අධ්‍යාපන කටයුතුවලින් පස්සේ නිරූපණ කටයුතුවලට එනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-28-ent-31

නිරූපණට නවකයෙකු වන වාසනා තරංගනි අද "සාරවිට" තරු කතා බහට මෙළෙස එක් වුණේමු. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ඇය නිරූපිකාවක් ලෙස තාවකාලිකව නිරත වෙමින් සිටියි. එහෙත්, පාසල් අධ්‍යාපනය නිමාවත් සමග නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් සිටියි.

 

වාසනා නිරූපණයට යොමු වෙන්නේ?

2017-09-28-ent-30වසරකට කළින් තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පොටෝ ෂුට් කිහිපයකට මුලින්ම පෙනි හිටියේ. ඒ හරහා තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ.

 

තවමත් ඔබ පාසල් අධ්‍යාපනය ලබනවා?

ඔව්, පාසල් අධ්‍යාපනය කරන අතරතුර තමයි නිරූපණයට යොමු වෙන්නේ. පාසල් වැඩවලට බාධාවක් නොවන විදිහට තමයි මම නිරූපණ වැඩවලට සම්බන්ධ වෙන්නේ. පාසලේ කලා කටයුතුවලටත් මම නිරතුරුවම දායක වෙනවා. විශේෂයෙන්ම නර්තන හා රංගන කටයුතුවලට.

 

වෙනත් නිර්මාණවලට දායක වුණේ නැද්ද?

රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේම ගීත රූප රචනා සඳහාත් ආරාධනා ගොඩක් ලැබුණා. නමුත්, පාසල් අධ්‍යාපන කටයුතුත් එක්ක ඒ වැඩවලට දායක වෙන්න නොහැකි වුණා. පාසල් අධ්‍යාපනය නිමා වුණ විගස කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ.

 

වෙනත් රැකියාවකට යොමු වෙන්න අදහසක් නෑ?

නිරූපණය කියන්නේ මගේ රැකියාව නෙවෙයි. ඒක විනෝදයට කරන දෙයක්. මගේ අධ්‍යාපන සුදුසුකම් මත ලැබෙන රැකියාවක් තමයි මම කරන්න තෝර ගන්නේ. පුංචි කාලේ නම් මගේ හීනේ වුණේ නීතීඥවරියක් වෙන්න. නමුත්, කාලයත් එක්කම ඒ අදහස මගේ හිතෙන් ඈත් වුණා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දේක හොඳ නරක දෙපැත්තක් තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රය තුළත් ඒ දේම තියෙනවා. තමන්ට ගැළපෙන සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් කියලයි මම නම් නිරූපණ ක්ෂේත්‍රය දකින්නේ.

 

ඉදිරි ඉලක්ක?

නිරූපණ ක්ෂේත්‍රය තුළ හොඳ නමක් තියාගෙන ඉදිරියට යන්න තමයි ලොකුම ඉලක්කය මගේ. ඊට අමතරව %මිස් ශ්‍රී ලංකා^ වගේ රූපරාජිණි තරගයකට ඉදිරිපත් වෙන්නත් අදහසක් තියෙනවා.

 

උදව් කරපු අය?

විශේෂයෙන්ම ශේහාන් අයියා, සංජිව අයියා මතක් කරන්න ඕනා. ඊට අමතරව මාව වැඩවලට දායක කරගත්ත සියලුම දෙනාව. ඒ වගේම මගේ පවුල අයත් මට විවිධ ආකාරයෙන් නිරතුරුවම උදව් උපකාර කරනවා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - රනුක විජේවර්ධන

 

2017-09-28-ent-28 2017-09-28-ent-29