අද හැමෝම මල්ටි ටැලන්ට්
හෂී මනමේන්ද්‍ර වන ඇය මේ වනවිට ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ දක්ෂතා දැක්වීමට සමත්ව සිටින්නීය. ගායිකාවක සේම නිරූපිකාවක වශයෙන්ද කටයුතු කරන ඇයගේ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙලෙස එක් විය.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මගේ නම හෂී මනමේන්ද්‍ර. සුපුන් රත්නායක මහත්මයාගේ 'මගේ ආදර අවනඩුව' ඩ්‍රාමා එකේ පියුමි කියන චරිතයට දායක වුණා. නාලක විතානගේ අයියාගේ ඩ්‍රාමා එකක් එනවා. එහි වැඩකටයුතුවලින් අඩක් අවසන් කරලා තියෙන්නේ. ඊට අමතරව මගේ ගීතයක් කරලා තියෙනවා. ඒ වගේම මගේ දෙවැනි ගීතයෙත් රෙකෝඩින් පහුගිය දිනවල අවසන් වුණා. ඒ ගීතයත් ලබන සතියේදී නිකුත් වෙනවා.
ඔබ රංගන ශිල්පිනියක්ද? ගායිකාවක්ද?
මම ගායිකාවක විදියට ඉදිරියට එන්න කැමතියි. මම මගේ පළමු ගීතය කරලා එහි වීඩියෝ එක කරන්න අධ්‍යක්ෂකවරුන්ට ආරාධනා කළාට පස්සේ ඒගොල්ලෝ හරි අපි වැඩේ කරමු නංගි කියලා කීවා. මට මතකයි සත්සර කසුන් පතිරණ අයියා එයාගේ මියුසික් වීඩියෝ එකකට සම්බන්ධ වෙන්න ලැබුණා. එතනින් පස්සේ තමයි මට ගායන ක්ෂේත්රයෙන් ටිකක් දුරස් වෙලා රංගනය පැත්තෙන් ඉදිරියට එන්න ලැබුණේ.
ඩ්‍රාමා කියන්නේ වේදිකාව පැත්තද? ටෙලිනාට්‍ය පැත්තද?
ටෙලිනාට්‍ය.
මුල්ම රංගනය හා ඉන් ලැබූ අත්දැකීම් මොනවගේද?
මම මුල්ම ටෙලි නාට්‍ය 'වරාමලී'. අකිල ජයසේකර අයියා හරහායි මට ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. පංතියක ළමයෙක් විදියට තමයි මම එහි රංගනයේ නිරත වෙන්නේ. එදා තමයි මම ෂූට් එකක් වෙන්නේ කොහොමද, ටෙලි ඩ්‍රාමා එකක් කරන්නේ, කොහොමද කට්ටිය ඇක්ට් කරන්නේ කොහොමද කියලා මම එදා තමයි දැක්කේ. එදා ඒ දේවල් දැක්කාට පස්සේ මට ආසා හිතුණා දිගටම මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න. දක්ෂතාවක් තියෙනවා නම් කොහොමද ඒ දේවල් එළියට ගන්නේ කියන දේවල් මම එදා දැක්කා.
රංගන ක්ෂේත්‍ර‘යෙන් ඉදිරියට යෑමටද බලාපොරොත්තු වෙන්නේ? ඒ පිළිබඳ හැදෑරීමක් කර තියෙනවාද?
මම රංගනය ගැන නම් හදාරලා නෑ. ඒ වුණාට මම මහේන්ද්‍ර අයියාගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නම් ආසාවෙන් ඉන්නවා. මොකද හදාරන්නේ නැතිව කිසිම දෙයක් කරලා වැඩක් නැති නිසා. මම ඇත්තටම ආසා රංගනය පැත්තෙන් ඉදිරියට යන්න නෙවෙයි ගායනය පැත්තෙන් ඉදිරියට යන්නයි.
ගායන අංශයේ වැඩකටයුතු කොහොමද සිද්ධ වෙන්නේ?
පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
අම්මෝ.... ගෙදරින් ලොකු සපෝට් එකක් ලැබෙනවා. මම ප්‍රථමයෙන්ම රූපවාහිනී මුතුහර ප්‍රෝගෑම් එකේ නිවේදන කටයුතු කළා. ගීත ගායනය කළා. මගේ අම්මයි තාත්තයි මට ගායන හැකියාවක් ඇති බව වටහා ගත්තා. ඒ නිසා මගේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා වගේම අක්කා සපෝට් කරනවා ගායන අංශයෙන් ඉදිරියට යන්න.
නිවේදනය, රංගනය, ගායනය ඔබ මේ දේවල්වලින් ඉදිරියට තෝරාගන්නේ මොනවාද?
ඇත්තටම අද හැමෝම මල්ටි ටැලන්ට් නේ. මම කියන කතාව සියයට සියයක් හරිද දන්නේ නෑ. නමුත් දැන් ඇක්ට් කරන කෙනෙක් ගත්තොත් එයා නිවේදන කටයුතු කරනවා, ගීත ගායනය කරනවා, ඇක්ට් කරනවා. එහෙම බැලුවොත් මටත් ලැබුණ අවස්ථාවලින් මම ප්‍ර‘යෝජනය ගත්තා. මගේ හැංගිලා තිබූ දක්ෂතාවක් නිසාද මංදන්නේ නෑ යොහාන් අබේකෝන් අයියා නිසා මට සුමති සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරන්න හැකියාව ලැබුණා. මම පොඩිකාලේ නිවේදන කටයුතු කළාට මෑතකදී කරලා තිබුණේ නෑ. ඒගොල්ලොත් මට හැමවෙලේම කියන්නේ නංගි හැමදේටම දක්ෂ වෙන්න කියලයි.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
දැන් මගේ ගීතයේ වැඩකටයුතු ඉවරයි.. කරපු ඩ්‍රාමා එකේ ඉතිරි ටික කරනවා මිසක් රංගනය පැත්තෙන් ඉදිරියට යන්නනම් බලාපොරොත්තුවක් නැහැ. ගායන අංශයෙන් මට පුළුවන් විදියට තව ඉගෙන ගෙන ඒ පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබේ ගමන සාර්ථක කරගන්න අතහිත දුන් පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ ගෙදර අය මතක් කරන්න ඕන. අම්මා, තාත්තා, මගේ නංගිලා දෙන්නා, අකිල ජයසේකර අයියා මතක් කළ යුතුයි. ඔහු නිසා තමයි මම කැමරාවක් දැක්කේ. සත්සර කසුන් අයියා නිසා තමයි ටීවී එකක කෙනෙක් මාව දැක්කානම් දැක්කේ. සුපුන් රත්නායක අයියා එයාගේ ඩ්‍රාමා එකේ මට අවස්ථාවක් දුන්නා. යොහාන් අබේනායක අයියා මට හැමදේටම උදවු කරනවා. ඒ හැමදෙනාටමත්, වචනයකින් හරි උදවු කළ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද