අඳින ඇඳුම ගැන අනිවාර්යෙන් සැලකිළිමත් වෙනවා
වෘත්තීයෙන් ඉංග්‍රිසි ගුරුවරියක් වන සඳමාලි නිරූපණ ශිල්පිනියක්ද වනවා. ඇය වසර හතකට ආසන්න කාලයක් නිරූපණ ක්ෂේත්‍රය තුළ නිහඬ ගමනක් යන ශිල්පිනියක්. සඳමාලි වැඩි දායකත්වයක් දක්වන්නේ බ්‍රයිඩ්ල් නිරූපණය සඳහායි. නිරූපණය තුළින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන සඳමාලිව අප සාරවිට කතාබහකට එකතු කරගත්තේ මේ විදිහටයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මම සඳමාලි වික්‍රමසේකර. දැනට පෞද්ගලික පාසැලක ඉංග්‍රිසි ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා. මගේ පදිංචිය මහනුවර.
නිරූපණයට එන්නේ කොහොමද?
නිරූපණය මම පටන්ගත්තේ 2014 - 2015 වගේ කාලේදී. මුකුත් කෝස් එකක් එහෙම කරලා නෙවෙයි පටන්ගත්තේ. මගේ යාළුවෙකුගේ සැලෝන් එකක ෂෝ එකකට තමයි මුලින්ම පෙනී සිටියේ. මගේ figure එකයි මගේ උසයි දැකලා තමයි එයා කතා කළේ. එයාගේම තවත් වැඩකට මම ඊටපස්සේ සම්බන්ධ වුණා. ඒකෙන් පස්සේ ගොඩක් අය මට බ්‍රයිඩ්ල් ෂෝ, කැෂුවල් ෂූට්වලට කතා කළා. ඇත්තටම නිරූපණ ක්ෂේත්‍රයට මම පොඩි කාලේ ඉඳලාම ආසයි. හැබැයි මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න.
ෆොටෝෂූට්වලට අමතරව දායක වුණු නිර්මාණ මොනවාද?
කැම්පස් එකේ අයියා කෙනෙකුගේ කෙටි නාට්‍යකට සම්බන්ධ වුණා. ඒ වගේම කැම්පස් එකේ cover එකකට රංගනයෙන් දායක වුණා. මියුසික් වීඩියෝවලට නම් සෑහෙන්න ආරාධනා ලැබෙනවා. නමුත් ගුරුවරියක් වුණාම අපිට වැඩ කරන්න පුළුවන් යම්කිසි සීමාවන් ටිකක් තිබෙනවානේ. මියුසික් වීඩියෝවල ගොඩක්ම තියෙන්නේ රොමෑන්ටික් සීන්. ඉතින් මගේ වෘත්තීයත් එක්ක ඒ දේවල්වලට දායක වෙන්න බැහැ.
ගුරු වෘත්තිය සමග නිරූපණයෙහි නියැළෙන්න පුළුවන්ද?
අමාරුයි. මට වෙලාව හදාගන්න අමාරුයි. ඒ වගේම මම අඳින ඇඳුම ගැන අනිවාර්යෙන් සැලකිළිමත් වෙන්න ඕනේ. ඡායා රූප සමාජ මාධ්‍යවල පලවෙනකොට ළමයි, දෙමාපියන් හැමෝම බලනවානේ. ඒ නිසා මට ෂූට් එකකට කතා කරපු ගමන් මම මුලින්ම අහන්නේ මම අඳින ඇඳුම මොකක්ද කියලා. මම හොට් ෂූට් නම් කරන්නේ නැහැ. මගේ අංක එක ගුරු වෘත්තිය. විනෝදාංශයක් විදිහට තමයි මොඩ්ලින් කරන්නේ.
සීමාවන් එක්ක වැඩ කරද්දි අවස්ථා අහිමි වෙනවා නේද?
ඔව්. අවස්ථා අහිමිවීම් වෙනවා. මොකද අද බ්‍රයිඩ්ල්වලට ලොකු තැනක් තිබෙනවා. නමුත් තරඟකාරීත්වය වැඩියි. ගොඩක් අය තරඟකාරීත්වය වැඩි නිසා හොට්ෂූට්වලට යනවා. ඒ වගේ දේවල් නොකරද්දිත් අවස්ථාවන් අහිමි වෙනවා. හොට්ෂූට් කරනවාද කියලා මගෙනුත් අහනවා. නමුත් මගේ ප්‍රතිපත්තියට සහ වෘත්තීයට පිටුපාලා වැඩ කරන්න මම කැමති නැහැ.
ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තාත්තා හමුදා නිලධාරියෙක්. එතකොට අපේ ගෙදර ටිකක් නීති තදයි. මම වැරැද්දක් කරන්නේ නැහැ. මම කරන දේවල් ගෙදරට කියනවා. ගෙදරින් අහලා තමයි වැඩ භාර ගන්නේ. එයාලා ලොකු සහයෝගයක් දෙනවා මට.
වෘත්තීය නිරූපණයට බාධාවක් වුණොත්?
මම අනිවාර්යෙන් ගුරු වෘත්තීය තෝරාගන්නවා. මොකද මම හරි ආසයි ළමයි එක්ක වැඩ කරන්න. මොන ප්‍රශ්නේ තිබුණත් ළමයි ළඟදි ඒ දේවල් අමතක වෙනවා. නිරූපණයෙන් සාමාන්‍යයෙන් ගමනක් යන්න පුළුවන්. ඒ වුණාට අපිට ස්ථාවරයක් හදාගන්න අමාරුයි.
ගුවන් සේවිකා හීනය නැතිවුණේ කොහොමද?
ගුරුවරියක් වුණාට පස්සෙත් මට ආසාවක් තිබුණා ගුවන් සේවිකා හීනයට. මම ඇප්ලයි කරලා පලවෙනි සම්මුඛ පරික්ෂණයට ගිහිල්ලා දෙවැනි එකට යන්න ලැබුණේ නැහැ මගේ පාසැලේ නිවාඩු පිළිබඳ ප්‍රශ්නයක් නිසා. ඒත් එක්කම මට පාසැලේ වැඩත් එක්ක කාර්යබහුල වුණු නිසා ගුවන් සේවිකාවක් වීමේ හීනය පසුපස යන්න ලැබුණේ නැහැ. මගේ දෛවය දීලා තියෙන්නේ මට ගුරුවරියක් වෙන්න නම් මම ඒක බාරගන්න ඕනේ. ඒ වුණාට තවමත් මම ගුවන් සේවිකාවක් වෙන්න ආසයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ගුරු වෘත්තීයේ දිගටම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ගැලපෙන වැඩක් ලැබුණොත් බාර ගන්නවා. ඊට අමතරව මගේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවෝ ටිකක් එකතු කරගෙන නොමිලේ පුංචි ඉංග්‍රිසි පන්තියකුත් ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට මට නිරූපණයට මුලින්ම අවස්ථාව දුන්නේ පල්ලේකැලේ හෙයාර් ඉන් සැලෝන් එකේ අක්කලා දෙන්නාව. ඒ වගේම මදූ ජයසුන්දර අක්කා, සමන්ත බණ්ඩාර මල්ලි සහ මගේ යාළුවෝ ඇතුළු හැමෝමව ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද