ළඟදිම බඳිනවා, දැන්ම නෙවෙයි කියපු ටනාශා හතරසිංහ රහසේම යුග දිවියට ? මෙන්න ජායාරූප පෙළ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය, ආකර්ශනය දිනාගත්ත සුන්දර රුවැත්තියක් තමයි ටනාශා හතරසිංහ කියන්නෙ. පස්සෙ කාලෙක ඇය සිනමා තිරයටත් පිවිසුණා ඔබට මතක ඇති. කොහොම වුණත් ටනාශා ඇගේ පෙම්වතා ගැන පසුගිය දවසක මුල් වතාවට හෙළි කළා.

ඒ විතරක් නෙවෙයි, පෙම්වතා එක්ක වෙඩින් එකකට ගිය වීඩියෝවකුත් ටනාශා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඔය සියලු දේ සිද්ධ වෙන අතරේ ටනාශා තරුණයෙක් එක්ක කරපු වෙඩින් ෆොටෝ ෂූට් එකකුත් එළියට එනවා.

හැබැයි ඉතින් මේක ෂූට් එකක් විතරයි. බලන්නකෝ ටනාශා මනාලියක් විදිහට කොච්චර ලස්සන ද කියලා.