කලාව කියන්නේ මම ආස කරන ක්ෂේත්‍රයක්
දැනට වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස කටයුතු කිරීමට සූදානමින් සිටින සසන්තිකා ජයමාලි නානායක්කාර කලා ක්ෂේත්‍රයට නවකයෙකි. මේ වනවිට කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වී ඇති ඇය ඒ හරහා ඉදිරියේදී ප්‍රේක්ෂක ඔබට ඇයව දකින්නට ලැබේ. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.
ඔබ කලා ක්ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පිණියක් විදිහට නේද?
ඔව්, හැබැයි මම නිරූපණ කටයුතු කරන්න කලින් මට ආරාධනාවක් ලැබුණා රංගනයට සම්බන්ධ වෙන්න. ඒ 2019 වසරේදී. එතකොට මම පාසල් අධ්‍යාපනයට සමුදීලා හිටියේ. නමුත්, මගේ පවුලේ අයගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ මම රඟපාන්න යනවට. මොකද, ඒ කාලේ කලා ක්ෂේත්‍රය තුළ තිබුණ කතාත් එක්ක. ගොඩක්ම අය මේ ක්ෂේත්‍රය දිහා බැලුවේ වෙනත්ම කෝණයකින්. ඒ නිසා මගේ අදහසකුත් තිබුණේ නැහැ රංගනයට යොමු වෙන්න. පස්සේ මම ආසාවට පොටෝ කිහිපයක් කරලා ඒවා සමාජ ජාලාවල පළ කළා. ඒ දැකලා ඡායාරූප ශිල්පින් කිහිප දෙනෙක් ඔවුන්ගේ වැඩවලට මාව සම්බන්ධ කරගත්තා. ඔය විදිහට අහම්බෙන් තමයි මම මුලින්ම නිරූපණයට යොමු වුණේ.
ඊට පස්සේ රඟපාන්න ඔබට ආරාධනා ලැබුණේ නැද්ද?
අවස්ථා කිහිපයකදිම රඟපාන්න අවස්ථා මට ලැබුණා. ඔය අතරේ ස්වර්ණවාහිනියේ එවකට ජනප්‍රිය වෙලා තිබුණ ටෙලි නාට්‍යයකුත් තිබුණා. කොවිඩ් වසංගත තත්ත්වය ලෝකය පුරා ව්‍යාප්ත වෙන කාලේ තමා ඔය ආරාධනා ආවේ. මෑතකදී ආරාධනයක් ආවා ජනප්‍රියම සම්මාන රැසක් ලැබු ස්වර්ණවාහිනියේ පාරදිගේ ටෙලි නාට්‍යයේ රඟපාන්න. නමුත්, ඒක භාරගත්තෙත් නැහැ හේතුව මම අධ්‍යාපන කටයුතුත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ එතකොට. ඒ අවස්ථාව මඟ හැරුණත් ඔවුන්ගේම නිර්මාණයක් හරහා ඉදිරියේදී මාව දකින්න පුළුවන් වේවි. ඉදිරියේදී විකාශය වීමට නියමිත සක්කරයා ටෙලි නාට්‍යය හරහා මාව ප්‍රේක්ෂකයින්ට දකින්න ලැබෙවි. ඊට අමතරව දකුණු ඉන්දීය චිත්‍රපටයකටත් මම දැන් සම්බන්ධ වෙලා වැඩ කරනවා.
කලාව පැත්තට යොමු වෙන හීනයක් ඔබට තිබුණද?
නැහැ. ඇත්තටම මගේ පොඩි කාලේ ඉඳලා හීනේ වුණේ වෛද්‍යවරියක් වෙන ඒක. අදටත් මම අධ්‍යාපනය ලබන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධවයි. තවත් වසර කිහිපයකින් මම වෛද්‍යවරියක් විදිහට වැඩ කරනවා. කලාවට එකතු වුණ එක ඇත්තටම අහම්බයක් මට. හැබැයි වෛද්‍යවරියක් වෙන්න හීන දැක්කට කලාව කියන දේ මගේ ඇඟේ තිබුණා කියලා මට හිතෙනවා. පාසල් යන කාලේ මම නර්තනය හැදෑරුවා. ඒ හරහා ජයග්‍රහණ ලබාගත්තා. සාමාන්‍ය පෙළට මම විෂයක් විදිහට නාට්‍යය හා රංග කලාව පවා කළා. කොටින්ම කියනවා නම් පාසලේ තිබුණ හැම කලා කටයුත්තකටම වගේ මම සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අත්දැකිම් මට ප්‍රයෝජනවත් වුණා කලාවට එන්න.
තරුණ අයට අද කලාවට එකතු වෙන්න තියෙන අවස්ථා වැඩියි නේද?
ඔව්, අනිවාර්යයෙන්ම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කලාව කියන දේ මුලීක කරගෙන මේකේ බොහෝම අකටයුතුකම් සිද්ධ වෙනවා. ඒ නිසා අද දෙමව්පියෝ මේ ක්ෂේත්‍රයට තමන්ගේ දරුවා එවන්නේ නැහැ. ගැහැණු දරුවන් පමණක් නොවෙයි විශේෂයෙන්ම පිරිමි දරුවන් පවා. ඒක කලාවේ වැරැද්දක් නෙවෙයි කලාව තුළ සිටින අයගේ වැරැද්දක්. මම කියන දේ නම් කලබලයකින් තොරව කාලය අරගෙන මේ ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ වෙන්න. මමත් ආවේ ඒ වගේ. කියන්න බැරි තරම් කලා නිර්මාණවලට සම්බන්ධ වෙන්න ආරාධනා මට ලැබුණා. හැබැයි මම ඒවා ප්‍රතික්ෂේප කරලා අවශ්‍ය දේට විතරක් මම සම්බන්ධ වෙලා වැඩ කළා. මේක ගොඩක්ම කල්පනාකාරිව කරන්න ඕනා දෙයක්. වර්තමානය ගත්තොත් කලාවට එන්න තියෙන තැන් වැඩියි. බියුට් පැජන්ට්, අවුරුදු කුමරා, කුමරි තරග ලංකාවේ දැන් බොහෝමයක් පැවැත්වෙනවා. ඒ හරහා විශාල අවස්ථාවක් තරුණ පිරිසට ලැබිලා තියෙනවා කලාවට සම්බන්ධ වෙන්න. තව සමාජ මාධ්‍යයන් තියෙනවා. ලස්සන ඡායාරූප ටිකක් දැක්කත් අද කලා ක්ෂේත්‍රයට යොමු වෙන්න ඒ හරහා මාර්ග සැකසෙනවා. මේ වගේ ලේසී ක්‍රම හරහා කලාවට ආවාත් ඒ අයට තියෙන්නේ අඩු පැවැත්මක්. මේකට එන්න ඕනා ක්‍රමණුකූලව. යම් හැදෑරිමකුත් තියෙනවා නම් ගොඩක් හොඳයි කියන මතයේ මම ඉන්නවා.
දිගටම ඔබ කලාවත් එක්ක රැඳෙන්න අදහසක් තියෙනවාද?
ඇත්තටම ඔව්, මොකද, මෙම මම ආස කරන ක්ෂේත්‍රයක් මේක. ඉතින් මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්න අදහසක් තියෙනවා. වෛද්‍ය වෘත්තියේ නියැළෙන අතරේම ඊට අවහිරයක් බාධාවක් නොවන විදිහට කලා කටයුතුවලටත් සම්බන්ධ වෙලා දිගටම වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මතක් කළ යුතු පිරිසකුත් ඇති?
මුලින්ම මගේ තාත්තා. තාත්තා තමයි මගේ හැමදෙයක්ම හොයලා බලලා මට උදව් කළේ. ඒ වගේම මතක් කරන්න ඕනා මගේ අම්මා. ඇය තමයි මාව කලා ශිල්පිණියක් කරන්න මාව දිරිමත් කළේ. ඊට පස්සේ මම ආදරයෙන් මතක් කරන්න ඕනා දෙහිවල ඔෆ්රිෂ් බ්‍රයිඩ්ල් හෝම් එක කරන හර්ෂණි ජාලිකා අක්කාව. ඇය තමයි මාව නිරූපණ ශිල්පිණියක් විදිහට මේ ක්ෂේත්‍රය අඳුන්වලා දුන්නේ.
බුද්ධික සේනාධීර