2016 වසරේ මම 'මිස් ශ්‍රී ලංකා' තරගයට ඉදිරිපත් වුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-25-ent-54

මධුෂානි දුලක්ෂි කිව්වාහම අද නිරූපණ ක්ෂේත්‍රය තුළ නොදන්න කෙනෙක් නැහැ

නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඇති මධුෂානි දුලක්ෂි වර්තමානය වනවිට රසික ඔබ අතර වඩාත් ජනප්‍රියව ඇත්තේ යොවුන් නවක රංගන ශිල්පිනියක් ලෙසිනුයි. ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින්ම ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටින ඇය ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට මෙසේ තොරතුරු පැවසුවෙමු.

 

මධුෂානි ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ ආකාරය පිළිබඳව මුලින්ම දැනගන්න කැමතියි?

2017-04-25-ent-572015 වසරේ අන්තිම කාලේ වගේ තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. නමුත්, ඊට කලින් මම නිරූපණය පිළිබඳව රොසෑන් ඩයස් මහත්මියගේ ඇකඩමියට සම්බන්ධ වෙලා හැදෑරූවා. එතැනින් තමයි මුලින්ම ඡායාරූපගත කිරීමට සම්බන්ධ වුණේ. පස්සේ රිම් රවිනා කියන මගේ යාළුවාත් එක්ක මියුසික් වීඩියෝවකට සම්බන්ධ වෙලා වැඩ කළා.

 

ඔබ දායක වෙලා තියෙන කලා නිර්මාණ ගැන කිව්වොත්?

දැනට මම මියුසික් වීඩියෝ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඊට අමතරව චිත්‍රපට හා ටෙලි නාට්‍යය කිහිපයකටත් දායක වෙන්න දැනට අවස්ථාව මට ලැබුණා. රඟපාපු චිත්‍රපට දෙක තමයි ‘නටන් නැතිව දිනන්න’ හා ‘අයිස් ක්‍රීම්’. මේ චිත්‍රපට හරහා ඉදිරියේදී මාව සිනමාවෙන් දැක බලාගන්න පුළුවන්. ‘දේදුන්නයි ආදරේ’ හා ‘ශ්‍රී රජ’ කියන ටෙලි නාට්‍යයවලටත් මම රංගනයෙන් දායක වුණා.

 

‘මිස් ශ්‍රී ලංකා’ තරගයටත් ඔබ ඉදිරිපත් වුණා?

2016 වසරේ මම ‘මිස් ශ්‍රී ලංකා’ තරගයට ඉදිරිපත් වුණා. එහි අවසන් තරගකාරියන් අතරට එක්වෙමින් ‘මිස් පොටෝජනික්’ ලෙස කිරුළ දිනාගත්තා. එය මගේ ජීවිතේ විශාල වෙනසක් කළ සිදුවීමක් වුණා.

 

ලංකාවට අමතරව ඔබ විදෙස් විලාසිතා දැක්මවල් සඳහාත් එකතු වෙලා තියෙනවද?

නැහැ. නමුත්, මම ඉන්දීයන් පොටෝ ෂුට්වලටත් සහභාගී වෙලා තියෙනවා. ලංකාවේ තිබුණ විලාසිතා දැක්මවල් කියන්න බැරිතරම් ප්‍රමාණයකට මම දායක වෙලා වැඩ කළා.

 

අනාගත බලාපොරොත්තු?

මගේ බලාපොරොත්තු කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධානම එක තමයි ‘ටොප් මොඩ්ල්’ කෙනෙක් වෙන එක. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මම කැමතියි ජනප්‍රිය නිළියක් විදිහට වඩා දක්ෂ නිළියක් විදිහට මාව හඳුන්වනවා නම්. නිරූපණයේ යෙදෙන්න පුළුවන් කාලසීමාවක් තියෙනවා. නමුත්, රංගනය කියන දේ හැමදාම කරන්න පුළුවන්. ඒ නිසා මම ඉදිරියේදී වැඩි දායකත්වයක් රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න අදහසක් තියෙනවා.

 

උදව් කළ අය?

මධුෂානි දුලක්ෂි කිව්වාහම අද නිරූපණ ක්ෂේත්‍රය තුළ නොදන්න කෙනෙක් නැහැ. ඒ තැනට එන්න මට ගොඩ දෙනෙක් උදවු කළා. විශේෂයෙන්ම මාව නිරූපණ ක්ෂේත්‍රයට ගෙනැල්ලා මාව යම් තැනකට ගෙන එන්න මට උදවු කළ රිම් රවිනා මගේ යාළුවා මතක් කරන්න ඕනා. යොහාන් අයියා, ස්වර්ණවාහිනියේ අසේල අයියා, ඡායාරූප ශිල්පි දිල්ශාන් ජයසිංහ ඇතුළු මාව යොදාගෙන ඡායාරූප කළ සෑම ඡායාරූප ශිල්පියෙක්ම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - දිල්ශාන් ජයසිංහ

 

2017-04-25-ent-53  2017-04-25-ent-55 2017-04-25-ent-56