Art beat කියන්නේ වෙනස්ම beat එකක් තියෙන වැඩසටහනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-61

චරන ටීවි නාලිකාවේ මේ දිනවල විකාශය වන වැඩසටහනක් තමයි Art beat කියන්නේ. Art beat වැඩසටහන කරන්නේ ජනප්‍රිය නිවේදිකාවක් වන ඇන්ජි නවන්ජනා සමග ජනප්‍රිය ගායන ශිල්පී රවී රොයිස්ටර් විසින්. ඉතින් Art beat වල අත්දැකීම් ගැන කතා කරන්න ඇන්ජිව සාරවිට කතාබහකට සම්බන්ධ කරගන්න අපි හිතුවා.

ENT-20200824-64

ඇන්ජි මේ දවස්වල කාලය ගෙවෙන්නේ කොහොමද?

මේ දවස්වල චරන ටීවි එකේ Art beat වැඩසටහන සහ උදාහිර කියන වැඩසටහන් සමග තමයි කාලය ගෙවෙන්නේ.

 

Art beat කියන්නේ මොන විදිහේ වැඩසටහනක්ද?

චරන ටීවී කියන්නේ ලංකාවේ මාධ්‍ය නාලිකාවල content වලින් පොහොසත්ම නාලිකාව. එතකොට Art beat කියන්නේ ලංකාවේ යූත් එකට තිබෙන හොඳම වැඩසටහන. ලංකාවේ හැංගිලා ඉන්න දක්ෂතාවලින් පිරුණු තරුණ පරපුර වෙනුවෙන් තමයි Art beat නිර්මාණය වෙන්නේ. ඒ වගේම සියළුම නවකයින්ව හඳුන්වා දෙන වැඩසටහනක් තමයි Art beat කියන්නේ. ලංකාවේ හැම පැත්තකින්ම වගේ Art beat එකට අපි තරුණයන්ව සම්බන්ධ කරගන්නවා.

 

Art beat වලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා ප්‍රෝග්‍රෑම් එකට. Art beat මේ වෙද්දි ට්‍රෙන්ඩින් ඇවිත් තිබෙනවා. මේ ප්‍රතිචාර ඉදිරියටත් ලැබෙයි කියලා හිතනවා.

 

Art beatවල අත්දැකීම් කොහොමද?

මම මීට පෙර නාලිකා දෙකකම වැඩකටයුතු කළා. මේ දෙකේම වැඩසටහන් ටිකක් එක සමානයි වගේ. හැබැයි චරන ටී.වී එකත් එක්ක සම්බන්ධ වුණාම මම දැකපු දෙයක් තමයි එයාලාගේ content එකකට එකක් වෙනස්. එතකොට Art beat කියන්නේ වෙනස්ම beat එකක්නේ. මම වැඩියෙන්ම ඉදිරිපත් කරලා තියෙන්නේ මෝනින් ප්‍රෝග්‍රෑම්ස්. මට ලොකු අත්දැකීමක් එතකොට Art beat කියන්නේ. මාත් එක්ක වැඩසටහන කරන්නේ රවී රොයිස්ටර්. එයා ගායකයෙක්නේ. එතකොට ගායකයෙක් කොහොමද ප්‍රසන්ටින් කරන්නේ කියලා මිනිස්සු බලනවා. හැබැයි රවීගේ ඇතුළේ තිබුණ දක්ෂතා විශාල ගැම්මක් ආවා වැඩසටහන ඉදිරියට ගෙනියන්න. මම රවී එක්ක ගොඩක් පුහුණු වෙලා තමයි වැඩසටහන කරගෙන යන්නේ.

 

අද ලංකාවේ නිවේදනය ගැන මොකද හිතෙන්නේ?

දැනට මම ප්‍රසන්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා අවුරුදු පහක් වෙනවා. එතකොට මේ අවුරුදු පහ තුළ මම කැළණිය විශ්ව විද්‍යාලයේ මගේ උපාධිය හැදෑරුවා. ඒකත් සමග තමයි මම ප්‍රසන්ටින් කරගෙන ආවේ. මම දැන් දකින දේ තමයි චරිත මාරු වෙලා තියෙනවා කියන එක. මොඩ්ල්ස්ලා ප්‍රසන්ටින් කරනවා, ඇක්ටර්ස්ලා ප්‍රසන්ටින් කරනවා, ප්‍රසන්ටස්ලා ඇක්ට කරනවා. මේකත් එක්ක ප්‍රසන්ටින් තුළ ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා. ඒක විධිමත්ව කටයුතුකරන අයට ලොකු අවාසියක් වෙලා තියෙනවා. මොකද ප්‍රසන්ටින් වල තිබෙනවා ආචාරධර්ම, හැදියාව, හැසිරීම් හැමදෙයක්ම. වෘත්තීය නිවේදකයෙකු ඒ හැමදෙයක්ම හදාරලා එන්නේ. ලංකාවේ මේ වනවිට ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ඉදිරියේදී මගේ මාස්ටර් ඩිග්‍රි එක වෙනුවෙන් අවුරුදු දෙකක් පමණ විදේශ ගත වීමට නියමිතයි. ඒ කාලය තුල ප්‍රසන්ටින්වලින් ඈත්වෙයි. එතකල් චරන ටී.වී එකත් එක්ක ඉන්නවා.

 

ඒ කියන්නේ ඉදිරියේදී ඇන්ජිව රූපවාහිනියෙන් දකින්න නොලැබේවි?

ඔව්. බොහෝවිට එහෙම වෙයි.

 

Art beat වලට නවකයෙක්ට සම්බන්ධ වෙන්න ඕනේ නම් ඒ කොහොමද?

අපේ Art beat ෆේස්බුක් පිටුව හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපිව සම්බන්ධ කරගත හැකි දුරකතන අංක අපි Art beat වැඩසටහනේදී කියනවා. ඒ හරහා අපිව අමතලා වැඩසටහනට එකතු වීමේ හැකියාව තිබෙනවා. අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දැම්මොත් අපි අනිවාර්යෙන්ම හොයලා බලලා ඔවුන්ව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා.

 

කැළුම් දේවින්ද

 

ENT-20200824-60  ENT-20200824-62 ENT-20200824-63