දක්ෂතාවයට තැනක් නෑ කියල දැණුනු අවස්ථාත් තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201111Hot (1)

කාලයක්ම නිරූපණ ක්ෂේත්‍රයේ දකින්න නොලැබුණු කෙනෙක් තමයි ඉෂී කියන්නේ. නමුත් ඇය ඉදිරියේදි අළුත් නිර්මාණ හරහා නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඉතිං ඒ ගැන දැනගන්න ඉෂීව සාරවිට කතාබහට ගෙනාවේ මේ විදිහට.

ඔබ ගැන විස්තර කිව්වොත්?

මගේ නම ඉෂී පෙරේරා. මගේ පදිංචිය කෝට්ටේ. වයස අවුරුදු 24යි. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා

ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

නිරූපණයට එන්නේ දැනට අවුරුදු පහකට විතර කලින්. 2015/2016 කාලේ වගේ. ඊටපස්සේ ගොඩක් වැඩවලට සම්බන්ධ වුණා.

දායක වී තිබෙන නිර්මාණ මොනවාද?

නිරූපණය කළාට මම ගොඩක්ම කැමති රඟපාන්න. ඒ නිසා නාට්‍ය කිහිපයක පොඩි චරිත රැසකට දායක වෙලා තිබෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණේ හිරු නාලිකාවේ 'ආටක නාටක' ඒකාංගික නාට්‍යයට. ඊටපස්සේ මට ගොඩක්ම ආරාධනා ලැබුණේ හාස්‍යෝත්පාදක රංගනවලට. ඒ නිසා මම ඊටපස්සේ එවැනි නාට්‍යවලට දායක වුණේ නැහැ. ඒ වගේම ඩෙටෝල් ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයක් කළා. ඊට අමතරව මියුසික් වීඩියෝ වලටත් දායක වෙලා තිබෙනවා. මාව ගොඩක්ම හිට් වුණේ Fill - Tගේ 'ලීක්' වීඩියෝ එකෙන්. ඒකේ මම පොඩි චරිතයක් කළා. හැබැයි මම පහුගිය අවුරුද්දක් විතර කිසි නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. හැබැයි දැන් ආයෙත් ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කාලයක් වැඩ නොකර හිටියේ ඇයි ?

ඇත්තටම පහුගිය කාලේ මම වෛද්‍ය ප්‍රතිකාර ලබමින් හිටියේ. ඒ නිසා වැඩවලට සම්බන්ධ වෙන්න බැරි වුණා.

අළුතෙන් වැඩ කරන්න තිබෙන සූදානම කොහොමද?

ඔව්. පහුගිය කාලේම වැඩ කරේ නැති නිසා අළුතින් හැමදේම පටන් ගන්න වෙලා තිබෙනවා. මගේ බර ටිකක් වැඩි වෙලා වගේ. බර අඩු කරගන්න මේ දවස්වල ව්‍යායාම කරනවා.

නිර්මාණවලින් ලැබුණු අත්දැකීම් හොඳයිද?

ඇත්තටම ලොකු දේවල් ටිකක් ඉගෙනගත්තා. වෙළෙඳ දැන්වීම් කරන්න අපහසු කාලයක් තිබුණා. දක්ෂතාවයට තැනක් නෑ කියල දැණුනු අවස්ථාත් තිබුණා. මට විතරක් නෙවෙයි. ගොඩක් දෙනෙක් ඔය දේට මුහුණ දුන්නා.

ඔබ නිරූපණ ක්ෂේත්‍රය ගැන දකින්නේ කොහොමද?

ක්ෂේත්‍රය ඇත්තටම හොඳ තැනක්. ඉස්සරහට ඉස්සරහට පරණ දේවල් නැතිව අළුත් දේවල් එකතු වෙනවා. ඒ නිසා ක්ෂේත්‍රයේ වැරැද්දක් දකින්න බැහැ. හැබැයි අද වෙද්දි එක රැයෙන් ජනප්‍රිය වෙන්න බලාගෙන පිරිසක් ඉන්නවා කියලා පේනවා.

මිනිස්සු නිරූපණ ක්ෂේත්‍රය ගැන විවිධ කතා හදන්නේ ඇයි?

එක එක්කෙනාගේ වැඩවල හැටියට තමයි ඉතිං.

රංගනයට වැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි?

නිරූපණය කියන්නේ කෙටි කාලීන දෙයක්. මේ අවුරුද්දේ ටොප් මොඩ්ල් නෙමෙයි ලබන අවුරුද්දේ ඉන්නේ. ඒත් රංගනය කියන්නේ එහෙම නැහැ. අපේ වයසත් එක්ක අපිට විවිධ චරිත නිරූපණය කරන්න ලැබෙනවා. අනික රංගනය කියන්නේ ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් තැනක්නේ

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කියමු?

අම්මා තාත්තා මට නීති දාන්නේ නැහැ. එයාලා මගේ දේවල්වලට උපරිම නිදහස දීලා තිබෙනවා.

දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්.

කවුද උදව් උපකාර කළේ?

මගේ ක්ෂේත්‍රයේ යාළුවෝ ගොඩක් උදව් කරන්නේ. නම් වශයන් කියන්න බැරි තරම් පිරිසක් ඉන්නවා. එයාලව ආදරෙන් මතක් කරනවා. ඊට අමතරව මගේ පවුලේ අයවත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20201111Hot (2) 20201111Hot (3) 20201111Hot (4) 20201111Hot (5) 20201111Hot (6)