හිත් රිදුණු තැන්, කලකිරුණු තැන් නැත්තේ නැහැ
කලා ක්ෂේත්රයේ විවිධ ඉසව් නියෝජනය කරන හෂී මනමේන්ද්‍ර කාලයක් පුරාවට ක්ෂේත්රයේ දක්නට නොලැබුණේ ඇය විදේශ ගත සිටි නිසායි. නමුත් ඇය මේ වනවිට නැවත ලංකාවට පැමිණ ඇති නිසා මේ කතාබහට හෂීව සම්බන්ධ කරගන්න අප සිතුවා.
හෂී, මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල නම් ගෙදර අයත් එක්ක පරිස්සමින් ගෙදරට වෙලා ඉන්නවා.
ඔබ විදේශ ගත වුණා. ඇයි ආයෙත් ලංකාවට ආවේ?
ඔව්. මම නැන්දා ළඟට ගියේ. ඇත්තටම ආයෙත් ලංකාවට එන්න හිතාගෙන නෙවෙයි ගියේ. මගේ පෞද්ගලික කාරණාවක් නිසා තමයි ලංකාවට ආවේ. මගේ රැකියාව එහේ. මම ආපු වැඩ ටික ඉවර වුණු ගමන් පුළුවන් ඉක්මනට ආයෙත් යනවා.
යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න හිතුවේ ඇයි?
මම නිවේදන කටයුතුවලට ඉස්සර ඉඳලාම ආසයි. ඒ නිසා තමයි යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තේ. කලා ක්ෂේත්රයේ ඉන්න බොහෝ දෙනෙක් මගේ යාළුවෝ. ඒ අයවත් සම්බන්ධ කරගෙන මට වැඩක් කරන්න පුළුවන් කියලා හිතුනා. ඉතිං පටන් ගත්තා. වෙන විශේෂ හේතුවක් නැහැ.
ලංකාවට ඇවිත් අළුත් වැඩවලට සම්බන්ධ වුණාද?
නැහැ. ආවාට පස්සේ අළුත් වැඩවලට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. හැබැයි ආරාධනා කිහිපයක්ම ලැබුණා. බලමු ඉස්සරහට.
හෂී ක්ෂේත්රයට ඇවිත් යම් කාලයක් ගත වෙලා. මේ කාලේදි ලැබුණු අත්දැකීම් කොහොමද?
අත්දැකීම් නම් ගොඩක් ලැබිලා තියෙනවා. හිත් රිදුණු තැන්, කලකිරුණු තැන් නැත්තේ නැහැ. ඒත් ඒ හැමදේම ගැන මට දුකක් නැහැ. මොකද ඒ හැමදේකින්ම මම ජීවිතේට පාඩමක් ඉගෙනගත්තා සහ ඉස්සරහ මගේ වැඩවලට ඒ දේවල් පහසුවක් වුණා කිව්වොත් නිවැරදියි. අදටත් සමහර අත්දැකීම් වලට මම ආසයි. ඒ හැමදේම මාව ඉස්සරහට ගෙනාවා මිසක් කවදාවත් පස්සට ඇදලා දාන්න හේතු වුණේ නැහැ.
අද ෆීල්ඩ් එක ගැන ඔබ දකින්නේ කොහොමද?
මම ඉස්සරත් කිව්වේ මේකමයි. ෆීල්ඩ් එක ඇතුලේ කෙනෙක්ට උදව් කරන්න ඉන්නේ ඉතාම සුළු පිරිසයි. අනිත් හැමෝම ඉන්නේ උදව් කරනවා වගේ රඟපාන අය. ආත්මාර්ථකාමී ගතිය අඩු කරලා වැඩ කරා නම් ක්ෂේත්රය මීට වඩා ලස්සන වෙන්න පුළුවන්. එහෙම වැඩ කරන අය ඉන්නවා. ඒත් මට දැනෙන දේ නම් තව කෙනෙක් ඉස්සරහට යනවට අකමැති පිරිස ඊට වඩා වැඩියි. හැමෝම කැමතියි අනිත් අයට හරියනවට. හැබැයි තමන්ට වඩා අඩුවෙන්. ඕක තමයි මට දැනෙන දේ.
අළුතෙන් ක්ෂේත්රයට එකතු වෙන අය ගැන ඔබ මොකද හිතන්නේ?
ෆීල්ඩ් එක ආතුලේ මමත් ප්‍රවීණයෙක් නෙමෙයි. අළුතින් කලාවට එකතු වෙන ගොඩක් අය මගේ යාළුවෝ. මම හිතන්නේ හැමෝම දක්ෂයි. ඒ වගේම දක්ෂ වුණත් අවස්ථාවක් නොලැබෙන අයත් ඒ අතර ඉන්නවා. දක්ෂතාවය වගේම වාසනාවත් මේ ෆීල්ඩ් එකට එන්න බලපානවා.
ඔබ ගායිකාවක්, රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක්. මේ තුනෙන් වැඩියෙන්ම කැමති කාටද?
මම වැඩිපුරම කැමති ගායිකාවක් වෙන්න. මොකද මගේ ඩ්‍රීම් එක වුණේ ඒක. මම මේ වෙද්දි මගේම ගීතයක් කරලා තිබෙනවා. ඒ ගීතය මගේ යූ ටියුබ් නාලිකාවෙන් නරඹන්න පුළුවන්. රංගනයට අකමැති නැහැ. රංගනය නිසා මට ලොකු පිරිසක් හඳුනගන්නත් පුළුවන් වුණා. නිවේදනයටත් ඒ වගේම කැමතියි. ඒ ඔක්කෝටම වගේ ආදරෙයි සහ කැමතියි. ඉස්සරහට බාරගත්තු වැඩ කිහිපයකුත් තිබෙනවා. ඒත් මම වැඩිපුරම කැමති ගායිකාවක් විදිහට ඉස්සරහට එන්න.
ඔබ ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. තාමත් ඒ පැත්තට සම්බන්ධයිද?
නැහැ. මම ලංකාවෙන් ගියේ ඒ හැම වැඩක්ම නතර කරලා. මම දැන් ඒ පැත්තට සම්බන්ධ නැහැ. බලමු ඉස්සරහට. ආයෙත් අවස්ථාවක් ලැබුණොත් බාරගෙන කරනවා.
නිවාඩු වෙලාවට කාලය ගත කරන්න කැමති කොහොමද?
ගෙදර ඉද්දි නම් නංගිලා එක්ක සින්දු කියනවා. කෑම හදනවා. ඒවා තමයි මේ දවස් ටිකේමත් කළේ. ඒ හැරුණාම ට්‍රැවල් කරන්න ආසයි.
ඉදිරි වැඩකටයුතු ගැන කියමු?
කලා කටයුතු කිහිපයක්ම තිබෙනවා. ඊට අමතරව පෞද්ගලික ජීවිතේ කටයුතුත් කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව.
සාකච්ඡා - කැළුම් දේවින්ද