අඩ නිරුවතින් පෙනි ඉන්න චරිතයක් මම කවදාවත් භාරගන්නේ නැහැ
සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වූ සක්කරං හි රන් එතෙනා ලෙස බොහෝ ප්‍රේක්ෂයන්ගේ ප්‍රතිචාර දිනාගත් ක්‍රිෂි ඩියානා වර්තමානයේ කලා ක්ෂේත්රය තුළ සිටින නැගි එන යොවුන් රංගන ශිල්පිනියකි. සක්කරං ඇතුළු තවත් ජනප්‍රිය ටෙලි නාට්‍යය රැසක දකින්නට ලැබුන ඇය ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි.
ඔබ රංගන ශිල්පිනියක්ද?
ඔව්, හැබැයි වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් නෙමෙයි. තාම මේ ක්ෂේත්රයට මම අලුත් කෙනෙක්. ගොඩක් දුර ගමනක් මට මේ ක්ෂේත්රය තුළින් යන්න තියෙනවා.
කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. මම අද ඉන්න තත්ත්වය ගැන හිතලා මගේ පවුලේ අය වගේම නෑදෑයොත් අද ගොඩක් සතුටුයි.
දැනට දායක වුණු නිර්මාණ මොනවද?
ක්‍රයිම් සීන්, සක්කාරං, සකලගුරු, වාසිටි, ඉගි බිඟි යන ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙන්න ආරාධනාත් මට ලැබිලා.
කලාව වෘත්තියක් විදිහට කරනවාද?
රටේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක ඇත්තටම රංගනය වෘත්තියක් විදිහට කරන්න අමාරුයි. නවකයන්ට කොහොමත් ලේසි නැහැ. මොකද ඔවුන්ට අනෙකුත් ප්රවිණ අයට සාපේක්ෂව ගෙවන මුදල ගොඩක් අඩුයි.
රංගන ශිල්පිනියක් විදිහට ඔබ පනවාගත් සීමාවන් තියෙනවාද?
ඔව් ඇත්තටම. මම රංගන ශිල්පිනියක් විදිහට යම් යම් සිමාවන්වල ඉඳලා තමයි වැඩ කරන්නේ. හැම වැඩක්ම භාරගන්නේ නැහැ. ලැබෙන වැඩේ හොඳද නරකද වගේද මට ඉන් හානියක් වෙනවාද නැද්ද කියලත් මම ගොඩක් හිතලා බලනවා.
අඩ නිරුවත්, සරාගි දර්ශන තියෙන නිර්මාණයකට ආරාධනා කළොත් භාරගන්නවද?
මට ගැළපෙන විදියේ හොඳ චරිතයක් නිර්මාණය ඇතුළේ තියනවා නම් ඇත්තටම බාර ගන්නවා. එහෙත් නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයක් මම කිසිසේත්ම බාර ගන්නේ නෑ. නිරුවත පෙන්නලා ප්‍රසිද්ධ වෙන්න මට කිසිසේත්ම අවශ්‍ය නෑ.
අලුතෙන් ක්ෂේත්රයට එන අය මුදලට විකිනෙනවා කියන කතාව ඇත්තද?
කරන අයත් ඉන්න පුළුවන්. ඒක ඉතින් මේ ක්ෂේත්රයේ විතරක් නෙවෙයි ඕනෑම ක්ෂේත්රයක එහෙම කරන අය ඉන්න පුළුවන්.
එහෙම් යෝජනා චෝදනා ඔබටත් තියෙනවාද?
මට එහෙම මේ වනතෙක් යෝජනා ඇවිත් නෑ. චෝදනා ඇවිල්ලත් නෑ. මොකද, මට ඔය කියන ආදාලම නැති දෙයක්. මම මගේ වැඩේ කරලා පාඩුවේ ඉන්න කෙනෙක්.
කලා ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
ඔව්, කලාව තුළ දිගටම රැදිලා දක්ෂ හා ජනප්‍රිය නිළියක් විදියට ඉස්සරහට යන්න තමා මගේ එකම බලාපොරොත්තුව.
පවුලේ අය ඔබ කලාවට සම්බන්ධ වුණ එක ගැන දරණ අදහස් මොන වගේද?
ඇත්තටම, ගොඩක් සතුටු වෙනවා වගේම මගේ පවුලේ අය මම ළගින්ම ඉඳන් මට උදව් කරනවා. මේ වෙලාවේදී ඔවුන් හැම දෙනාවම මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර