අතරමගදි යාළුවෙච්ච පූසෝ බල්ලෝ ගේ වටේම
කුමාර සිරිවර්ධනගේ තිර පිටපතකට අනුව චන්දික විජේසේන අධ්‍යක්ෂණය කළ ‘කොන්කළ දෝණි’ ටෙලි මාලාව මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාලිකාවේ විකාශය වෙනවා. මෙම නාට්‍ය සමඟ ටෙලි තිරයට පැමිණ නව යොවුන් සුන්දර රුවැත්තියක් සැඳැල්ලෙන් හඳුන්වාදීමටයි අද අපේ සූදානම. ඇය නමින් ජූජනී භාග්‍යාය. කොන්කළ දෝණි’ නාට්‍යයේ ‘අමාලි’ නමැති චරිතයට දායකව සිටින්නේ ඇයයි.
‘පූජනී’ ඔබ ගැන කිව්වොත්?
දැන් මගේ වයස අවුරුදු 19යි. උපන්නෙ කොළඹ දී. පදිංචිය වත්තල. උසස් පෙළට මුහුණ දුන්නේ පසුගිය වසරෙදියි. මගේ පාසල කැලණිය ගුරුකුළ මහා විද්‍යාලයයි. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. දැන් පුද්ගලික ආයතනයක අලෙවි විධායිකාවක ලෙස සේවය කරනවා. නමුත් තවම උසස් අධ්‍යාපනය අත්හැරලා නැහැ.
පවුලෙ විස්තරත් කිව්වොත්?
අම්මා තාත්තා සහ මට නිවුන් සහෝදරයින් දෙදෙනෙක් ඉන්නවා. මම පවුලේ වැඩිමලා.
ජූජනී කලාවට සම්බන්ධ වුණේ?
මුලින්ම රඟපෑමට එක්වුණේ සුනිල් ටී ප්‍රනාන්දු සර්ගෙ ‘දරුවනේ’ චිත්‍රපටයෙන්. එදා ඒ චිත්‍රපටය සඳහා ළමුන් තෝරා ගැනීමේ පරීක්ෂණයක් පැවැත්වුණා. ඒ පරීක්ෂණයට මාව යොමු කළේ අපේ අම්මගෙ හොඳම යෙහෙළිය වන ජනිතා නීලිකා ඇන්ටියි. දැන් එයා විදේශගත වෙලා. මාව කලා ක්ෂේත්රයට යොමු කළේ එයා. නැත්නම් මේ විදියට කලා ක්ෂේත්රයට එන්නේ නැති වේවි. මොකද මම පාසලේ ක්‍රීඩා තරුවක් වුණා. නමුත් ජිනි ඇන්ටි (අපි ආදරයට ජනිතා ඇන්ටිව අමතන්නේ එහෙමයි* නිසා තමයි කලාව කෙරෙහි ලොකු උන්නදුවක් ඇති වුණේ. දරුවන්ගේ චිත්‍රපටයට තේරීමෙන් පසුව ප්‍රියන්ත සමරකෝන් සර්ගෙ ඇකඩමියට ගියා. එහිදී පෙන්වූ දක්ෂතා බළලා සිිරසේ ‘සිරිවාසල’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන ළමා චරිතයට තේරුණා. මේ දිනවල ඒ නාට්‍ය ඔඪx1 ඔස්සේ නැවත විකාශය වනවා. පාසලේ දී ක්‍රීඩාවලට අමතරව නර්තනය තමයි අනෙක් ප්‍රියතම අංශය වුණේ. පාසලේ නිර්මාණය කළ වේදිකා නාට්‍ය හා රංග කලා විෂය පවා තෝරා ගත්තා. ‘ඉර මාමා තරහා වෙලා’ පාසල් නාට්‍යයේ එදා රඟපෑවා. පළාත් තරඟාවලියේදී එය දෙවැනි ස්ථානය දිනා ගත්තා. නමුත් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙද්දී නාට්‍ය හා රංග කලා විෂයට සමුදුන්නා. වාණිජ විෂය තමයි ඊළඟට තෝරා ගන්නේ. උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්.
පාසලේ දී ක්‍රීඩා තරුවක් කිව්වා. මොනවද කළ ක්‍රීඩා? මොනවටද වඩා දක්ෂ වුණේ?
නොකළ ක්‍රීඩාවක් නැති තරම්. දැල් පන්දු ක්‍රීඩා කළා. දක්ෂම ක්‍රීඩිකාව වගේම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළා. තවත් වසරකදී එල්ලේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. මලල ක්‍රීඩාවලදී උස පැනීම, තුන් පිම්ම සහ මීටර 110 කඩුළු පැනීම අංශවලින් පිට පිට වසර කීපයකදීම දක්ෂතම ක්රිඩිකාව වුණා. ඒ විතරක් නෙවෙයි. පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙත්, බැට්මින්ටන් ටීම් එකෙන්, අත්පන්දු සහ පාපන්දු කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළා.
මේ සියලූ ක්‍රීඩා අතරින් වඩා දක්ෂ වුණේ?
දැල්පන්දු සහ ජිම්නාස්ටික්වලටයි. මලල ක්‍රීඩා අංශ තුනටත් වඩා දක්ෂ වුණා. අපේ පාසල ජිම්නාස්ටික් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය පවා දිනුවා. මාත් ඒ කණ්ඩායමේ සාමාජිකාවක වුණා. මේ සියල්ලට අමරතව පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ 2015 වසරේ නායිකාව වුණා. 2015 පාසල් වර්ණ රාත්රියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි වර්ණ දිනා ගත්තා. අන්තිමට 2017 වසරේ ක්‍රීඩා නායිකාව ලෙසත් තේරුණා.
මෙච්චර හොඳට ක්‍රීඩා අංශය නියෝජනය කරද්දී ඇයි ඒ අංශයෙන් ඉදිරියටම නොගියෙ?
ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ පරීක්ෂණයට පවා ගියා. එහි ප්‍රථම අදියර පවා සමත්. ඒත් ජීවිතයෙ ඔක්කෝම බදාගෙන ගමනක් යන්න බැහැ. ක්‍රීඩා අංශයේ පුහුණුකාරිනියක ලෙස වෘත්තීය කිරීමේ අරමුණකුත් තිබුණා. අදටත් මම පාසලට ගියාම නංගිලා මල්ලිලා මාව වටකරගන්නවා. අක්කා අපිත් එක්කම ඉන්න කියලා.
පාසලේ දී ඉගෙනීම සහ ක්‍රීඩා මේ ඔක්කොම සමබරව කළේ කොහොමද?
ඇත්තම කිව්වොත් ගුරුවරු මාව උනන්දු කළා. පංතිබාරව සිටි නිස්සංක සර්ව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනෑ. අපේ ගිණුම්කරණ විෂය බාරව සිටියෙත් ඒ සර්. සර් මාව බොහෝම උනන්දු කළා.
අද පූජනී ගැන කලා ක්ෂේත්රයේ වැඩිපුර කතා වෙන්නේ?
මියසික් වීඩියෝ නිසා තමයි වැඩිපුර කතා වෙන්නේ. ලක්ෂ්මන් පුෂ්පකුමාර සර්ගෙ ආදර ගීතය ටෙලිනාට්‍යයේ රඟපෑවා ‘මැණික්’ නමින් අහිංසක චරිතයක්. ඊට අමතරව තමයි ‘කොන්කළ දෝනි’ අමාලි ලෙස රඟපෑමට අවස්ථාව ලැබුණේ. ආදර ගීතය ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කළේ ප්‍රවීණ වේෂ නිරූපන ශිල්පී මනෝජ් ලක්සිරි අයියා. ඒ වගේම සහාය අධ්යක්ෂ ප්‍රියන්ත අයියාවත් සිහිපත් කරන්න ඕනෑ.
පූජනී කොහොම කෙනෙක්ද?
හිත හොඳ චරිතයක්. මිශ්‍ර පාසලකට ගියේ. මිතුරු මිතුරියන් ගොඩාක් ඉන්නවා. හරිම මිත්‍රශීලි කෙනෙක්. නිතරම කියවන එක මගේ පුරුද්දක්. යාළුවෝ කියන්නේ අපෝ ඔයාගේ කච කචේ ඉවරයක් නැහැනේ කියලයි. මට හැකි විදියට උදව් කරනවා. සතුන්ට හරිම කරුණාවයි. පාරේ යනකොට සතෙකුට කරදරයක් වෙලා තිබුණොත් අහක බලන්නේ නැහැ. හැකි විදියට ඒ සතා ගැන බලනවා. අපේ ගෙදර අහල පහළ ගෙවල්වල බල්ලෝ පූසෝ මා එක්ක හරිම එකතුයි. ඒ විදියට යාළු වෙච්ච බල්ලො පූසෝ 8ක් 10ක් විතර අපේ ගෙදර ඉන්නවා. ඒ සතුන්ට කෑම දෙන්න වෙනමම භාජන පවා ගෙනල්ලා තියෙන්නේ. හරිම සත්ව කරුණාව ඇති කෙනෙක්.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ