ළමයි නිදාගත්තට පස්සේ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න තාත්තා මම විතරද?
"සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට...." ගීතය ඇසුණු සැණින් ඔබට ගායකයා සිහිපත් වෙනවා ඇති. රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.
දැන් තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලාත් ඔබ දැනටමත් දන්නවා ඇති. තීක්ෂන පසුගියදා අපූරු වීඩියෝවක් අපූරු සටහනක් එක්ක ඔහුගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා.
තීක්ෂණ එයාගේ පුංචි පුතාලාගේ සෙල්ලම් බඩුවලින් සෙන්නම් කරන වීඩියෝවක් තමයි සමාජ ජාලාවල පළ කරලා තිබුණේ.
පහත දැක්වෙන්නේ ඒ වීඩියෝ පටය...
"තාත්තා ආස සෙල්ලම් බඩු ලමයින්ට කියලා අරගෙන ලමයි නිදාගත්තට පස්සේ සෙල්ලම් කරන්නේ මම තාත්තා විතරද?"
ළමයි නිදාගත්තට පස්සේ සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්න තාත්තා මම විතරද? සෙල්ලම් බඩු එක්ක