මගේ ජීවිතය වෙනස් කළේ දෙවැනි ඉනිමයි
මේ සුන්දර තරුණිය ගැන ආයෙ, අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. තාරුණ්‍යයේ හැඩකාරකම එක්ක, දක්ෂතාවය වගේම නුවණින් යුතු තුරුණු ශිල්පිනියක ලෙස ඇය නම් කරන්න පුළුවනි. දෙවැනි ඉනිම සමග රංගනයේ ඉනිම ඇරඹූ ඇය ජ‘පුර සරසවියේ කළමණාකරණ අංශයේ උපාධි අපේක්ෂිකාවකි. සරසවි-ජීවිතයයි, රංගන ජීවිතයයි අතරට මැදිවූ රොෂෙල්ගේ සැබෑ ජීවිතයේ අද දවසේ හැඩතල මොන වගේද? මේ කතාබහ නිහතමානි සුන්දර රොෂෙල් සමගයි.
• රොෂෙල්, කොහොමද අද දවසේ ජීවිතය? අලුත් විස්තර මොනවද?
මගේ ප්‍රථම චිත්‍රපට රංගනයට සූදානමින් සිටින්නෙ. ඒ තමයි මගේ අලුත්ම විස්තර.
• ඒ කියන්නෙ රොෂෙල් දැන් සිනමාවට
ඔව්.
• කවදාහරි හිතුවද මෙච්චර ඉක්මණට චිත්‍රපටයක රඟපෑමට ලැබේවි කියලා?
ලොකු අරමුණක් නම් තිබුණෙ නැහැ. මීට පෙර චිත්‍රපට දෙකකටම ආරාධනා ලැබුණා. තුන්වැනියට ආරාධනා ලැබුණෙ මේ චිත්‍රපටයට. මෙහි චරිතයට කැමති වුණේ මට කළ හැකි චරිතයක් නිසයි. මේ කතාවටත් මම ආසයි. ඒ නිසා ඒකට හිත ගියා.
• ඒ චරිතය ගැන කියමු?
බොහෝම අහිංසක තරුණියකගේ චරිතයක්. ගැමි තරුණියකගේ චරිතයක් කිව්වොත් හරි. වාසව බදුගේ අයියගෙ පළමු සිනමා නිර්මාණය මේ චිත්‍රපටයයි.
• කොහොමද දැන් දෙවැනි ඉනිම?
දෙවැනි ඉනිම මගේ රංගන දිවියේ පළමු ඉනිම වගේම හැරවුම් ලක්ෂය කිව්වොත් හරි. මගේ ජීවිතය වෙනස් කළේ දෙවැනි ඉනිමයි. අද මේ විදියට සිනමාවට පවා එන්න ලැබුණෙ ඒ නිසයි. හැබැයි දෙවැනි ඉනිමෙන් මම ආවේ නපුරු චරිතයක් විදියටයි. ඔන්න දැන් ඒ නපුරු චරිතය වෙනස් වෙන්න පටන්ගෙන. ඒත් අද මට මිනිස්සු බොහෝම ආදරය කරන්න පටන්ගෙන. හිතාගන්න බැරි තරමට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ‘ආක්ෂා’ එදා හරි ආත්මාර්ථකාමී විදියට කටයුතු කළ කෙනෙක්. අද එයා සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. දැන් එයා හොඳ විනීත – අහිංසක ගැහැණු ළමයෙක්.
• දෙවැනි ඉනිම හැර වෙන ටෙලි රංගනයන් මොනවද?
දෙවැනි ඉනිම හැර වෙන කිසි දෙයක් බාර ගත්තෙ නැහැ. ‘‘රාවණා-2’’ නාට්‍යයේ රඟපෑවා. ‘‘රාවණා-3’’ එන්න තියෙනවා කියලත් කියනවා. ඒක මම හරියට දන්නෙ නැහැ. කොහොම වුනත් දෙවැනි ඉනිම ඉවර වෙන කල් ‘ආක්ෂා’ එක්ක ඉන්න තමයි මම කැමති. ඒ නිසා වෙනත් ඒවාට යන්නෙ නැහැ. මේ දිනවල එක දිගට ෂූටිංවලට සහභාගි වුණා.
• ‘‘රොෂෙල්’’ හැබෑවට ඇත්තටම නපුරුද?
කපුරුත් නැහැ, අහිංසකත් නැහැ. ඒ දෙකටම මැදි චරිතයක්.
• කැම්පස් ජීවිතේට මොකද වෙලා තියෙන්නෙ?
‘කොරෝනා’ නිසා මේ දිනවල සරසවි පවැත්වෙන්නෙ නැහැ. ඔන්ලයින් ඔස්සේ ලෙක්චර්ස් තියෙනවා. මම දැන් තෙවැනි වසරේ සිටින්නෙ. තවම සරසවි විවෘත කරන දිනයක් නම් අපි දන්නෙ නැහැ. ඔන්ලයින් ඔස්සේ ලෙක්චර්ස්වලට සහභාගි වෙනවා.
• ඒ අතරේ රඟපෑම් කටයුතුවලට යන්න පහසුද?
එක්තරා විදියට ඔන්ලයින් ඔස්සේ ලෙක්චර්ස්වලට සහභාගිවීම සහ කැම්පස් එකේ වැඩ ටික කරගන්න මට ලෙහෙසියි.
• ‘‘රොෂෙල්’ගේ මේ යන ගමනේ ප්‍රධාන අරමුණ මොකක්ද?
මගේ එකම අරමුණ ‘ප්‍රීතිමත්’ ජීවිතයක් ගත කිරීමයි. වෙන මොනවා තිබුණත් ලස්සන පවුල් ජීවිතයක් නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ආසයි. ඒ සතුටින් යන ගමන සාර්ථක වෙන්නෙ උපාධිය ලබා ගැනීම, රංගන කටයුතු හරියට කිරීම සහ මගේ ජීවිතයේ බැඳී ඇති අනෙක් සියලු දේ එක්කයි.
• ඒ-ලෙවල් (A/L) 'A' 2ක් අරගෙන ජ‘පුර කළමනාකරණයට ඇතුළත් වී, රංගනය කරන ලංකාවේ ප්‍රථම ශිල්පිනිය ඔබ වෙන්නැති?
ඒ ගැන හරියටම මම දන්නෙ නැහැ. හැබැයි ඒක එහෙම නම්, ඒක මට ලොකු සතුටක්. 'Z-Score' වැඩිම ජ‘පුර සරසවියට. ඉතින් ලංකාවේ කළමනාකරණ අංශයේ ඉහළම සරසවියට තේරීම ඇත්තටම වාසනාවක්. මගේ හොඳ නම තියාගෙන, ජනතාව අතර රැඳෙන්නට අධ්‍යාපනය වගේම මගේ සරසවි ගමනත් මූලික හේතුවක්. බොහෝ දෙනා එය අගය කරනවා. මේ සියල්ල මහන්සියෙහි ප්‍රතිඵල තමයි.
• කොහොමද වැඩි දෙනෙක් ඔබට කතා කරන්නෙ
නෙත්මි, රොෂෙල්, රොජර්ස්?
නෙත්මි සහ රොෂෙල් නම් දෙකටම මම ආසයි. ඒ නම් දෙකම දන්නෙ නැති අය, ‘ආක්ෂා’ කියලත් කියනවා.
• මේ ලස්සන, හැඩකාර, දක්ෂ, නුවණක්කාර ‘ආක්ෂා’ගෙ ආදරය ගැන කිව්වොත්?
ඕක ඉතින් හැමෝම වගේ මගෙන් අහන ප්‍රශ්නයක්. මගේ වයසත් එක්ක එහෙම අහනවා ඇති. ආදරණීය යෝජනා නම් ලැබෙනවා. ආදරය නිසා අඬන්න, ළතැවෙන්න, පසුතැවෙන්න මම ආසා නැහැ. ඒ නිසා ආදරයට මම කළබල නැහැ. තවම වයස 22 යිනේ. මට මම වෙනුවෙන් මවලා තියෙන කෙනා ජීවිතයේ හරිම වෙලාවට මට ලැබේවි.
• අපි දෙවැනි ඉනිම ගනිමු, රොෂෙල් ප්‍රේක්ෂිකාවක ලෙස වඩා කැමති අනුහස්ටද? අවන්තටද?
මේ චරිත දෙකම වෙනස් චරිත දෙකක්. ප්‍රේක්ෂිකාවක ලෙස පුද්ගලිකව චරිත දෙකටම ආසයි. හැබැයි මට වැඩිපුර රඟපාන්න ලැබිලා තියෙන්නෙ අනුහස් අයියත් එක්ක. ඒ නිසා අනුහස්ගෙ චරිතයට ටිකක් බර වැඩියි.
• වත්මන් ටෙලි ක්ෂේත්රයේ ඔබගෙ, ප්‍රියතම නළුවා කවුද?
මම හිතන්නෙ අනුහස්ගෙ චරිතය රඟපාන රවින් අයියට සහ අවන්ත වූ කේෂාන් අයියට කැමතියි.
• කැම්පස් එකේ ප්‍රතිචාර කොහොමද?
සෑහෙන කාලයක ඉඳලාම අපි ගෙදරනෙ. ඒ නිසා මෑතකදි කැම්පස් ජීවිතයක් අපට තිබුණෙ නැති නිසා, හරියටම ඒ ගැන කියන්න බැහැ. ‘ආක්ෂා’ නපුරු වෙලා හිටපු කාලයේ තමයි කැම්පස් තිබුණෙ. ඉතින් ඒ දිනවලදි නම් අපෝ ‘නපුරිච්චි’ එහෙම කියලා හරියට විහිළු කළා. ආක්ෂා හොඳ වුණාට පස්සෙ තවම කැම්පස් නොගිය නිසා ප්‍රතිචාර ගැන හරියටම කියන්න බැහැ.
• ජ‘පුර කැම්පස් එක කියන්නෙ හොඳටම රැග් එකට අහුවෙන තැනක්? කොහොමද ලැබුණු රැග් එක?
මතුපිටින් අහලා තිබුණු විදියෙ රැගක් නම් අපට ලැබුණෙ නැහැ. අපට තිබුණෙ ‘කවි’ පාඩම් කරලා ඒවා කියන්න වගේ තිබුණු අවස්ථා. කවි වගයක් සහ ඒ සංස්කෘතිය මතක නැතුව දවසක් මාත් ඇඬුවා. ඒ හැර රැග් එක ගැන මට තියෙන්නෙ සුන්දර මතකයක්. ජ්‍යෙෂ්ඨයින් (සීනියර්ස්ලා) ෆ්රෙෂාලාට ඒ විදියට රැගක් දෙන්නෙ සියලු දෙනා අතර සුහදතාවය හදන්න ඕනෑ නිසයි. මගේ බැච් එකට 1300 ක් විතර ඇතුළත්. ඒ 1300 න් එක්කෙනෙක් හරි එක පාරක් හරි ඒ නිසා හම්බවෙලා තියෙනවා. ඒක හොඳ දෙයක්නෙ.
• ‘කොරෝනා’ නිසා ගෙදරට කොටු වුණාම විශේෂයෙන් කළ දේවල් තියෙනවද?
ජිම් ගියා, හැබැයි ඒකත් අවදානම් වෙච්ච නිසා, ගෙදර ඉඳලා ‘යෝග’ කරන්න පටන් ගත්තා. ඒ වගේම එක එක කෑම හදන්නත් පුරුදු වුණා.
• ඒ විදියට හදපු කෑමවලින් ‘‘රොෂෙල්ස්’’ ස්පෙෂල් මොනවද?
‘ආප්ප’ හැදුවා. ඊට පෙර මම ආප්ප හදලා තිබුණෙ නැහැ. අපෙ අම්මත් ආප්ප හදන්න එච්චරටම පදම දැනගෙන හිටියෙ නැහැ. ඉතින් මම එයාලට ආප්ප හදලා දුන්නා. අල පරාටා, සහ බිත්තර රොටි එහෙමත් හැදුවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ