වෘත්තීමය වශයෙන් ඩාන්සර් කෙනෙකුට යන්න පුළුවන් දුර ඉහළයි
නර්තන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්රයේ වැඩ කරන ශිල්පිනියකට අපි සාරවිට කතාබහට ආරාධනා කළා. ඇය ශෙහානි. රාජ්‍ය නැටුම් කණ්ඩායමට එක් වීමට බලාපොරොත්තුවක් ශෙහානිට තියෙනවා. ඉතින් ශෙහානි අපිත් එක්ක එකතු වුණේ මේ විදිහටයි.
මගේ නම ශෙහානි මල්ෂා. මගේ වයස අවුරුදු 22යි. මම ඉන්නේ දඹුල්ලේ. මම නර්තන ශිල්පිනියක් විදිහටත් නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු කරනවා.
නර්තන ශිල්පිනියක් විදිහට මොනවාද කරන්නේ?
මම ඩාන්සින් ඉගෙනගෙන ඉවරයි. දැන් නර්තන කණ්ඩායමක වැඩ කරනවා.
නිරූපණයට එන්නේ?
මම උසස් පෙළ ඉවර වුණු ගමන්ම වගේ තමයි නිරූපණයට එන්නේ. බ්‍රයිඩ්ල් මොඩ්ලින් තමයි මුලින්ම පටන් ගත්තේ. දැන් අවුරුදු පහකටත් කිට්ටු වෙනවා නිරූපණයට ඇවිත්.
බ්‍රයිඩ්ල් මොඩ්ලින් විතරද කරන්නේ?
මෙච්චර කල් කරේ නම් බ්‍රයිඩ්ල් මොඩ්ලින් තමයි. ඒත් ඉස්සරහට ෆැෂන් මොඩ්ලින් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙලා නැද්ද?
'සඳපාට හැන්දෑවේ', 'අංජලිකා' ඇතුළු ගීත පහකට විතර දායක වෙලා තියෙනවා.
රංගනයට ආරාධනා නැද්ද?
ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒත් හොඳ පැත්තකින්, හොඳ නිර්මාණවලට ආරාධනා ලැබිලා නැති නිසා ඒවාට සම්බන්ධ වුණේ නැහැ. මොකද නම කැත කරගෙන ඉස්සරහට යන්න මට ඕනේ නැහැ.
වැඩියෙන්ම කැමති මොනවාටද?
ඩාන්සින් වලට. පොඩි කාලේ ඉඳලා තමයි මම ඩාන්සින් කරන්නේ. ඒක හැමදාටමත් එහෙමයි.
නර්තන ශිල්පිනියකට වෘත්තීමය තත්ත්වයක් ගොඩනගාගන්න පුළුවන්ද?
වෘත්තීමය වශයෙන් ඩාන්සර් කෙනෙකුට යන්න පුළුවන් දුර ඉහළයි. ඒත් අපේ සමාජය ඩාන්සින් දකින විදිහ සහ අපෙන් ඉස්සරහ ඩාන්සින් කරපු අය නිසා නර්තනය කියන කලාව විනාශ කරලා තියෙන්නේ. අපට යන්න සිදු වෙලා තියෙන්නේ එයාලා කළු කරපු පාරෙම තමයි. අපි හොඳට හිටියත් වැරදි නමක් ගෑවෙනවා. ඒ නිසා පරිස්සමින් වැඩ කරන්න ඕනේ.
මේ තත්ත්වය නිසා බය නැද්ද වැඩ කරන්න?
තමන් කවුද කියලා දන්නවා නම්, තමන් හරියට වැඩ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ඒත් බූරු ගැහුවත් එකයි, ගහන තැන හිටියත් එකයි කියනවා වගේ වටේ අයගේ මඩ අපිටත් වදිනවා.
ගෙදර සහයෝගය කොහොමද?
මම බ්‍රයිඩ්ල් මොඩ්ලින් කරපු නිසා ගෙදරින් ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහොමත් ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩවලට.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
හමුදාවට එකතු වෙලා ඒ හරහා රාජ්‍ය නැටුම් කණ්ඩායමට බැඳෙන්න විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඒකට මට ගෙදරින් අවසර ලැබෙනකොට මගේ වයස පහුවෙලා. නමුත් මම ඒ වෙනුවෙන් තවම උත්සහ කරනවා.
උදව් කරපු අය කවුද?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මාව. හැමතිස්සේම පිටිපස්සෙන් ඉන්නේ අම්මා. ඊටපස්සේ මාව ඩ්‍රෙස් කරපු හැමෝමයි, ෆොටෝෂූට් කරපු හැමෝමයි, මම වැඩ කරපු නර්තන කණ්ඩායම්වලටයි, වචනයකින් හරි උදව් කරපු හැමෝමවයි ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද