Award එකක් සඳහා යෑමේ බලාපොරොත්තුවක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-07-ent-192

රියැලිටි වැඩසටහනක් හරහා ක්‍ෂේත්‍රයට පැමිණි ඇය නිරූපණය පිළිබඳ හදාරමින් දිගු ගමනක් යෑමට කටයුතු කරමින් සිටින්නීය. කැපවීම හා අත්දැකීම් ඔස්සේ තම ගමන සාර්ථක කරගැනීමට වෙර දරන ඇය නමින් දිල්නි මනෝජා. ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙසින් හඬ අවදි කළාය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2017-03-07-ent-195මම දිලිනි මනූජා. මගේ උපන්ගම නුවර. දැනට පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. නිරූපණය ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරනවා.

 

නිරූපණ ක්‍ෂේත්‍රයේ ආගමනය සිදුවූයේ කෙසේද?

සිරස කුමරිය තරගයට සහභාගී වුණා. එයින් මම අවසාන 12 දෙනා සඳහා තේරී පත්වුණා. එය තමයි මගේ නිරූපණ ගමනේ ආරම්භය. බ්‍රයන් මහතා ළඟ නිරූපණය හදාරනවා.

 

ඔබ වෘත්තීමය නිරූපිකාවක්ද?

නෑ. වෘත්තීමය නිරූපිකාවක් නෙවෙයි. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. වෘත්තීමය වශයෙන් මම merchant titles කෙනෙක්. තවම ඒ පිළිබඳව හදාරමින් ඉන්නවා.

 

ඔබ නිරූපණයට එකතුවෙන්නේ කුමන කාලයේදීද?

මම නිරූපණයට එකතුවෙලා අවුරුදු එකහමාරක් දෙකක් විතර වෙනවා.

 

ඔබ නිරූපණයෙන් දායක වුන වැඩකටයුතු මොනවාද?

මම හිරු ටීවී ‘සයිබර් ටයිම්’ සඳහා දායක වුණා. දමිත් අයියා තමයි එයි අධ්‍යක්ෂණ කළේ. එය තමයි ඩ්‍රාමා එකක් විදියට මම කරපු පළමුවැනි නිර්මාණය. ඇත්තටම හොඳ අත්දැකීමක් වුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් සඳහා සහභාගී වෙනවා. ඒ වගේම Photo-shoot සඳහාත් දායක වෙනවා.

 

නිරූපණයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව රැකියාවෙන් ඉදිරියට යන්නද?

රැකියාව දැනට කොහොමත් කරගෙන යනවා. නිරූපණය මම අමතර දෙයක් විදියට තමයි තෝරාගත්තේ. මට නිර්මාණ සඳහා දායක වෙන්න ඕන කියලා පස්සෙන් ගිහින් වැඩකටයුතු සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒ දේවල් භාරගෙන කරගෙන යනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ලොකු බලාපොරොත්තුවක් තියෙනවා pageant එකකින් ඉදිරියට යන්න. කලා ක්ෂේත්‍රයේ ලොකු දෙයක් කරන්න ඒ කියන්නේ Award එකක් ගන්න වගේ බලාපොරොත්තුවක් තියෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඉස්සරලාම මට මතක් වෙන්නේ මගෙ Boy friend. එයා තමයි මේක කරන්න, මේක කරන්න කියලා හැමදේටම මාව යොමු කරවන්නෙ. මගෙ ඇඳුම් පවා Select කරන්නේ එයා. ඒ වගේම මගෙ අම්මා. එයත් මට ලොකු සහයෝගයක් දෙනවා. මගෙ නෑදෑයිනුත් මතක් කළ යුතුයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2017-03-07-ent-191  2017-03-07-ent-193 2017-03-07-ent-194