අධ්‍යයනය තුළින් නිරූපණයෙන් හොඳ ගමනක් යන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-258

ඩිසාලා ශෂ්මිණී සමරවීර වසර 04 කට අධික කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රය තුළ ගමන් කරමින් සිටින්නීය. සිය අත්දැකීම් බහුලත්වය මෙන්ම ඇය නර්තනයට ඇති හැකියාවන් අතිශය ප්‍රබලය. ඒ පිළිබඳව හා ක්‍ෂේත්‍රය තුළ ඇති අත්දැකීම් ගැන පැවසීමට ඩිසාලා ‘සාරවිට’ සමගින් මෙලෙස එක්කාසු විය.

 

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

2017-04-05-ent-257මගෙ නම ඩිසාලා ශෂ්මිණී සමරවීර. මගේ පාසල නුගේගොඩ අනුලා විද්‍යාලය. මම Modeling කරන්න ආවෙ 2013දී. දුෂාන් ඩයස්ගෙන් ඉගෙනගෙන තමයි මේ Field එකට ආවේ. මුලින්ම dancing කළා. Dancing කරලා china, malisia tours ගියා. ඊට පස්සෙ dancing සහ modeling දෙකම කළා. දැන් dancing ටිකක් නවත්තලා modeling තමයි කරගෙන යන්නෙ.

 

ඔබ වෘත්තිමය නිරූපිකාවක්ද?

ඔව්.

 

කාලය සිට ඔබ මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඒ කාලය තුළ ඔබ නිරූපණය පැත්තෙන් දායක වෙලා තියන දේවල් මොනවද?

නිරූපණය පැත්තෙන් මම modeling show එකක හිටියා. ඒකෙන් මම miss photogenic වුණා. තව ඉතින් කැට්වෝක්, කැට්, විවාහ වගේ show වලට මම ගිහින් තියනවා. Commercial කරනවා.

 

මොනවද ඔයා කරලා තියන Commercial?

මම කොත්තු මී එකේ fashion Show එකත් කළා Commercial එකත් කළා. තව ඔරේන්ජ් එකේ elephant house එකේ කළා. ලින්ක් කේෂා කලා. මතකත් නෑ මට කරපුවා.

 

සාමාන්‍යයෙන් වෙළෙඳ දැන්වීම් කීයකට විතර දායක වෙලා තියනවද?

හත අටක් විතර කරලා තියනවා.

 

ක්ෂේත්‍රයේ ඉන්නවා මේ දේවල් ගැන ඉගෙනගෙන නැතුව, වැරදි දේවල් කරන පුද්ගලයන්. ඔයා ඒ ගැන මොනවද හිතන්නෙ?

මම මේ ක්ෂේත්‍රයට ආවෙ ඉගෙනගෙන. මම මේ දේවල් කරන්නෙ ඒ දැනුමෙන්. photo shoot කරලා modelsලා වුණ අය ගොඩක් ඉන්නවා.

එහෙම කරලා මම තමයි model කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. මේ වගේ අය නිසා මේ ක්ෂේත්‍රය අවුල් වෙලා තියනවා. Work Shop වගේ අනම්මනම් seen තියනවා. මම දන්නෙ නැහැ ඒවා ගැන. මම නම් මේ ක්ෂේත්‍රයට ආවෙ ඉගෙනගෙන තමයි.

 

නිරූපණ ක්ෂේත්‍රයට අද වනවිට ලංකාව තුළ වටිනාකමක් ගොඩනැගිලා තියනවාද?

ඔව් වටිනාකමක් ගොඩනැගිලා තියෙනවා. නමුත් සමහර අය නිසා මේ ක්ෂේත්‍රය ගැන වැරදි විදියට තමයි හිතාගෙන ඉන්නෙ. හොඳ විදියට ඉස්සරහට ගියොත් හොඳයි ඉතින්. මොඩ්ල් කෙනෙක් කිවුවාම සමහර අය කියන්නෙ ආපෝ මොඩ්ල් කෙනෙක්ද කියලා පහළ තත්වෙට දාලා වගේ කථා කරන්නෙ. සමහර අයගෙ වැඩ නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. හරි විදියට හොඳ විදියට ඉඳලා මම පෙන්නන්නෙ මොඩ්ල් කෙනෙක්ටත් ලංකාවෙ හොඳ තැනක් තියනවා කියලා. හොඳ විදියට ඉඳලා ඉස්සරහට යන්න තමයි මගෙ බලාපොරොත්තුව.

 

නිරූපිකාවට අදාළ වටිනාකම ක්ෂේත්‍රය තුළින් ලැබෙනවද?

අඩුයි ගොඩක් අඩුයි. මොකද එහෙම වෙලා තියෙන්නෙ අලුත් මොඩ්ල්ස්ලා එන නිසා ඒ ගොල්ලන්ට ගොඩක් ඉක්මනට ඉස්සරහට යන්න ඕන නිසා free කරනවා photo shoot එහෙම. අපිට වුණත් යම් ගාණකට මෙයක් කරන්න පුළුවන්නම් ඒ දේවල් නැතිවෙනවා අලුත් අය නිසා.

 

ඒ කියන්නෙ අද මේ ක්ෂේත්‍රය කඩා වැටෙන්නෙ අලුත් අය නිසාද?

ඔව්. අලුත් අය කියන්නෙ කිසිම දැනුමක් නැතිව ඉක්මනට ජනප්‍රිය වෙන්න ඕනෙ නිසා හොඳ විදියෙන් හරි නරක විදියෙන් හරි ඉක්මනට ජනප්‍රිය වෙන්න තමයි බලන්නෙ.

 

අලුත් නිරූපිකාවන් facebook තමයි මූලික ඉලක්කය කරගන්නෙ. මේ තුළින් තමයි අද ගොඩක් නිරූපිකාවන් බිහිවෙලා තියෙන්නෙ ඉතින් ඔයා මේ ගැන මොකද හිතන්නෙ?

Facebook එකෙන්, මෙහෙමයි මොඩ්ල් කෙනෙක් වශයෙන් ඇත්තටම මම කියනවා Facebook අවශ්‍යයි කියලා. contact ගොඩක් ලැබෙන්නෙ Facebook මඟින්. එකක් දෙකක් photo shoot කරලා මොඩ්ල් කියාගන ඉන්න අයත් ඉන්නවා. ඒ ගොල්ලන් කරන වැඩ Facebook දැම්මාම තමයි වැඩ එන්නෙ. මම නම් එහෙමයි කරන්නෙ.

 

අවසාන වශයෙන් ඔයාගෙ ඉදිරි බලාපොරොත්තු ගැන කියන්න.

හොඳ විදියට නිරූපණය කරලා හොඳ නමක් හදාගෙන ඉදිරියට යන්න තමයි මගෙ බලාපොරොත්තුව.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-04-05-ent-253 2017-04-05-ent-254 2017-04-05-ent-255 2017-04-05-ent-256