අදටත් මගේ ගමන හෙමින් සිදුවෙන්නේ
නිරූපිකාවක් ලෙස මේ වනවිට ජනප්‍රිය මිතු තෙන්නකෝන් සමගින් අපි අද කතා බහ කළේමු. මේ වනවිට කලා නිර්මාණ බොහෝමයකට දායක වී මිතු ඉදිරියේදී තවත් කලා නිර්මාණ කිහිපයකින්ම දැක ගැනීමට රසික ඔබ ට අවස්ථාව ලැබේ.
මිතුගේ එන්න තියෙන අලුත් වැඩ මොනවද?
කරපු වැඩ කිහිපයක්ම එන්න තියෙනවා. පසුගිය කාලේ එක දිගට විවිධ කලා නිර්මාණවලට සම්බන්ධ වුණා. මේ දිනවල් වැඩ කිහිපයකටම දායක වෙලා ඉන්නවා. ඒ කලා කටයුතු සියල්ලම ඉදිරියේදී මගේ ආදරණිය රසික, රසිකාවියන්ට දැකබලා ගන්න පුළුවන්.
ක්ෂේත්රයට ඇවිල්ලත් දැන් කාලයක් වෙනවා නේද?
ඔව්, වසර 2ක් විතර ඇති මම නිරූපන ක්ෂේත්රයට සම්බන්ධ වෙලා. නමුත්, මම වැඩවලට දායක වුණේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව තමයි මම නිරූපණ වැඩ භාර ගන්නේ ගොඩක් හිතලා මතලා තෝරා බේරා ගෙන.
මේ ගෙවුණු වසර දෙක ගැන මොකද හිතෙන්නේ?
වැඩ ටිකක් කළා මේ කාලය තුළ. ඒ වගේම නිරූපණ ක්ෂේත්රය තුළ යම් පිරිසක් අඳුන ගත්තා. ගොඩක් සතුටුයි ඒ ගැන.
කෙටි ක්‍රමවලින් බොහෝ දෙනෙක් ඉක්මණට ජනප්‍රිය වෙන්න හදනවා. ඔබත් එහෙමද?
නැහැ. මම එදත්, අදත් මගේ ගමන බොහෝම හෙමින්. ඉක්මණ් ගමන කෙටි කියනවනේ. ඉතින් මට අවශ්‍ය නැහැ. එහෙම වෙන්න. මගේ ගමන අදටත් බොහෝම හෙමින් සිද්ධ වෙන්නේ.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොයි වගේද?
හොඳ පිළිගැනීමක් තියෙනවා. නමුත්, හැමෝටම ඒ පිළිගැනීම ගන්න බැහැ. හොඳ දෙයක් කළොත් විතරයි හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ.
පැජන්ට්වලට ඉදිරිපත් වෙන්න අදහසක් නැද්ද?
මට එහෙම ලොකු අදහසක් නැහැ. අනික තමයි මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි.
එදා වගේම අදත් ඔබ සමග ඔබ දිරි දෙන පිරිසක් ඉන්නවා?
ඔව්, මගේ පවුලේ අය තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. ඒ වගේම යාළුවෝ ටික. මේ හැමෝමත් එක්කම වචනයකින් පවා මට උදව් කරන හැම දෙනාවම මම මතක් කරනවා.
බුද්ධික සේනාධිර