2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය
මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ කිරුළ දිනාගැනීමට සමත් වූයේ දමිත්‍රි. මේ වනවිට ඇය රැකියාවක් කරන අතරම අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙනවා. දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඇය කලා ක්ෂේත්රයටද එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉතින් දමිත්‍රිව අපි සාරවිට කතාබහට එකතු කරගන්න හිතුවා.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම දමිත්‍රි නිෂාදි සුබසිංහ. මගේ වයස අවුරුදු 23යි. මගේ පදිංචිය නාරාහේන්පිට. දැනට මම බැංකු ක්ෂේත්රයේ රැකියාවක නිරත වෙනවා. තව මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක කලමණාකරණ උපාධියක් හදාරනවා. ඊට අමතරව මම ඩාන්සින් කරනවා. 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මමයි.
දෙරණ අවුරුදු කුමරියට එක්වෙන්නේ කොහොමද?
අම්මා තමයි අවුරුදු කුමරියට තරඟ කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අයදුම්පත්‍රයක් දැම්මා.
අවුරුදු කුමරිය තරඟයේ අත්දැකීම් කොහොමද?
මට මුලින්ම හිමි වුණේ සුන්දරම සිනවට හිමි ටයිට්ල් එක. ඊටපස්සේ පලවෙනි ස්ථානය කියලා මගේ නම කියද්දි නම් කියාගන්න බැරි සතුටක් දැණුනා. මොකද මම මේ ඉදිරිපත් වුණු පලමු තරඟයනේ.
මේ ජයග්‍රහණයත් සමග කලා නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ඔව්. ෆිල්ම් එකකටයි, ටෙලි නාට්‍යයකටයි, මියුසික් වීඩියෝ එකකටයි මේ වෙද්දි ආරාධනා ලැබිලා තියෙන්නේ.
මේ වෙද්දි නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?
මම වැඩ කරන බැංකුවේ වෙළඳ දැන්වීමකට සහභාගී වෙලා තියෙනවා. ඊට අමතරව නම් නිර්මාණවලට දායක වෙලා නැහැ. මගේ ගමන ආරම්භ කරන්නේ මේ තරඟය හරහා තමයි.
ඉදිරියේදි රංගනයට එකතු වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?
හොඳ නිර්මාණ තුළින් අනිවාර්යයෙන්ම එකතු වෙනවා.
මෙවැනි තරඟාවලින් තුළින් ඉදිරියට එන ගොඩාක් අය ක්ෂේත්රයේ රැඳී සිටින්නේ නැහැ. ඇයි ඒ?
අපි දෙයක් තෝරාගද්දි හොඳ නිර්මාණ, පැවැත්මක් තියෙන නිර්මාණ, තමන්ට ගැලපෙන නිර්මාණයන් තෝරාගන්න ඕනේ. මොකද එහෙම වුණොත් අනිවාර්යෙන් ඕනෑම කෙනෙක් ක්ෂේත්රයේ ගොඩාක් කල් රැඳෙනවා වගේම ගොඩාක් දුර යයි.
ගෙදරින් ලැබෙන සහය කොහොමද?
ඇත්තටම ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ නර්තන වැඩකටයුතුවලටත් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.
දමිත්‍රි මේ වෙද්දි ක්ෂේත්‍ර කිහිපයකම නිරත වෙනවා. මේ දේවල් සමබරව කරගෙන යන්නේ කොහොමද?
මම රැකියාව කරන ස්ථානයේ කලමණාකාරීත්වය මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මට හැමදේම සමබරව කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිස ගැන කිව්වොත්?
ඔව්. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා, තාත්තා සහ මගේ පෙම්වතාව. මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ සහ මම රැකියා කරන ස්ථානයේ කලමණාකාරීත්වය මට ලොකු සහයක් ලබා දෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ තරඟාවලිය පුරාවට අපව පුහුණු කළ චන්දන වික්‍රමසිංහ සර්ට සහ ඔහුගේ නර්තන කණ්ඩායමට. ඒ වගේම දෙරණ කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන් ස්තූතියි කරනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද