අත්දැකීම් ලබමින් ක්ෂේත්රය තුළ රැඳී සිටින්නට ආසයි
ලිහිනි දිලේකා විජේකෝන් නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වුවද ඉතා සෙමින් ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. ලිහිනිගේ ආගමනය සම්බන්ධයෙන් ‘සාරවිට’ අප සමග මෙලෙසින් අදහස් දැක්වූවාය.
ඔයාගේ නම කිව්වොත්?
රැකියාවක් කරනවාද? නැත්නම් ගෙදරට වෙලා ඉන්නවාද?
රැකියාවක් කරනවා.
එතකොට නිරූපණය කරන්නේ?
ඒක විනෝදාංශය විදිහට තමයි කරන්නේ. ඒ ක්ෂේත්රයට මං ගොඩක් කැමතියි.
ගෙදරින් අකමැත්තක් නැද්ද?
ගෙදරින් මුලින්ම කැමති නැහැ. නමුත් දැන් අකමැත්තකුත් නැහැ. හැබැයි ගොඩක් කැමතිත් නැහැ.
ඔයාගේ නිරූපණය පැත්තෙන් බලාපොරොත්තුව මොකක්ද?
මං ඒක ආසාවට කරන දෙයක් ඒ ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි. ඒ පිළිබඳව අත්දැකීම් ගන්න ඕනේ. මොකද මට මේ ක්ෂේත්රය ගැන ලොකු දැනීමමක් නැහැ. ඒ පිළිබඳව හදාරන්න ඕනේ.
එතකොට වෘත්තීය විදිහට කරන්නේ මොකක්ද?
මම පෞද්ගලික ස්ථානයක රැකියාවක් කරනවා.
නිරූපණයට රැකියාව බාධාවක් නැද්ද?
නැහැ. මං ගොඩක් වෙලාවට මගේ විවේක කාලය තමයි ඒකට යොදා ගන්නේ.
නිරූපණය ගැන ඉගෙන ගන්නවාද?
ඔව්, මං නික් ජයමහ සර්ගේ ක්ලාස් යනවා. සර්ව මට හඳුන ගන්න ලැබුණේ ෂේඩ් මිරර් ආයතනයෙන්.
ඉදිරි කටයුතු?
ප්රධානම දේ රැකියාව මං හෝටෙල් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා. ඒ වැඩ කරන ගමන් නිරූපණය ගැන ඉගෙන ගෙන ෆොටො ෂූට් වැඩවගයක් තියෙනවා. ඒ වැඩ සඳහාත් සම්බන්ධ වෙන්න ඉන්නවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
ඔව් ගොඩක් අය ඉන්නවා. අම්මා තාත්තා මගේ අක්කි මල්ලි එයාලා ගොඩක් මට උදවු කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අයියා කෙනෙක්ව. එයා මල්ශාන් ෆෝන්සේකා ගාමිත්, මගේ හොඳම යාලුවා මධුෂානි එයාලා මෙතනට එන්න මට ගොඩක් උදවු කළා. ඒ වගේම ශේඩ් මිර්ර් ආයතනය. Mr. ජනරන්ජන ඇතුළු මට අද වෙනකන් මට උදවු කරපු යාළුවෝ හැමෝටම ස්තූති කරන්න ඕනේ. ඒ වගේම මේ වෙනකන් මගේ ෆොටෝස් කරපු හැම ඡායාරූප ශිල්පියෙකුටම ස්තූති කරනවා.
Dilan Chryshantha / Pix - Disna Dharmarathna
Makeup - Indika Bridal (0773237544)