අද යන රැල්ලට අපි යන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2018-04-09-ent-03

රූප රචනා තුළ නිතර දකින නිෂි සමරවීර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි මෙළෙස සූදානම් වුණේමු. ක්ෂේත්‍රය පැමිණ කෙටි කාලයක් තුළදී රංගනයටද පිවිසීමට සමත් වූ නිෂි වර්තමානයේ නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය නිරූපිකාවක් බවට වර්තමානයේ පත්ව සිටියි.

 

මේ දවස්වල නිෂි කියන්නේ කාර්යබහුල නිරූපිකාවක්?2018-04-09-ent-02

ඔව්, එහෙම කිව්වොත් හරි. පහුගිය ටිකේ ගොඩක් වැඩ කළා. හැම පැත්තෙන්. ගීත රූප රචනා, රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වගේම ටෙලි නාට්‍යය කිහිපයම රඟපෑවා.

 

ප්‍රේක්ෂකයෝ කතා කරපු කලා නිර්මාණත් ඔය කරපු වැඩ අතරේ තියෙනවාද?

නලින්ද රණසිංහ, අජිත් බණ්ඩාර හා හර්ෂ ධනෝෂ් ගායනා කරන ගීත සඳහා නිර්මාණය කරපු රූප රචනා හරහා මා ගැන ගොඩක් දෙනෙක් කතා කළා. ඒ වගේම තමයි මේ දිනවල ජනප්‍රිය ‘ප්‍රීමා’ ටොප් නූඩ්ල්ස් වෙළෙඳ දැන්වීමෙත් මා රඟපානවා.

 

ක්ෂේත්‍රයට ආපු මුල් කාලේට වඩා ඔබේ විලාසිතා දැන් ගොඩක් වෙනස් වෙලා?

එහෙම ලොකු වෙනසක් නැහැ. ක්ෂේත්‍රයට ආපු මුල් කාලේට වඩා දැන් මම ටිකක් කොටට අඳිනවා. බොහෝවිට ඔය ප්‍රශ්නය නැගෙන්න ඇත්තේ ඒ නිසා. කොහොමත් මම කොටට අඳින කෙනෙක්. පසුගිය ටිකේ මට දායක වෙන්න ලැබුණ නිර්මාණවල කොටට අඳින දර්ශන තිබුණා. ඉතින් නිර්මාණයට අනුව මම එහෙම විලාසිතාවලට යොමු වෙන්නේ.

 

වර්තමානයේ කරන නිර්මාණ ගොඩක් වෙලාවට නිරුවත හා අඩ නිරුවත මාකට් කරනවා?

මෙහෙමයි ගොඩක්ම ‘යූ ටියුබ්’ විව්ස් වලට තමයි ඒ වගේ දේවල් කරන්නේ. නිරුවත මාකට් කරන රූප රචනා යන්නේ සමජා මාධ්‍යජාලා තුළ.

 

නිෂි කියන්නෙත් අද රැල්ලට යන නිරූපිකාවක්ද?

අද යන රැල්ලට අපිත් යන්න ඕනා. ඒ කියලා මට නොගැළපෙන වැඩ මම භාරගෙන කරන්නේ නැහැ. රැල්ලට යමින් හොඳ වැඩ වලට විතරක් මම දායක වෙනවා.

 

ලොකු මුදලක් එක්ක අඩනිරුවත් දර්ශනයකට ඔබට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙනවා?

නැහැ. එ නිර්මාණය මම භාර ගන්නේ නැහැ. මොකද මම මගේ සීමාවකට වැඩ කරන කෙනෙක්.

 

නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන දැන් කොපමණ කල්ද?

දැන් වසර දෙකක් විතර ඇති. මේ වසර දෙක තුළ ගොඩක් වැඩ කළා. විවිධ නිර්මාණවලට දායක වුණා. ගොඩක් සතුටු වෙන්න පුළුවන් මේ ගෙවුණු කාලය ගැන නිරූපිකාවක් විදිහට.

 

නිරූපණයටද? රඟපාන්නටද වඩාත් කැමති?

දෙකටම කැමතියි. නමුත්, සාපේක්ෂකව රඟපාන්න තමයි ගොඩක්ම කැමතියි.

 

නිෂි සාමාන්‍යයෙන් මොන වගේ කෙනෙක්ද?

මම ටිකක් කටකාරයි. ඒ වගේම දඟයි. හැබැයි හැමෝම එක්ක එකමුතුව සතුටින් ඉන්න කැමති කෙනෙක්.

 

බුද්ධික සේනාධීර

 

2018-04-09-ent-01