පොඩි කාලේ ඉඳලා මේ ක්ෂේත්රයට කැමැත්තක් තිබුණා
නවක නිරූපණ ශිල්පිනියක් වන නදීෂා සමගයි අද සාරවිට කතාබහ සිදු කරන්නේ. ඇය නිරූපණ ක්ෂේත්රය තුළ හෙමින් ගමනක් යන කෙනෙක්. ඉදිරියේදි ඇය දායක වුණු අළුත්ම මියුසික් වීඩියෝවකුත් එළිදක්වන්න නියමිතයි. ඉතිං නදීෂා සාරවිටට එකතු වුණේ මේ විදිහටයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම නදීෂා තිළිණි ප්‍රනාන්දු. පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඔබේ නිරූපණ ගමන ආරම්භ වෙන්නේ කොහොමද?
දැනට අවුරුදු දෙකකට විතර කලින් තමයි ෆීල්ඩ් එකට එන්නේ. මගේ යාළුවෝ බොහෝ දෙනෙක් ෆීල්ඩ් එකට සම්බන්ධයි. ඒ ගොල්ලෝ ඒ විස්තර කියද්දී මටත් ආසාවක් ඇති වුණා ෆීල්ඩ් එකට එන්න.
මේ වනවිට දායක වුණු නිර්මාණ ගැන කියමු?
කැෂුවල් ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට් කරලා තිබෙනවා. මම දායක වුණු මියුසික් වීඩියෝවක් මේ මාසයේදී එළිදක්වන්න නියමිතයි. ඒ වගේම මම ඇඩෝරා ක්ලෝතින් ආයතනයේ නිරූපණ ශිල්පිනිය විදිහට වැඩ කරනවා. මම හෙමින් තමයි වැඩ කරන්නේ.
පොඩි කාලයකදි ලැබුණු අත්දැකීම් කොහොමද?
ඇත්තටම අවුරුදු දෙකක් වුණාට මම සම්බන්ධ වුණු නිර්මාණ ඉතා අවමයි. මොකද රැකියාවත් නිසා කාර්යබහුලත්වය වැඩියි. ඒ නිසා ලැබෙන පොඩි කාලයේදී තමයි වැඩවලට සම්බන්ධ වුණේ. මේ කාලේදී ලැබුණු අත්දැකීම් හොඳයි.
නිරූපණයට එන්නේ යාළුවෝ ෆීල්ඩ් එකේ ඉන්න නිසාමද?
පොඩි කාලේ ඉඳලා මේ ක්ෂේත්රයට කැමැත්තක් තිබුණා. ටීවී එකේදි වෙළඳ දැන්වීම් දකිද්දි එහෙම ආශාවක් ඇති වුණා. ඉතිං ඒ ආශාව නිසාම තමයි යාළුවොත් මාව පෙළඹෙව්වේ.
ගෙදරින් බලපෑමක් ආවේ නැද්ද?
තාත්තා නම් ලොකු කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් අම්මා නම් හැමතිස්සෙම කිව්වේ ඔයාගේ දක්ෂ පැත්තෙන් යන්න කියලා. අම්මා හැම වැඩකටම මගෙත් එක්ක එනවා. හැබැයි පස්සේ කාලේදි තාත්තාත් ලොකු සහයෝගයක් දුන්නා.
නිරූපණයෙන් රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද?
ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා. ස්ක්‍රීන් ටෙස්ට් වලටත් ගිහිල්ලා තිබෙනවා. මම නම් රංගනයට ගොඩක් කැමතියි. ඒත් කාලය කළමනාකරණය කරගෙන තමයි ඒ දේවල් බාරගන්නෙත්. මොකද අපි දෙයක් කරනවා නම් ඒ දේ වගකීමෙන් සහ ප්රමුඛත්වයක් දීලා කරන්න ඕනේ.
රැකියාව සහ නිරූපණය අතුරින් එක් දෙයක් තෝරාගන්න ලැබුණොත්?
මම රැකියාව තෝරාගන්නවා. මම විශ්වාස කරනවා අනිවාර්යයෙන් ස්ථිර රැකියාවක් තිබෙන්න ඕන කියලා. ඒක ඒකාකාරී වුණත් ඒ තුළ පැවැත්මක් තිබෙනවා. නිරූපණ ශිල්පිනියකට හැම මාසේම, හැමදාම එකම විදිහට වැඩ ලැබෙන්නේ නැහැ. එතකොට ආර්ථිකය සමබර කරගන්න බැහැ.
නිරූපණ ක්ෂේත්රය ගැන මතුවෙන Gossip ඔබටත් බලපා තිබෙනවාද?
තාක්ෂණය සහ විවිධ දේවල් වලින් අද ඕන කෙනෙක්ට එක රැයින් ජනප්‍රිය වෙන්න පුළුවන්. මට එහෙම වෙන්න ඕන නැහැ. මම මේ කෙටි කාලේදි වැඩ කරලා තියෙන්නේ ඉතා අඩුවෙන්. මගේ ගමන හෙමින්. මගේ දක්ෂතාවය මතින් යන්නේ. Gossip කියන දේ ඕනෑම ක්ෂේත්රයක කෙනෙක්ට නිර්මාණය වෙනවා. මිනිස්සු හැමදේකම හොඳ වගේම නරකත් දකිනවා. මම යන මාර්ගය ගැන මා තුළ අවබෝධයක් තිබෙනවා.
නිරූපණයේදි ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ මොනවාටද?
මම වැඩියෙන් ආසයි මියුසික් වීඩියෝ වලට. ඒ පැත්තෙන් මට ලොකු අත්දැකීමක් නැහැ. කාලය සමග වැඩ කරද්දි මට හිතෙනවා මියුසික් වීඩියෝ මට ගැලපෙනවා කියලා.
විශේෂයෙන් මතක් කරන්න ඕන අය කවුද?
මුලින්ම මාව ක්ෂේත්රයට ගේන්න මාව පෙළඹුව මගේ යාළුවා පීත්රාව මතක් කරන්න ඕනේ. මගේ අම්මා, තාත්තා සහ මගේ පිටුපස ඉන්න හැම යාළුවෙක්වම මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද