මේ වෙද්දි ගයනිට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා
පුංචි තිරයේ මේ දිනවල පේ්රක්ෂක ආදරය දිනූ චරිතයක් මෙවර සඳැල්ලට එකතු කරගන්න හිතුවා. ඒ තමයි නර්ථන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයට පැමිණ රංගන ශිල්පිනියක් වූ හර්ෂි අංජුමාලා.
මේ ඇය සමග කළ කතාබහ.
මේ දවස්වල ගයනිට හොඳ ප්‍රතිචාර තියෙනවා නේද?
ඇත්තටම ඔව්. මේ වෙද්දි ගයනිට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා ගොඩක් අයගෙන්. ඉතින් සිඳු නාට්‍යයේ මට ලැබුණු මේ චරිතය දඟකාර, කටකාර, සැර චරිතයක්. මගෙ ඇත්ත ජීවිතේටත් ටිකක් ළඟයි වගේ.
ගයනි චරිතය අංජුමාලාගෙ සැබෑ චරිතයටත් ළඟයි කිව්වනෙ? ඉතින් කියමුකො ඔබ කව්ද කියලා?
අංජුමාලාත් දඟකාරයි, කටකාරයි, ඒත් ගයනි තරම් නපුරු නෑ. කොල්ලො පස්සෙන් යන්නෙත් නෑ. මොකද කතාවෙ ගයනි දිලූම් අයියගෙ පස්සෙන් යනවනෙ. මම එහෙම නෑ.
මේ චරිතය ලැබෙන්නෙ කොහොමද?
මම 2008 වර්ෂයේ දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියට සම්බන්ධ වුණා නර්ථන අංශයෙන්, එහිදී මට දොළහෙන් පහළ වයස් කාණ්ඩයෙන් ජනප්‍රියතම තරුව වෙන්න හැකිවෙනවා. ඒත් එක්කම මට අවස්ථාව ලැබෙනවා දෙරණෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. මම ්රැුඛ කරලා ගෙදර ඉන්න කාලෙ තමයි මට ආරාධනා ලැබෙන්නෙ දෙරණ ආයතනයේ ලක්සිරි වික්‍රමගේ මහත්මයාගෙන්. මේ විදියෙ චරිතයක් තියෙනවා කරන්න කියලා. ඉතින් මම පුංචි කාලෙ ඉඳලා දෙරණෙ වැඩවලට සම්බන්ධ වෙලා හිටපු නිසා මේ ආරාධනාවත් නොපැකිළව භාරගත්තා.
නර්ථන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට ආපු අංජුමාලාට රංගනයට ආරාධනා කරද්දි පොඩි බයක්වත් දැනුණෙ නැද්ද කොහොමද කරන්නෙ කියලා?
නෑ. ඇත්තටම මම මීට පෙර සිරස නාළිකාවෙ විකාශය වුණ පෝය දින නාට්‍යයකට සම්බන්ධ වෙලා හිටියා ‘විදර්ශනා’ කියලා. ඒ නිසා මට රංගනය ගැන පොඩි අත්දැකීමක් තිබුණා. ඒත් එහි මට ලොකු දෙයක් කරන්න තිබුණෙ නෑ. සාමාන්‍ය චරිතයක් කළේ. ඒත් එමගින් රංගනය කියන්නෙ මොකද්ද? මෙහිදී සිදුවෙන්නෙ මොනවද? කියන දේ දැනගෙන හිටියා.
ඒ නිසා ලොකු බයක් චකිතයක් තිබුණෙ නෑ. කොහොමත් නර්ථනය කියන්නෙ සංගීතයක් දාලා කරන දෙයක් වුණත් ඒකත් කැමරාවක් ඉදිරියෙනෙ වෙන්නෙ. රංගනයටත් ඉතින් කැමරාවක් ඉදිරියේ දෙබස් කියන්න තියෙනවා. මේ දේවල් ඇත්තටම මට අභියෝගයක් නම් වුණේ නෑ.
පාසල් යන කාලෙත් රංගන වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා හිටියද?
ඔව්. පාසල් යන කාලෙත් නර්ථනය, රංගනය හැමදේම කළා. සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා.
ඒ කියන්නෙ රංගනය නුහුරු දෙයක් නෙමෙයි?
නෑ රංගනය නුහුරු නෑ. මොකද මම නර්ථනය කරන අතරතුර රංගනය කළා. කොහොමත් නර්ථනය ඇතුළෙත් රංගනය කියන දේ තියෙනවනෙ.
දැන් රංගනය ඉගෙන ගන්නවද?
මම කැලණිය විශ්ව විද්‍යාලයේ විශේෂ උපාධියක් හදාරනවා. සිනමාව හා රූපවාහිනි අධ්‍යයනය කියලා. දැන් පළමු වසරෙ ශිෂ්‍යාවක්. ඒවත් එක්ක අපිට තියෙනවා නාට්‍ය කරන්න. ඉතින් විශ්ව විද්‍යාලය ඇතුළෙ මට නර්ථනය, රංගනය, හැමදේම මේ වෙද්දි ඉගෙනගන්න හැකිවෙලා තියෙනවා.
කලා හැකියාවන් අංජුමාලාගේ ඇෙඟ් තියෙනවා කියලා මුලින්ම දැනගත්නෙ කව්ද?
කලාව කියන දේ මගෙ ඇෙඟ් තියෙනවා කියලා මුලින්ම දැනගන්නෙ මගෙ අම්මා. මම පුංචි කාලෙදි සින්දු දාලා තියෙද්දි එහෙම ඒවට නටන්න උත්සාහ කරනවලූ. ඉතින් ඒවා දැකලා අම්මා මාව නැටුම් පන්තියකට දැම්මා. එතැනින් පසුව තමයි ඒ දක්ෂතාවය ටිකින් ටික එළියට ආවෙ. ඉන් අනතුරුව තමයි මට අවුරුදු 11 දී මගෙ අක්කා මාව දෙරණ ඛසඑඑකැ ීඒර තරඟයට යොමු කරන්නෙ.
පුංචි කාලෙදි කලාවට එන්න බලාපොරොත්තුවක් තිබුණෙ නැද්ද?
නෑ. පුංචිකාලෙ ඉඳලා තාත්තයි අම්මයි මගෙ අක්කලා දෙන්නවත් යොමු කරලා තිබුණෙ අධ්‍යාපනයට. අක්කලා දෙන්නට හොඳට සින්දු කියන්න පුළුවන්. ඒත් කලාවට යොමු කළේ නෑ. ගොඩක් වෙලාවට අම්මට, තාත්තට ඕනෑ වුණේ අධ්‍යාපනයට මුල් තැන දීලා විභාග සමත් කරන්න ඕනෑ, විශ්ව විද්‍යාලයට යන්න ඕනෑ. ඒවගේ අරමුණු. ඉතින් මේ තරඟයටත් මාව යොමු කරන්න උනන්දු වුණේ මගෙ ලොකු අක්කා. ඒ තුළින් තමයි මම අද මේ ඉන්න තැනට ඇවිල්ලා ඉන්නෙ.
ඉතින් අංජුමාලාට පොඩි කාලෙම කව්රුත් ආදරය කරන චරිතයක් වීමට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?
ඒක ඇත්තටම පෙර ආත්මයක කරපු පිනක් වෙන්න ඕනෑ. මම දෙරණ ඛසඑඑකැ ීඒර ජනප්‍රියම නර්ථන ශිල්පිනිය වුණාම තමයි මාව ගොඩක් දෙනා හඳුනාගත්තෙ. ඇත්තටම ඒ ලැබුණු ප්‍රතිචාර අති විශාලයි. දැන් ඊටත් වඩා ප්‍රතිචාර තියෙන්නෙ සිඳු නාට්‍යයේ ගයනි චරිතයට. ඒක ඇත්තටම මගෙ පෙර වාසනාවක්. මගෙ අම්මා පෙන්නපු මග තමයි මේ.
කලාව පැත්තෙන්මද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නෙ?
නෑ. රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් විදියට ඉදිරියට යනවා වගේම අධ්‍යාපනය පැත්තෙනුත් ඉදිරියටම ගිහින් උගත් චරිතයක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඉදිරියේදි හොඳ නිර්මාණ ආවොත් ඒවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
හර්ෂි අංජුමාලා කියන්නෙ ලස්සන නමක්. කව්ද නම දැම්මෙ?
මගෙ සුදු අම්මායි. ඒ කියන්නෙ අම්මගෙ අක්කායි මගෙ ලොකු අක්කයි.
නමයි, ඔයයි දෙන්නම ලස්සනයි කියන කෙනෙක් ඇති නේද?
අපි ඒ ගැන පස්සෙ කතා කරමු නේද.
හ්ම් මේ හැමදේමත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?
ඇත්තටම ජීවිතේ සුන්දරව ගෙවෙනවා. ඉගෙනගන්න එකත් එක්ක කලා කටයුතුත් කරගෙන යද්දි ඒකාකාරී බවකුත් නෑ. ඉතින් මම නියැලිලා ඉන්න කලා කටයුතුත් එක්ක මනසටත් ගොඩක් නිදහස් බවක් දැනෙනවා. ඉතින් සතුටුයි හැමදේ ගැනම.
Location – Hotel Janro
Medagodawatta,
Malwana Road, Dompe
ධනු විජේරත්න / ඡායාරූප: චමත් වින්දුල.