Kingsman: The Golden Circle
මේ වනවිට ඇ.ඩො. මිලියන 100කට අධික ආදායමක් උපයා ගත් චිත්රපටයක් වන ‘Kingsman’ චිත්රපටයේ දෙවැන්න වන ‘Kingsman: The Golden Circle’, ජනප්රිය චිත්ර කතා මාලාවක් වන ‘Kingsman’ පාදක කර ගත්තකි. සම්මානනීය නළු කොලින් ෆර්ත් ප්රධාන චරිතය නිරූපණය කරන නවතම ඇමෙරිකානුක්රියාදාම චිත්රපටය වූ ‘Kingsman: The Golden Circle’ සැප්තැම්බර් මස 22 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිත රහස් පරීක්ෂක ශානරයේ චිත්රපටයකි. මෙය "Marv Films" සහ "Cloudy Productions" යන සිනමා සමාගම් වෙනුවෙන් මෙහි අධ්යක්ෂ මැතිව් වෝන්, ඩේවිඩ් රෙයිඩ් සහ ඇඩම් බෝලින්ග්ගේ නිෂ්පාදනයකි.
චිත්රපටයේ කතාවට පාදක වන්නේ තහනමට ලක්වීමේ අවදානමක් පවතින ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ආයතන දෙකක් පිළිබඳ කතා පුවතකි. හැරී හාට් ලෙසින් කොලින් ෆර්ත්ද, පොපී ඇඩම්ස් ලෙසින් ජූලියානා මූරේද, ගැරී උන්වින්ලෙසින් ටැරොන් එජර්ටොන්ද, මර්ලින් ලෙසින් මාක් ස්ට්රෝන්ග්ද ප්රධාන චරිත සඳහා දායකත්වය දෙන මෙහි ජනප්රිය ගායක එල්ටන් ජෝන්ද, සම්මානනීය නළු චනින්ග් ටැටුම්, ජෙෆ් බ්රිජර්ස්ද රඟපාති. මෙහි තිර රචනය ජේන් ගෝල්ඩ්මන් සහ අධ්යක්ෂ මැතිව් වෝන්ගෙනි.
ප්රථම චිත්රපටයෙන් පසුව මෙහි දෙවැනි චිත්රපටයක් පිළිබඳ එකල මාක් මිලාර් සහ මැතිව් වෝන් එකලම ඉඟි පළ කළ අතර, ඒ 2014 දී තිරගත වූ පළමු චිත්රපටය ලද බොක්ස් ඔෆිස් ආදායම හේතුවෙනි. එසේම මෙහිදී දෙවැනි චිත්රපටයේදීද කොලින් ෆර්ත් ප්රධාන චරිතයට දායක වන බැව් කීවද, පසුව ඒ පැවැතියේ මතභේදාත්මක තත්ත්වයකි. මේ අනුව පසුව මීට බොහෝ දුරට කොලින් ෆර්ත් දායක නොවනු ඇති බැව්ද පුවත් සැල විණ.
එසේම ‘Flash Gordon’ චිත්රපටයේ අධ්යක්ෂණ කටයුත්ත හේතුවෙන් ‘Kingsman: The Golden Circle’ සඳහා අධ්යක්ෂණයෙන් දායක වීම පිළිබඳවද මැතිව් වෝන් මතභේදාත්මක පසුබිමක සිටි නමුත්, පසුව ඔහු 2015 වසරේ ජුනි මාසයේ දී පැවසුවේ තමන් මෙහි තිර පිටපත ලිවීම ආරම්භ කළ බවය. මේ අනුව එම වසරේ සැප්තැම්බර් මස මෙහි තිර රචන සහාය වෙනුවෙන් මිලාර්ද එක් වූ අතර, කොලින් ෆර්ත්ගේ ගැටලුවද විසඳමින් නළුවරණය ඇරඹුණේ ඉන් අනතුරුවය.
2016 වසරේ මැයි මස 15 වැනිදා එංගලන්තයේ බර්මින්හැම්හි දී රූගත කිරීම් ඇරැඹි මෙම චිත්රපටයේ නිල රූගත කිරීම් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වැනිදා නිමාවට පත් වුවද, පසුව මෙහි අතිරේක රූගත කිරීමක් දෙසැම්බර් මස ලන්ඩනයේ දී සිදුවිණ.
මෙහි සිනමා කැමරාකරුවා වශයෙන් කටයුතු කළේ ජෝර්ජ් රිච්මන්ඩ්ය.
මෙහි සිනමා සංගීත අධ්යක්ෂවරයා ලෙසහෙන්රි ජැක්මන් සහ මැතිව් මාගෙසන් කටයුතු කළ අතර, චිත්රපටය ඇ.ඩො.මිලියන 104ක පිරිවැයක් දරමින් නිපැයුවකි.
චිත්රපටය දැනටම විචාරක අවධානය දිනාගැනීමට සමත් වී ඇති නමුත්, මීට ධනාත්මක අගයක් මෙන්ම සෘණාත්මක අගයක්ද දැනටම ලැබී තිබේ. පසුගිය මස මෙම චිත්රපටය පාදක කර ගත් ‘Kingsman: The Golden Circle’ වීඩියෝ ක්රීඩාවද නිකුත් වූ අතර, ඒ ජංගම දුරකථන ක්රීඩාවක් ලෙසිනි.
චිත්රපටයේ තෙවැන්නක් පිළිබඳවද මේ වනවිට සැලසුම් කර අවසන් අතර, එහි ප්රතිවාදී චරිතය ලෙස නම් කර ඇත්තේ ඩ්වේන් ජොන්සන්වය.
මාලන් විදානපතිරණ