ලස්සනට නිරෝගිමත්ව ඉන්න Aerobics වලින් පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201114Dilrukshi (3)බොහෝ කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුල රැඳි සිටිමින් කටයුතු කරනු ලැබූ ඇය නමින් දිල්රුක්ෂිකා ප්‍රනාන්දු වෙයි. මේවනවිට අලුත් වැඩ කටයුත්තක් ඇය ආරම්භ කර තිබේ. ඒ පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක් කර ගනු ලැබීය.

 

මුලින්ම ඔබ ගැන කිව්වොත්?

මම දිල්රුක්ෂිකා ප්‍රනාන්දු. ගොඩක් අය දන්නේ දිල්රුක්ෂි කිව්වාමයි.

 

නිරූපණය දැන් අත ඇරලාද?

අනේ නැහැ. ඇත්තටම වැඩ ගොඩක් තිබුනා. රෑම්ප් ශෝ මේ කොරෝනා තත්ත්වය නිසා ඇත්තටම ඒව කල් ගියා.

 

නිරූපණය කරන්න ගත්තේ කොයිකාලේද?

2014 දී තමයි මගේ පලවෙනි Bridal Shoot එක මම කලේ.

 

ක්ෂේත්‍රයේ පැවැත්ම ගැන මොකද හිතෙන්නේ ?

ඒක ඉතිං එක එක්කෙනා කරන වැඩ අනුව තමයි වෙන්නේ.  මොකද දහ දෙනෙක් ගත්තොත් විදි දහයක්. ක්ෂේත්‍රයේ ගොඩක් අය එක එක පැති වලටයි වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා පැවැත්ම ගැන මට කියන්න අමාරුයි. මට ලැබුන දේ මම හරියට කලොත් මම ඉදිරියට යයි.

 

නිරූපණයෙන් කිරුළක් ලබා ගැනීමට කැමැත්තක් තිබුනේ නැද්ද?

ඇත්තටම නැහැ. ගොඩක් අය ආරාධනා කලා මට ඉන්න කියලා. අපි පැජන්ට් වලට සහභාගී වෙමු කියලා. ගොඩක් අය බැන්නා ඇයි යන්නේ නැත්තේ අපරාදේ කියලා. අනේ මන්දා මට එහෙම ආසාවක් නැහැ. MRS Sri Lanka එකකටත් ගොඩක් යාළුවෝ ඇප්ලිකේෂන් දැම්මා.

 

ඇයි නිරූපණ ක්ෂේත්‍රය ගැන පැහැදීමක් තිබුනේ නැද්ද?

එහෙම දෙයක් නැහැ. මම ගොඩක් ආස රෑම්ප් මොඩල් වලට. ඉතිං තරඟ වලට එච්චර කැමැත්තක් නැහැ.

 

අලුත් වැඩක් පටන් ගත්තා නේද? ඒ ගැනත් කියමුද?

ඔව් මම අලුත් වැඩක් පටන් ගත්තා. මම මගේම කියලා  Aerobics Class එකක් පටන් ගත්තා. සීදූව, ජාඇල දැනට Class කරගෙන යනවා. ගම්පහ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. Aerobics Class වගේම පොඩි බබාලටත් මම ඩාන්සින් ක්ලාස් පටන් ගන්න පොඩි අදහක් තියෙනවා. මොකද මගේ දුවත් ඩාන්සින් වලට ගොඩක් දක්ෂයි.

 

එහි වැඩකටයුතු කොහොමද?

ඇත්තටම මම ක්ලාස් එක පටන් අරන් මාසයක් වත් යන්න හම්බුනේ නැහැ කොවිඩ් නිසා ක්ලාස් එක නවත්වන්න වුණා.

 

ඉදිරි සැලැසුම් මොනාද එතකොට?

මගේ Aaerobics Class එකත් දිගටම කරගෙන යන ගමන් මගේ මොඩල් ෆීල්ඩ් එකේ වැඩත් කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබේ Aaerobics Class සඳහා එකතු වෙන්න කැමති අය කොහොමද සම්බන්ධ වෙන්නේ?

ජාඇල කරන්නේ විදුසෙවන කියන හෝල් එකේ. සීදුවෙ මම මගේම හෝල් එකක් අරන් කරන්නේ. ගම්පහ මගේ යාළුවෙක්ගේ Gym එකකට සම්බන්ධ වෙලා තමයි කරන්න ඉන්නේ. 0721708105 මේ මගේ දුරකථන අංකය. මගේ ෆේස්බුක් පේජ් එකත් තියෙනවා Dilrukshika Fernando කියලා. මේ පන්ති Ladies Only’ මගේ Number එකට කෝල් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්.

 

ඇත්තටම Aerobics  කියන්නේ මොකක්ද? ඒක කාන්තාවක්ට වැදගත් වෙන්නේ කොහොමද?

Aerobics ගොඩක් කාන්තාවන් වගේම පිරිමි පාර්ශවයත් කරනවා. ලස්සනට නිරෝගිමත්ව ඉන්න Aerobics වලින් පුළුවන්.

 

අවසාන වශයෙන් කියන්න ඉදිරි බලාපොරොත්තු මොනවාද කියලා?

Aerobics Class එක වගේම මගේ Model Field එකේ වැඩත් කරගෙන මගේ පවුලත්, සැමියා සහ දුවයි සමග සතුටින් ඉන්න තමයි ලොකුම බලාපොරොත්තුව.

 

Dilan Chryshantha

20201114Dilrukshi (1) 20201114Dilrukshi (2) 20201114Dilrukshi (4) 20201114Dilrukshi (5) 20201114Dilrukshi (8) 20201114Dilrukshi (9) 20201114Dilrukshi (10)

20201114Dilrukshi (6) 20201114Dilrukshi (7)