අද ගොඩක් දෙනෙක් නිරූපණය ක්ෂේත්‍රයේ වැරදි විදියට ඉන්නවා
තවමත් පාසල් යන වාසනා තරංගනී නිරූපණ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ඉතා කුඩා අවදියේදී.නිරූපණ ක්ෂේත්‍රයෙන් හා රංගන ක්ෂේත්‍රයෙන් දිර්ඝ ගමනක් යාමට ඇය බලාපොරොත්තු වෙනවා.ඇය අපිත් එක්ක එකතු වුනේ මේ විදියට
අපිට ඔයා ගැන කිව්වොත්?
මම වාසනා තරංගනී.මගේ වයස අවුරුදු 18යි.මම උසස් පෙළ කලා අංශයෙන් හදාරනවා.ලබන අවුරුද්දේ තමයි විභාගය කරන්නේ.ඊට අමතරව තමයි මම නිරූපණ කටයුතු කරන්නේ.
ගෙදරින් මේ වැඩ වලට බලපෑමක් කරන්නේ නැද්ද?
නෑ.මම තෝරා ගෙන හොද නිර්මාණ කරන නිසා ගෙදරින් බලපෑමක් නැහැ.
කොච්චර කාලයක් විතර වෙනවද නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා?
දැනට අවුරුදු එකාහාමාරක් විතර වෙනවා.
මුලින්ම දායක වුණු වැඩ ගැන කිව්වොත්?
මුලින්ම කරේ ස්ටූඩියෝ ෂූට් එකකට.ෂෙහාන් අයියගේ.ඊට පස්සෙ කවර් ෂූට් කරා.
දැනට කරලා තියෙන වැඩ ගැන කියන්නකෝ
බ්‍රයිඩල් කැෂුවල් පොටෝ ෂූට්,පේපර්වල ෆැෂන් පේජ්,කවර් ෂූට් වගේ ඒවා.
උසස් පෙල විභාගයෙන් පස්සේ වෘත්තීයක් විදියට නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවද?
උසස් පෙලින් පස්සෙ සුදුසු රැකියාවක් කරනවා.ඒ අතර ම නිරූපණය කරනවා.
ලංකාවේ අද වෙනකොට නිරූපණය ගැන තියෙන ප්‍රතිරූපය වෙනස්.මොකද මේ ගැන හිතන්නේ?
නිරූපණය හොද නරක දෙපැත්තක් තියෙනවා.අපි තෝර ගන්න නිර්මාණයන් එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ.තමන්ට ගැලපෙන සමාජයට ප්‍රයෝජන දෙයක් කරනවා නම් ඒකේ වැරැද්දක් දකින්න බැහැ.
ඉදිරියේදි කරන්න තියෙන වැඩ මොනවාද?
කමර්ෂල් කිහිපයකට කතා කරා.ඉඩ ලැබෙන විදියට ඒවා කරනවා.
නිරූපණය ගැන මොකද හිතන්නේ?
අද ගොඩක් දෙනෙක් මේකෙ වැරදි විදියට ඉන්නවා.ඒක නිසා මේක ගැන ගොඩක් දෙනා වැරදි විදියට දකින්නේ.මේක හොද ක්ෂේත්‍රයක්.හොද දේවල් කරලා ඉස්සරහට එන්න පුළුවන් ක්ෂේත්‍රයක් මේක.
ඔයා නිරූපණය ගැන හදාරලා තියෙනවද?
මම මුල් කාලේ ශේෂාන් අයියා හරහා මුල් කාලෙදි හැදෑරුවා.අධ්‍යාපන කටයුතු නිසා ඊට පස්සේ නැවත්වුවා.
අධ්‍යාපන කටයුතු වලින් පස්සෙ නැවත නිරූපණයයි රංගනයයි හදාරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ රංගනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා?
ඔව්,ආරාධනා කිහිපයක් ලැබුනා.අධ්‍යාපන කටයුතු නිසා භාර ගත්තේ නැහැ.
අවසාන වශයෙන් කවුරුහරි මතක් කරන්න තියෙනවාද?
මගේ අම්මා තාත්තා,ෂෙහාන් අයියා එතකොට සජීව අයියා එයාලව මතක් කරනවා.
කැළුම් විශ්වනාත්