මං පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්රයට ගොඩක් ආදරේ කලා
නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ දෙනෙකු දන්නා හඳුනන කෙනෙකු ලෙස හැඳින්විය හැකි කෙනෙක් තමයි දැහැමි සෙව්මිනි රාජපක්ෂ කියන්නේ. Bridal Modeling වලින් ඇය තම ක්ෂේත්රය තුල කටුයුතු කරනු ලබයි. තම කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ සමග ඇය මෙලෙස එක්විය.
මුලින්ම ඔයාව හඳුන්වාදුන්නොත්?
මගේ නම දැහැමි සෙව්මිනි කුමාරි රාජපක්ෂ. මම ඉන්නේ නුවර. බ්‍රයිඩල් නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා.
කොයි කාලේද නිරූපණ්යට එකතු වුණේ?
2019 වසරේදී වගේ
ඇයි නිරූපණය ශිල්පිනියක් වෙන්න හිතුවේ?
මං පුංචි කාලේ ඉඳන් මේ ක්ෂේත්රයට ගොඩක් ආදරේ කලා. මගේ හීනයක් වෙලා තිබ්බා. අදත් මම ගොඩක් ආදරෙයි මගේ ක්ෂේත්රයට.
මේක පොඩි කාලේ ඉඳන්ම තිබ්බ හීනයක්ද?
ඔව්. ලොකු හීනයක්. ආදරේ කරපු හීනයක්.
ගෙදරින් කොහොමද මේ සඳහා අවස්ථාවන් ලැබුනේ?
අම්මා, අප්පච්චි, අක්කා, නංගී වගේම මගේ හස්බන්ඩ්, ඔහුගේ පවුලේ කට්ටිය මගේ ගමනට ලොකු හයියක්.
නිරූපන ශිල්පිනියක් නොවුනා නම් අද කවුරු වෙයිද?
ජීවිතේ ගොඩක් වෙනස් වෙයි.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
අපි හොඳ විදිහට හිටියොත් ගොඩක් හොඳයි.
නිරූපණය පැත්තෙන් තියෙන හීන මොනාවද?
බ්‍රයිඩල් මොඩලින් පැත්තෙන් තවත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ ආවොත් ඒවටත් සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.
ඒ කියන්නේ රඟපාන එකත් හීනයක්ද?
මං හිතනවා හොඳ නිර්මාණ ආවොත් මං සම්බන්ධ වෙයි කියලා.
ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොක්කද?
මගේ පවුලේ අයත් එක්ක මොන ප්‍රශ්නයක් ආවත් හිනා වෙලා සතුටින් ජීවිතේ ගෙවන්න තිබ්බොත් මට වෙන මොනාවත් ඕනේ නැහැ.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
කරපු ශූට් වගයක් එන්න තියෙනවා. කතා කරපු වැඩත් මේ දවස් වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක නැවතිලා තියෙන්නේ.
අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට අතහිත දුන් අය ගැන?
විශේෂයෙන්ම කියන්න ඕනේ අද පුංචි හරි තැනක ඉන්නවා නම් ඒ ඉන්දු මාලා රාජපක්ෂ මිස් සහ මංජුල හරස්ගම සර් නිසා. ඒ වගේම නිරූපිකාවක් වෙන රශ්මි භාග්‍යා නංගී විශේෂයෙන් මතක් කරනවා. මගේ හස්බන්ඩ්, මගේ අම්මා, අප්පච්චි, හස්බන්ඩ් ගේ පවුලේ කට්ටිය ඒ අය නිසා තමයි මං අද මේ තරම් දුර ආවේ.
ඩිලාන් ක්‍රිෂාන්ත