මගේ එකම හීනේ වෙලා තිබුණේ නිවේදිකාවක් වෙන්න
ස්වර්ණවාහිනියේ විකාශය වුණ හදවතේ කතාව ටෙලි නාට්‍යයේ සමින්ද ලෙස කාගෙත් ආදරය දිනාගත් දිල්කි දිසානායක මෙවර තරු කතාබහට අප සමග මෙසේ එක්වුණා. ඉදිරියේදී තවත් කලා නිර්මාණ කිහිපයක් හරා ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටින ඇය ඒ පිළිබඳව අප සමග මෙසේ තොරතුරු බෙදාහදා ගත්තා.
දිල්කි කියන්නේ අවුරුදු කුමරියක්?
ඔව්, 2019 වසරේ හිරු රූපවාහිනියේ නාලිකාව සංවිධානය කළ හිරු අවුරුදු කුමරිය තරගයේ මම අවසන් තරගකාරියන් පස් දෙනා අතරට ආවා. එහිදි මට හොඳම හිනාවට හිමි මිණි කිරූළත් දිනාගන්න පුළුවන් වුණා. මම හිතන්නේ කලා ක්ෂේත්රයට මට පිවිසෙන්න මේ තරගය හොඳ අවස්ථාවක් වුණා කියලා.
ඔබව ගොඩක් අඳුන ගත්තේ හදවතේ කතාව හරහා කිව්වොත් හරිද?
ඔව්, හදවතේ කතාවේ සමින්දි කියන චරිතය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණා. මම හිතන්නේ මාව ගොඩක් අය අඳුන ගත්තේ මේ චරිතය හරහා කියලා. ඊට අමතරව දෙවැනි ඉනිමේ පවනි කියන චරිතයත් ප්‍රේක්ෂකයෝ අතර කතාබහට ලක්වුණ චරිතයක් වුණා. තව මම ගගන පියවර කියලා ටෙලි නාට්‍යයේ රඟපෑවා. හිරු අවුරුදු කුමරිය වෙන්න කලින් සිරසේ විකාශය වුණ නීල පබළු ටෙලි නාට්‍යයෙත් මම හිටියා.
මෑතකදී දිල්කිව අපිට කලා නිර්මාණ ඔස්සේ දකින්න ලැබුණේ නැහැ?
ඔව්, හැබැයි මම වැඩ කිහිපයකටම වගේ පසුගිය කාලේ සම්බන්ධ වෙලා හිටියා. මම හිතනවා ලබන අගෝස්තුවේදී මාව යළිත් ටෙලි නිර්මාණ හරහා දකින්න ලැබෙයි කියලා. මේ දිනවල අලුත් වැඩ කිහිපයකටම මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවා නුදුරේම විකාශය වෙයි කියලා මම හිතනවා.
දිල්කි කලාවට සම්බන්ධ වුණ එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටුයි. මොකද හැමෝටම කලාවට සම්බන්ධ වෙන්න බැහැ. මම නම් හිතන්නේ දක්ෂතාවය කොපමණ තිබ්බත් වාසනාව කියන දේත් ඊට බලපානවා කියලා. මම කලාවට ආවේ අහම්බෙන්. හිරු අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙලා එහි අවසන් තරගකාරියන් අතරට එන්න ලැබුණ නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ.
ඔබ රඟපාන්න කැමතිද අකමැතිද?
කැමතියි. හැබැයි මගේ හීනේ මේක නෙමෙයි. මගේ හීනේ නිවේදිකාවක් විදිහට වැඩ කරන එක. ඒක තමයි මගේ තේරේන කාලේ ඉඳලා හීනේ වුණේ. ඇත්තම කියනවා නම් මම අවුරුදු කුමරිය තරගයට අයදුම් කළෙත් ඒ පැත්තට යන්න අවස්ථාවක් හදාගන්න. මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. ඉදිරියේදී මාව ඒ හරහාත් ප්‍රේක්ෂකයින්ට දකින්න පුළුවන් වේවි.
පවුලේ අය කැමතිද දිල්කි කලාව පැත්තට යොමු වුණාට?
ඔව්, අම්මා, තාත්තා මේ හැමෝම කැමතියි මම කලාව පැත්තට සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම රංගන ශිල්පිණියක් වුණාට. අම්මා, තාත්තා හැරෙන්න මට තව අක්කා කෙනෙක් ඉන්නවා. එයාත් මට ගොඩක් උදව් කරනවා. ඒ අයට හරි ආසයි මම රඟපානවා බලන්න.
බුද්ධික සේනාධීර