සික්‍රට් සුපර්ස්ටාර්
වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් ‘සික්‍රට් සුපර්ස්ටාර්’ එළැඹෙන ඔක්තෝබර් 20 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. සුපිරි බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.
නළුනිළියන්
‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සයිරා වසීම්ය. 15 වැනි වියෙහි පසුවන ඇය මෙම චිත්‍රපටයේ ‘ඉන්ෂියා’ ලෙස චරිත නිරූපණය කරන්නීය. මෙහිර් විජ් ඉන්ෂියාගේ මව ‘නජ්මා’ ලෙස රංගනයේ යෙදෙයි. සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කරන අතර, ඒ සුපිරි තරුවක් වූ ‘ශක්ති කුමාර්’ ලෙසය. ඔවුන්ට අමතරව රාජ් අර්ජූන්, ට්රිත් ෂර්මා, කබීර් සායික්, මංජු ෂර්මා, ආර්යන් අශීක් හා ෆාරුක් ජෆ්රි මෙහි එන සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.
සෙසු සහයකයන්
අද්විත් චන්දන් ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, මෙම චිත්‍රපටය ඔහු විසින් නිර්මාණය කළ කතාවක්ද වේ. චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ අමීර් ඛාන් හා ඔහුගේ බිරිඳ කිරන් රාඕ දෙදෙනා විසිනි. මෙහි කැමරාකරණයෙන් අනිල් මෙහෙතාද, සංස්කරණයෙන් හිමන්ති සර්කාර්ද, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියංජලී ලාහිර්ද සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබේ. චිත්‍රපටයේ බෙදාහැරීම් කටයුතු සියල්ල සිදු කොට ඇත්තේ අමීර් ඛාන් ප්‍රඩක්ෂන් ආයතනය හරහාය.
කතාව
‘ඉන්ෂියා’ ගීත ගායනයට දක්ෂයෙකි. නමුත්, ඇයගේ පියාගේ කැමැත්ත ‘ඉන්ෂියා’ අධ්‍යාපන පැත්තෙන් ඉහළට යනු දැකීමය. ඇය කිහිප විටක් සිය පියාගෙන් ගායිකාවක් වීමට කැමැත්ත ඉල්ලයි. එහෙත්, පියා ඊට ඉඩ නොදෙයි. ‘ඉන්ෂියා’ පියාගේ කැමැත්තය ඉඩ දී සිටියද ඇයට ගායිකාවක් වන කැමැත්ත නොනවතියි. ඇය බුර්කාවකින් සැරසි ඇය සිය ගීත ගායනා කර ඒවා විඩියෝ ලෙස ප්‍රකට ‘යූ ටියුබ්’ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරයි. ඇයගේ විඩියෝවක් අහම්බෙන් ‘ශක්ති කුමාර්’ නමැත්තා නරඹයි. ‘ශක්ති කුමාර්’ යනු ජනප්‍රිය රියලටි වැඩසටහනක් මෙහෙයවන්නෙකි. ‘ඉන්ෂියා’ ගායන හැකියාවන දැක ඔහු ඇයට උදව් කරයි.
රූපගත කිරීම්
ගෙවුණු 2016 වසරේ සැප්තැම්බර් 01 වැනිදා මෙහි රූපගත කිරීම් කටයුතු ඉන්දියාවේ මුම්බායි නගරය තුළ දී ආරම්භ කර තිබුණි. දින 37ක් තුළ දී මෙහි සියලු රූපගත කිරීම් කටයුතු අවසන් කර තිබුණ අතර, රාජ්පුත්, දිල්ලි හා ආග්‍රා නගරවල දී මෙහි ඇතුළත් තවත් දර්ශන රූපගත කළ බව සඳහන් වේ.
විශේෂත්වය
චිත්‍රපටය ආරාධිත චරිතයක් අමිර් ඛාන් විසින් නිරූපණය කරන ප්‍රථම වතාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම ඉන්දීය රුපියල් කෝටි 20ක් වැනි අඩු මුදලකින් නිර්මාණය වුණ චිත්‍රපටයක අමිර් රඟපාන ප්‍රථම අවස්ථාවද මෙය වේ. අවසන්වරට ඔහු රංගනයෙන් දායක වූ සියලු චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 75 – 100 අතර මුදලක් වියදම් කර තැනුණ බොලිවුඩ් චිත්‍රපටය. එමෙන්ම සයිරා වසීම් බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ප්‍රථම වතාවද මෙය වේ. මීට පෙර ඔහු අමිර් ඛාන් රඟපෑ ‘දාංගල්’ චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කර තිබුණි.
සංගීතය
මෙම චිත්‍රපටය රියලිටි තරගයක් වටා ගෙතුන කතාවක් වුවද, මෙහි ඇතුළත්ව ඇති ගීත ප්‍රමාණය 6කි. ඒ සියලු ගීත අමිත් තිවේදි විසින් අධ්යක්ෂණ කර තිබේ. කවුසාර් මුනිර් විසින් මෙම ගීත සියල්ල පද රචනා කොට තිබේ. ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටයේ ඇතුළත් ගීත 6න් 5ක්ම ගායනා කර ඇත්තේ මෙග්නා මිස්රාය. ඉතිරි ගීතය මීකා සිං විසින් ගායනා කර ඇත.
තිරගත කිරීම
මෙම චිත්‍රපටය ඉන්දියාවේ සැප්තැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණද, ප්‍රංශයේ හා ඉන්දුනිසියාවේ ඔක්තෝබර් 19 වැනිදා ප්‍රදර්ශනය වෙයි. ඒ තුර්කිය තුළය. එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා දකුණු අප්‍රිකාවේ දී මෙම චිත්‍රපටය ඉන්දියාවේ තිරගත වන අතර, ඔක්තෝබර් 20 වැනිදාම ප්‍රදර්ශනය වේ. ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය තිරගත වන දිනයේදීම අජේ දේවගන්ගේ ‘ගෝල්මාල් අ ගේන්’ චිත්‍රපටය තිරගත වීමටද නියමිතව ඇත.