යාපන කටයුතු නිසා මම ටික කාලයක් වැඩ බාරගත්තේ නෑ.ඊට පස්සේ මම බාර ගත්තේ "වෙස්ගත් බොස්" නාට්‍යය.
අද වනවිට වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරන්න පුළුවන්ද?
අමාරුයි.මුදල් ප්‍රශ්න මත වෘත්තියක් විදියට කරන්න අමාරුයි. ඒක නිසා තමයි මම ව්‍යාපාරයක් කරන ගමන් රංගන කටයුතු කරන්නේ.
මේ දේවල් සමග ව්‍යාපාර කටයුතුවලට දක්වන දායකත්වය කොහොමද?
ව්‍යාපාර කටයුතු දැනට මගේ හිතවතෙකුට බාරදීලා තියෙනවා. මට පුළුවන් විදියට එයාට මම උදවු කරනවා.
ඔයා ක්‍රීඩිකාවක්, අපි ක්‍රීඩාව ගැන ටිකක් කතා කරමුද?
මට ඔලිම්පික් යන්න අඩු වුණේ සමස්ත ලංකා පළමු ස්ථාන 02යි.මගේ ක්‍රීඩා වාර්තා ගොඩක් තියෙනවා. සුගතදාස ක්‍රීඩාංගණයේ මගේ නමට වාර්තා තියෙනවා.මට සමස්ත ලංකා සහතික 20ක් විතර තියෙනවා.
රංගනය පිළිබඳ හදාරා තියෙනවාද?
ඔව්, මම මුලින්ම සමන් චන්ද්‍රසේකර සර් ළඟ හැදැරුවා.ඊට පස්සේ ප්‍රියන්ත ලලිත් සර් ළඟ හැදෑරුවා. තවමත් ඉගෙන ගන්නවා
මේ දේවල් වලට ගෙදරින් බලපෑම කොහොමද?
මුලින් මුලින් අකමැති වුණා. මම ක්‍රීඩා කරලා මේකට එන නිසා. ඒත් දැන් නම් ප්‍රශ්නයක් නෑ.
මේ ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
මේ ක්ෂේත්රය දැන් ටිකෙන් ටික නැති වෙලා යනවා. හැබැයි එය කලාව ජීවිතය කරගත්තු අයට කරන නිගාවක්. එයාලගේ කලාව අද නැතිවෙලා. මේ ක්ෂේත්රයට එනවා නම් රංගනය හදාරලා එන්න ඕනේ. අනික අද නළු-නිළියන් අතරේ ලොකු තරගයක් තියෙනවා.මොඩ්ලින් කරලා මේ ක්ෂේත්රයට එන අයත් ඉන්නවා. නමුත් එයාලා වැඩිකල් ඉන්නේ නෑ.මොකද එයාලට තියෙන්නේ වෙන වෙන ප්‍රශ්න.මේ ක්ෂේත්රය දැන් පිරිහිලා තියෙන්නේ. රංගනයට එනවා නම් අනිවාර්යෙන්ම ඒ පිළිබඳ උපරිම හදාරලා එන්න ඕනේ. එතකොට තමයි හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ.
අවසාන වශයෙන් ඉදිරි දේවල් ගැන කතා කළොත් ?
මගේ ව්‍යාපාර වැඩ කරගෙන රංගන කටයුතුත් කරගෙන හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ජනප්‍රියත්වයට වඩා දක්ෂ ශිල්පිනියක වෙන්න තමයි මට අවශ්‍ය වෙන්නේ.