අද අළුත් ශිල්පීන් රැසක් බිහිවෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-926

අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරඟාවලිය හරහා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට හැකි වුණු තරුවක් තමයි නිෂූ කියන්නේ. බ්‍රයිඩ්ල් මොඩ්ලින් ක්ෂේත්‍රය තෝරාගෙන තිබෙන ඇය නර්තනයටද දස්කම් දක්වනවා. ඉතින් අද සාරවිට කතාබහට නිෂූව අපි සම්බන්ධ කරගන්න හිතුවේ මේ විදිහටයි.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම නිෂූ සේවික්‍රම. මම දැනට පෞද්ගලික ආයතනයක සේවය කරනවා. ඊට අමතරව තමයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ. මම ගොඩක්ම කැමති නර්තනයට. නර්තනය තමයි මගේ ජීවිතයට හුඟාක්ම සමීප. පාසැල් කාලේ ඉඳලාම නර්තනයට සම්බන්ධ වුණා. පාසල් මට්ටමින් නර්තන තරඟාවලි ජයග්‍රහණය කළ කෙනෙක්.2019-09-19-ent-925

 

නිරූපණයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

දැනට වසර කිහිපයකට කලින් අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වුණා. ඊටපස්සේ තමයි මේ ක්ෂේත්‍රයට වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ. නමුත් ඒ කාලේදි මගේ අධ්‍යාපන කටයුතු නිසා මට නිරූපණයට වැඩි අවධානයක් ලබා දෙන්න බැරි වුණ. දැනට අවුරුදු එකහාමාරකට විතර පෙර තමයි ආයෙත් වැඩ කරන්න පටන් ගත්තේ.

 

නවක ශිල්පිනියක් ලෙස ඔබ ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

ඇත්තටම මම නිරූපණ ක්ෂේත්‍රයේ වරදක් දකින්නේ නැහැ. මම නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කරන්නේ. නමුත් සමහර ශිල්පිනියන් නිසි මේ ක්ෂේත්‍රයේ පොඩි කළු පැල්ලකමක් ඇති වෙලා තියෙනවා. හොඳ නිරූපණ ශිල්පිනියොත් ඉන්නවා. මේ ක්ෂේත්‍රයේ ඉගෙනගන්න දේවලුත් තියෙනවා.

 

මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

වෙළඳ දැන්වීම් දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් ආයතනයක නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවා. මම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ බ්‍රයිඩ්ල් මොඩ්ලර් කෙනෙක් විදිහට. ගොඩක් අය මාව හඳුන්වන්නෙත් ඒ විදිහටයි.

 

ටෙලි නිර්මාණවලට හෝ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබිලා නැද්ද?

මගේ නම් අදහස ටෙලි නාට්‍යවලට සහභාගී නොවී ඉන්නයි. නමුත් මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයකට මට ආරාධනා ලැබුණා. හැබැයි චිත්‍රපටයකට නම් ආරාධනා ලැබිලා නැහැ.

 

නවක ශිල්පිනියන් සමග තිබෙන තරඟකාරීත්වය කොහොමද?

ඇත්තටම අද අළුත් ශිල්පීන් රැසක් බිහිවෙනවා. නමුත් මේ ක්ෂේත්‍රයේ ශිලිපීන් සමග තරඟයක් තියාගන්න ඕනේ කියලා මම දකින්නේ නැහැ. නවක ශිල්පීන් ප්‍රවීණ ශිල්පිනියන්ගෙන් ඉගෙන ගන්න ඕනේ කියලයි මම හිතන්නේ. අත්දැකීම් ලබාගන්න, ඉගෙනගන්න එක තමයි නවකයෝ විදිහට අපි හැම විටම කරන්න ඕනේ.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ පස්සෙන්ම ඉන්නේ මගේ අම්මා. එයා නැත්නම් මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න බැහැ. ලොකු සහයෝගයක් ලබා දෙනවා අම්මා සහ පවුලේ අය.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

වෙළඳ දැන්වීම් නිරූපණයට සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මගේ අනෙක් නිරූපණ කටයුතුත් සාර්ථකව කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

උදව් කරපු අය ගැන කියමු?

මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. නම් වශයෙන් කියන්න බැරි බොහෝ පිරිසක් මට උදව් කරලා තියෙනවා. ඒ හැමෝටම මම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-09-19-ent-924