අද කලාව කියන දේ මුදලට විකිණෙනවා
දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ ශිෂ්‍යාවක් ලෙස කටයුතු කරන නුරානි තෙන්නකෝන් සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ මෙළෙස අපි දිග හැරියේමු. දැනට රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් ලෙසද කටයුතු කරන නුරානි අනාගතයේදී චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වීමටද සිහින දකිමින් සිටින්නීය. මේ ඒ පිළිබඳව ඇය පැවසු දේ.
නුරානි කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ?
මම කලා ක්ෂේත්රයට එන්න කළින් නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කළා. මෙම කලා ක්ෂේත්රයට ආවේ නම් ගිය වසරේදී. එදා ඉඳලා රංගන ශිල්පිනියක් විදිහටත්, නිරූපිකාවක් විදිහටත් වැඩ කරනවා. රංගනයට එන්න අතදුන්නේ මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘සිදූ’ ටෙලි නාට්‍යයේ ‘දර පාන්’ විදිහට රඟපාන ප්‍රදිප් මානවඩුගේ අයියා.
ඔබ දායක වෙලා තියෙන කලා නිර්මාණ?
මේ වෙන කොට එක් ටෙලි නාට්‍යයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ තිළිණ බොරලැස්ස අයියාගේ ‘ඒවී කඳුළ’ ටෙලි නාට්‍යයට. ඊට අමතරව ‘මුතු කඳුළු’ කියලා කෙටි චිත්‍රපටයකටත් දායක වුණා පසුගිය කාළේ. මේ නිර්මාණ දෙකම ඉදිරියට එන්න තියෙනවා. තවත් ටෙලි නාට්‍යයකට දායක වෙන්න ආරාධනාවකුත් මේ වනවිට මට ලැබිලා තියෙනවා.
නුරානි ගී පද රචකාවියක්?
ඔව්, මේ වෙන කොට මා විසින් රචිත ගීත දෙකක් එළිදක්වලා තියෙනවා. තව ගීතයක වැඩ කටයුතු මේ දිනවල සිදු කරමින් යනවා. ගීත ලියන්නත් මට පුංචි කාලේ ඉඳලා ලොකු ආසාවක් තිබුණා.
කලා ක්ෂේත්රය ගැන නුරානිගේ අදහස?
ඇත්තටම, මේ ක්ෂේත්රය තුළින් ජීවත් වෙන්න කෙනෙකුට අමාරුයි. මොකද, අද මුදලට හැමදේම විකිණෙනවා. කලාකරුවොත් මුදලට විකිණිලා තියෙන්නේ. ඒ නිසා මේ ක්ෂේත්රයේ ඉන්න අය වගේම එන්න බලාපොරොත්තු වෙන් ඉන්න අය දැන ගත යුතුයි කලාවට නිසි තැනක් දෙන්න. ‘හෙළුව’ මාකට් කරලා සල්ලි හෙයන එක හරි ජනප්‍රිය වෙන එක හරි නෙවෙයි සිද්ධ වෙන්න ඕනා. දක්ෂතාවයට ඉඩක් දිය යුතුයි මේ ක්ෂේත්රයේ පැවැත්මට නම්.
ක්ෂේත්රය කිහිපයක ඔබ කටයුතු කරනවා. මින් වඩාත් කැමති ක්ෂේත්රයක් තියෙනවාද?
රංගනයට, නිරූපණයට මේ දෙකටම මම කැමතියි. නමුත්, මම ගොඩක්ම කැමති මාධ්‍යය රැකියාවට. එතැනින් තමයි මගේ ගමනේ ආරම්භය සිද්ධ වුණේ.
අපි හැමෝටම හීන තියෙනවා පුංචි කාලේ?
පුංචි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා රංගනයට යොමු වෙන්න. නමුත්, මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරන්න ගත්තට පස්සේ රංගනයට යොමු වෙන්න තිබුණ ආසාව අඩු වෙලා ගියා. ඒත්, දැන් මම නිරූපණයයි රංගනයයි දෙකම කරගෙන යනව. ඒත්, මම වැඩිපුරම කැමති මාධ්‍යවේදිනියක් විදිහට ඒ ගත කරපු ජීවිතයටයි.
කලා ශිල්පිනියක් විදිහට නුරානිගේ ඉලක්ක මොනවද?
මම අද කොළම විශ්වවිද්‍යාලයේ ‘ශ්‍රී පාලි’ මණ්ඩලයේ උපාධියක් හදාරනවා. ඉතින් ඒ නිසා සිනමාව පැත්තෙන් චිත්‍රපට අධ්යක්ෂවරියක් වෙන්න තමයි මගේ ලොකුම ඉලක්කය වෙලා තියෙන්නේ.
උදව් කළ අය ගැන කිව්වොත්?
මේ තරම් දුන්න එන්න උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ අතරේ මුලින්ම මගේ අම්මා, තාත්තා ඇතුළු මගේ පවුලේ අය මතක් කරන්න ඕනා. ඊට අමතරව ප්‍රදිප් අයියා, තිළිණ අයියා, ඉන්දික අයියා, මලින්ද අයියා, තුෂාල් සර්, දිනෙත් සර්. ඒ වගේම මම අධ්‍යාපනය ලැබු කුරූණැගල මලියදේව බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලයට හා මගේ පාසල් මිතුරියන් සියලු දෙනාමත් මේ අවස්ථාවේදී මතක් කරනවා.
බුද්ධික සේනාධීර