Ceylon majestic pageant එකෙන් මට හොඳ අත්දැකීමක් ලැබුණා
නිරූපණය තරග හා රියැලිටි තරග ඔස්සේ නිරූපණයට පිවිසෙන ඉමේෂා අත්දැකීම්වලින් සපිරි දක්ෂ නිරූපිකාවක්. ඇය විනෝදාංශයක් ලෙස නිරූපණය කටයුතු සඳහා දායකවන්නීය. ඇගේ ඉදිරි කටයුතු හා බලාපෙරොත්තු පිළිබඳව අප සමගින් පැවසීමට ඇගේ හඬ අවදි කාලේ මෙලෙසිනි.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ නම ඉමේෂා ප්‍රනාන්දු. මගේ පදිංචිය මොරටුවෙ. මගේ වයස අවුරුදු විස්සයි. නිරූපණ ක්ෂේත්රයේ වැඩකටයුතු කරමින් ඉන්නවා. රූපලාවණ්‍ය ක්ෂේත්රය පිළිබඳ හදාරමින් වගේම විදේශගත වීමට සූදානමින් ඉන්නේ.
මේ දිනවල දායකවුණු වැඩකටයුත්ත ගැන කතා කරමු.
ඔව්. Ceylon majestic pageant එක තිබ්බා. එහි ගොඩක් තරග තිබුණා. තරගකරුවන් 30 දෙනෙකු සිටියා. ඒ තිස්දෙනාගෙන් මම top 16 ආවා. MISS Sport කියලා Title එකක් තිබ්බා. ඒකෙන් මට ජයග්‍රහණය කරන්න ලැබුණා. මම ඒ සඳහා ගොඩක් මහන්සි වුණා. ඒ ගැන මට සතුටුයි.
ඒ ලබපු අත්දැකීම ගැන කතා කළොත්?
ගොඩක් අමාරු තරගයක්. මම හිතුවෙ නෑ 30 දෙනා අතරින් 16 අතරට එයි කියලා. මේක මගේ පළමුවෙනි Pageant එකනම් නෙවෙයි. අනිත් තරගවලට වඩා හොඳ අත්දැකීමක් මට මේකෙන් ලැබුණා.
නිරූපණ ක්ෂේත්රයේ කටයුතු කරන්නේ විනෝදාංශයක් ලෙසද? වෘත්තීයක් ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන්ද?
විනෝදාංශයක් විදියට. මම 2016 ITN අවුරුදු කුමරියට ඉදිරිපත් වුණා. ඊට පසුව ...... miss sri lanka සඳහා සහභාගී වුණා. ඒදේවල් එක්ක මම අද තැනක ඉන්නවා. මගේ විනෝදාංශයක් විදියට මගේ දක්ෂතාවයෙන් මම උපරිම ප්‍රයෝජන ගන්නවා.
වෘත්තීය ලෙස වෙනත් ක්ෂේත්රයක් තෝරාගන්න බලාපොරොත්තුවක් තියෙනවාද?
ඔව් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දුරට ලංකාවේ ඉන්න අදහසක් නැහැ. ලංකාවේ රැඳී ඉන්නකම් මගේ දක්ෂතාවයෙන් හරිවිදියට ප්‍රයෝජනයක් ගන්නවා.
ඔබට උදවු කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මගේ අම්මාව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ එයා තමයි මට ගොඩක් ලොකු හයියක් වුණේ. මගේ යාළුවො. විශ්ව අයියා, අර්ජුන අයියා, දිලු අක්කා ඇතුළු පිරිස විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. ඒ තුන්දෙනා ගොඩක් මට උදවු කළා. හැමදේම හොඳට කියලා දුන්නා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha