දෙවෙනි ඉනිම කියන්නේ මම රංගනයෙන් දායක වුණු පළමුවැනි නිර්මාණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-16-ent-44

නවක නිළියක ලෙස මේ වනවිට ක්ෂේත්‍රයෙහි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති සචිනි මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයටද රංගනයෙන් දායක වෙනවා. මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන ඇය සාරවිට කතාබහට එක් වූයේ මෙලෙසින්.

 

සචිනි ගැන අපිට හඳුන්වලා දෙන්නකෝ?2018-02-16-ent-50

මම සචිනි වික්‍රමසිංහ. මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරනවා. මම 2015 සිරස කුමරිය තරගයේ අවසාන වටය නියෝජනය කරලා තියෙනවා. මේ දිනවල විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙනවා. මම කලා කටයුතු කරන්නේ මගේ විනෝදාස්වාදයට.

 

දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ෆේස්බුක් එකෙන් තමයි. චාමිකා අක්කා මගේ ෆේස්බුක් මිතුරියක්. එයා තමයි මට මේ ටෙලි නාට්‍යයට කතා කළේ.

 

දෙවෙනි ඉනිම ඔබේ පළමු නිර්මාණයද?

ඔව්. දෙවෙනි ඉනිම කියන්නේ මම රංගනයෙන් දායක වුණු පළමුවැනි නිර්මාණය.

 

අපි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යය ගැන කතා කරමු?

දෙවෙනි ඉනිම කියන්නේ ඇත්තටම හොඳ නාට්‍යයක්. මම කවදාවත් හිතුවේ නැහැ මගේ පළමුවෙනි නාට්‍යයෙන් මෙච්චර මම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. දෙවෙනි ඉනිම නිසා මට ගොඩක් දේවල් ලැබුණා. රට පුරාම සහ ලෝකය පුරාම සංචාර ලැබිලා තියෙනවා. මට දෙවෙනි ඉනිම නිසා වේදිකා නාට්‍යයකුත් ලැබුණා. ඇත්තටම මේ වගේ නාට්‍යයකට දායක වෙන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

 

මේ නාට්‍යයෙන් පසුව දායක වන නිර්මාණ ගැන කිව්වොත්?

ආනන්ද වික්‍රමගේ මහතාගේ මිනිස්ටාර් කියන වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දිනවල සිදුවෙනවා. මට තව නාළිකා කිහිපයකින් ආරාධනා ලැබුණා. නමුත් මේ දිනවල මගේ විභාග කටයුතු නිසා ඒ ගොඩක් දේවල් අතහරින්න සිදුවුණා.

 

සචිනි රංගනය පිළිබඳ හැදෑරීමක් කර තියෙනවාද?

විශේෂ හැදෑරීමක් නැහැ. මේ මගේ පළමුවෙනි නිර්මාණයනේ. මුල් කාලයට වඩා දැන් යම් කිසි අත්දැකීමක් තියෙනවා. මොකද සාරංග මෙන්ඩිස් සහාදෙනුවන් අයියලා ගොඩක්ම උදවු කරනවා. එයාලා නිතරම වගේ හැමදේම කියලා දෙනවා. මට කැමරාවක් ඉදිරියේ හැසිරීම ගැන විතරයි පොඩි හරි දැනීමක් තිබුණේ. මොකද ඒ මම සිරස කුමරිය වැඩසටහනේ හිටපු නිසා.

 

රංගනයෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?

මේක මගේ විනෝදාංශය. මට පුළුවන් කාලයක් මම මේ ක්ෂ්ත්‍රයේ ඉන්නවා. අධ්‍යාපන කටයුතුවලට තමයි ප්‍රධන තැන දෙන්නේ.

 

මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහාය කොහොමද?

අම්මයි තාත්තගෙනුයි ලොකු සහයක් තියෙනවා. ලොකු නැන්දා තමයි මගේ පස්සෙන්ම ඉන්නේ. මාව හැමතැනටම එක්කන් යන්නේ ලොකු නැන්දා. සිරස කුමරිය කාලේදි නම් එයාගෙන් පොඩ්ඩක් අකමැති වුණා. ඒත් දැන් එහෙම නැහැ.

 

නවකයන් මේ ක්ෂේත්‍රයට පැමිණීම ගැන ඔබේ අදහස?

ප්‍රවීණයෝ නවකයෝ කියලා නැහැ. හොඳට ඉන්නවා නම් ඉන්න පුළුවන්. මට තියෙන්නේ පොඩි අත්දැකීමක්නේ. මම දන්නේ දෙවෙනි ඉනිම කණ්ඩායම ගැන විතරයි. ඒක ඇතුළේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් ප්‍රවීණ අය ඉන්නවා. ධර්මප්‍රිය ඩයස්, පාලිත සිල්වා වගේ අය. එයාලත් හරි සුහදයි. සමහරවිට වෙනත් තැන්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අපි දැනගන්න ඕනේ ප්‍රශ්න තියෙන තැන්වලින් බේරිලා ඉන්න.

 

සචිනිගේ ඉදිරි වැඩ ගැන කියමු?

දැනට දෙවෙනි ඉනිමත් සමග ඉන්නේ. මගේ වේදිකා නාට්‍යයත් ඉක්මනට ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඒවා තමයි ඉතින්.

 

අවසාන වශයෙන් මේ ගමනට උදවු කරපු අය ගැන කියමු?

මගේ අම්මා, තාත්තා, ලොකු නැන්දා, සාරංග මෙන්ඩිස් අයියා. චාමිකා මෙන්ඩිස් අක්කා. දෙනුවන් සේනාධි අයියා. දෙවෙනි ඉනිම කණ්ඩායමට මේ වෙලාවේ ස්තුති කරනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

 2018-02-16-ent-45 2018-02-16-ent-46 2018-02-16-ent-47 2018-02-16-ent-48 2018-02-16-ent-49