‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යයේ ‘ශ්‍රී දේවි’ කිව්වොත් දැන් කවුරුත් දන්නවා
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකම දකින දුෂි ප්‍රභා ඉලංගකෝන් මෑත කාලයේ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක් වෙයි. ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යෙය් ‘ශ්‍රී දේවී’ ලෙසින් කවුරුත් අඳුනන ඇය දැනට කාලයක් තිස්සේ විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට ලැබේ. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි..
දුෂිව අපි මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකිනවා..
ඔව්, මේ දිනවල මා රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශ්‍ය වෙනවා. ඒ අතරින් ස්වධින රූපවාහිනියේ විකාශය වෙන ‘නාඩි’ හා ස්වර්ණවාහියේ විකාශය වෙන ‘ඇය’ කියන ටෙලි නාට්‍යය හරහා මා ජනප්‍රිය වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී මා දායක වුණ තවත් කලා නිර්මාණ කිහිපයක් නිකුත් වෙන්න නියමිත වෙලා තියෙනවා.
ඔබව ප්‍රේක්ෂකයෝ අඳුනගත්තේ අද ඊයේ නෙවෙයි නේද?
නැහැ. මුලින්ම ප්‍රේක්ෂකයෝ මාව අඳුන ගත්තේ 2013 වසරේදි. ඒ සිරස රූපවාහිනි නාලිකාවේ විකාශය වුණ ටෙලි නාට්‍යයක් හරහා. එහි ප්‍රධාන නිළි චරිතයට මම පෙනී හිටියා. ඊට පස්සේ මම 2014 වසරේ විදෙස් ගත වුණා. ආයේ නැවතත් ලංකාවට ඇවිල්ලා කලා නිර්මාණ කිහිපයකටම දායක වුණා. මෑතකදී මා පිළිබඳව ප්‍රේක්ෂයන් කතා කලේ හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘හතේ කල්ලිය’ ටෙලි නාට්‍යයේ ‘ශ්‍රී දේවී’ කියන චරිතය තුළින්.
රංගනයට යොමු වෙන්න කැමැත්ත ඇති වුණේ කොහොමද?
තෙරේන කාළේ ඉඳලා මට තිබුණ හීනයක් මේක. පාසල් වේදිකා නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වුණා. ඊට පස්සේ සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ ‘තරුමංසල’ කියන වැඩසටහනට එකතු වෙලා ඉන් ජයග්‍රහණය කරාට පස්සේ තමයි රංගනයට මුලින්ම සම්බන්ධ වුණේ.
කලාවට සම්බන්ධ නොවුණා නම් ඔබ?
අනිවාර්යයෙන්ම මම හෙදියක් වේවි. මොකද, මම 2014 වසරේදී විදෙස් ගත වුණේ හෙද වෘත්තීයටම තමා. ඒත්, රංගනයට තියෙන කැමැත්ත නිසාම මම හෙද වෘත්තියට සමුදුන්නා. රංගනය කියන දෙයින් ලබන තෘප්තිය වෙන වෘත්තීයකින් ලබන්න බැහැ කියලා මම තේරුම් ගත්තා.
තරුණියකට අද කලා ක්ෂේත්රය සුදුසුයි කියලා ඔබ හිතනවාද?
මෙහෙමයි. බොහෝ දෙනෙකු අද තියෙන කට කතා නිසා එහෙම දේවල් කියනවා. මම හිතන්නේ මොන ක්ෂේත්රයක වුණත් ඔය වගේ දේවල් තියෙනවා. නමුත්, අපි දැන ගන්න ඕනා මේ ක්ෂේත්රය තුළ රැඳිලා සිටිය යුත්තේ කොහොමද කියන එක. කොටින්ම කියනවා නම් තමන් හරියට ඉන්නවා නම් එච්චරයි.
කලා ක්ෂේත්රය තුළ ඔබ දැන් නමක් හදාගෙනද ඉන්නේ?
ඒක මට තිරණය කරන්න බැහැ. අපේ නිර්මාණ බලන ප්‍රේක්ෂකයෝ තමයි තිරණය කරන්න ඕනා. මම හිතනවා මම තමත් ඉන්නේ මේ ක්ෂේත්රය පළමු පියවරේ. මම උත්සාහ කරනවා ඉදිරියේදී මේ ක්ෂේත්රය තුළ නමක් හදාගන්න.
මෑතකදී අපි ඔබව දේශිය සිනමාව තුළත් දුටුවා?
ඔව්, දැනට මම සිනමා නිර්මාණ දෙකකට දායක වෙලා තියෙනවා. එකක් මේ මෑතකදී ප්‍රදර්ශනය වුණා. ඒ චන්දන එදිරිසිංහ හා පුජිත ගුණතිලක දෙන්නා කරපු ‘ශෙලීනා’ චිත්‍රපටය. අනිත්චිත්රපටය සනත් අබේසේකර මහත්මයාගේ ‘ගුත්තිල’ චිත්‍රපටය. ඒක තාම ප්‍රදර්ශනය වුණේ නැහැ. මම හිතනවා ලබන වසරේදී මේ චිත්‍රපටයත් ප්‍රදර්ශනය වේවි කියලා.
කතා බහ - බුද්ධික සේනාධීර